
34 වන රුසියානු ජාතික දිනය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ උණුසුම් සුබ පැතුම් එක්කරයි
2024 ජූනි 12 වනදාට යෙදෙන 34 වන රුසියානු ජාතික දිනය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ උණුසුම් සුබ පැතුම් එක්කර තිබේ.
ඒ නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ යුක්රේන භූමියේ සාමූහික බටහිරයන්ට එරෙහිව රුසියානුවන් විසින් සිදු කරන ලද ආරක්ෂණවාදී මෙහෙයුම් මෙතෙක් සාමූහික බටහිරයන්ට දැවැන්ත පරාජයන් අත් කර දී ඇති බවත්, රුසියානු ජනාධිපති අතිගරු ව්ලැඩිමීර් පුටින් මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රුසියානු රාජ්‍යය මෙම සියලු අභියෝග ජය ගන්නා බවට තරයේ විශ්වාස කරන බවත්ය.
ඉමහත් උද්යෝගයෙන් තම ජාතික දිනය සමරනු ලබන අපගේ සාම්ප්‍රදායික මිතුරන් වූ රුසියානු ජනතාවට උණුසුම් සුබ පැතුම් පිරිණමන බවද එම පෙරමුණ සඳහන් කරයි.
අදාළ නිවේදනය පහළින්...
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු ලෙවාන් එස්. දගාරියන් මැතිතුමා,
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය,
404, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
ගරු තානාපතිතුමනි,
2024 ජූනි 12 වනදාට යෙදෙන 34 වන රුසියානු ජාතික දිනයට ජාතික නිදහස් පෙරමුණේ උණුසුම් සුබ පැතුම්!
එක්සත් සමාජවාදී සෝවියට් රුසියාව දිය කර හැරීමෙන් පසුව පිහිටුවාගත් රුසියානු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු ජනරජයේ මහජන නියෝජිතයෝ 1990 ජූනි 12 වනදා පැවැත්වූ පළමුවන කොංග්‍රසයේදී ජූනි 12 වන දිනය රුසියානු ජාතික දිනය ලෙස නම් කරනු ලැබූහ.
කෙසේ වෙතත්, 1990න් ඇරඹි දශකය තුළ දී රුසියාව විසින් මෙම දිනය ඉමහත් උද්යෝගයකින් යුතුව සමරනු ලැබුවේ නැත. 2000-2008 කාලසීමාව තුළ වත්මන් රුසියානු ජනාධිපති අතිගරු ව්ලැඩිමීර් පුටින් මැතිතුමන් ප්‍රථම වරට රුසියාවේ ජනාධිපති පදවිය දැරූ අවස්ථාවේදී රුසියානු ජාතික දිනයට නව වටිනාකමක් එක් කිරීමට පියවර ගත්තේය. එතැන් පටන් රුසියාව සිය ජාතික දිනය, ජූනි 12 වන දින ඉමහත් උද්යෝගයෙන් සමරයි.
රුසියානුවන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු මේ වසරේ ජූනි 12 වන දින රුසියානු ජාතික දිනය සමරන බව අපගේ කියැවීමයි. යුක්රේන භූමියේ සාමූහික බටහිරයන්ට එරෙහිව රුසියානුවන් විසින් සිදු කරන ලද ආරක්ෂණවාදී මෙහෙයුම් මෙතෙක් සාමූහික බටහිරයන්ට දැවැන්ත පරාජයන් අත් කර දී තිබේ.
රුසියානුවන්ගේ ජයග්‍රහණය අධිරාජ්‍ය විරෝධී කඳවුරට නොමද ආස්වාදයක් ගෙන දුන් බව මේ මොහොතේ අපි ඉමහත් සතුටින් අවධාරණය කරන්නෙමු. කෙසේ වෙතත්, පරාජය හමුවේ අවසානයේ දී සාමූහික බටහිරයන් සිහි එලවාගත නොහැකිව, විවිධ සදාචාර විරෝධී ක්‍රම භාවිතා කරමින් රුසියානු රාජ්‍යයට පහර දීමේ අනතුරක් ඇති බව අපට හැඟේ.
සාමූහික බටහිරයන් රුසියාවට එරෙහිව මිලිටරි සහ මතවාදී යුද්ධයක් දියත් කිරීමට සියලු උපක්‍රම භාවිතා කරනු ඇති බවට සැකයක් නැත. නමුත් රුසියානු ජනාධිපති අතිගරු ව්ලැඩිමීර් පුටින් මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රුසියානු රාජ්‍යය එකී සියලු අභියෝග ජය ගන්නා බව අපගේ විශ්වාසයි.
අවසන් වශයෙන් ඉමහත් උද්යෝගයෙන් තම ජාතික දිනය සමරනු ලබන අපගේ සාම්ප්‍රදායික මිතුරන් වූ රුසියානු ජනතාවට උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට අපි කැමැත්තෙමු. මෙම මිත්‍රත්වය අතිගරු ව්ලැඩිමීර් පුටින් මැතිතුමන් විසින් අඛණ්ඩව ශක්තිමත් කරනු ලබන බව අපගේ විශ්වාසයයි. රුසියානු ජාතික දින සැමරුමට සම්බන්ධ වීමට ලැබීම අපට ගෞරවයක් බව ද මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමු.
ස්තුතියි.
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ(පා. ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
