News Category
From Date
To Date
Maximum Number of Result

බහු ධ්‍රැවීය ලෝකයක රුසියාවේ භූමිකාව: ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ පූර්ණ සැසිවාරයේදි පුටින් පහදයි

Jun 10, 2024 at 03:21 PM
|

Russia’s role in a multipolar world: Putin’s address to SPIEF plenary sessionරුසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ සාමාන්‍යයට වඩා වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති බවත් අන්‍යෝන්‍ය ගෞරවය මත ගොඩනැගුණු නව නැගී එන බහුධ්‍රැව ලෝකයකට සක්‍රීයව අනුගත වෙමින් සිටින බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ (St. Petersburg International Economic Forum -SPIEF) පූර්ණ සැසිවාරය අමතමින් පසුගිය 07 වනදා ප්‍රකාශ කළේය. 

රුසියානු රාජ්‍ය නායකයා සමඟ බොලිවියානු ජනාධිපති ලුයිස් ආර්ස් සහ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා මෙන්ම දේශපාලන විද්‍යාඥයකු සහ උසස් ආර්ථික විද්‍යා පීඨයේ සම්මානනීය මහාචාර්යවරයකු වන සර්ජි කරගනොව් ද වේදිකාවට එක්ව සිටියහ.

රුසියානු රාජ්‍ය නායකයාගේ පැයකට ආසන්න කාලයක් කළ දේශනයේදි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ ගැටළු ගණනාවක් මෙන්ම ජාත්‍යන්තර තරඟකරුවන් සමඟ අඛණ්ඩව සබඳතා ගොඩනඟා ගනිමින් නුදුරු අනාගතය සඳහා රුසියාව ලබාගත යුතු ජයග්‍රහණ සහ ඉලක්ක සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

St. Petersburg International Economic Forum -SPIEF

මෙම වසරේ පැවැති 27 වැනි වාර්ෂික SPIEF සමුළුවට ප්‍රමුඛ සමාගම්වල කොටස් හිමියන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු කීර්තිමත් විශේෂඥයින්, විශ්ලේෂකයින්, දේශපාලන, මහජන සහ රාජ්‍ය නිළධාරින් ඇතුළු රටවල් 100කට වඩා වැඩි රටවල් සංඛ්‍යාවකින් 2,000කට අධික පිරිසක් සහභාගී වූ බවද  පුටින් සිය දේශනයේදී පවසා සිටියේය.

ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගැනීමට, ඒකාබද්ධ ව්‍යාපෘති දියත් කිරීමට සහ ගෝලීය සහ කලාපීය වෙළෙඳපොළ තුළ වත්මන් ප්‍රවණතා සහ නවීන ලෝකයේ නවතම වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම සංසදය සුවිශේෂී අවස්ථාවක් ලබා දෙන බවද ඔහු අවධාරණය කළේය.

නව ලෝකය

රාජ්‍යය, සංස්කෘතිය සහ ආර්ථිකය යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන මත පදනම්ව ලොව පුරා රටවල් තම ස්වෛරීභාවය ශක්තිමත් කර ගැනීමේ තරඟයකට අවතීර්ණ වී ඇති බව පුටින් අවධාරණය කළේය. මීට පෙර ගෝලීය සංවර්ධනයේ නායකයින් ලෙස සැලකූ ජාතීන් ඔවුන්ගේ “අතීත මතකයකට සීමාවූ ආධිපත්‍යය දරන්නන්ගේ භූමිකාව” පවත්වා ගැනීමට අරගල කරන බවද පුටින් පෙන්වා දුන්නේය. 

 ලෝක ජනයා තම ජීවිතවල සෑම අංශයකම පාහේ පුපුරන සුලු තාක්‍ෂණික වර්ධනයක්  අත්විඳින බවත්, චීනය සහ ඉන්දියාව දැනටමත් ප්‍රමුඛ ලෝක ආර්ථිකයන් බවට පත්ව ඇති බවත් පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා අනෙකුත් දකුණු ආසියානු සහ අප්‍රිකානු රටවල් මේ සියවසේ මැද භාගය වන විට "ප්‍රධාන ගෝලීය ආර්ථික ක්‍රීඩකයින්" බවට පත්වීමේ මාවතේ ගමන් කරන බව අවධාරණය කළේය. 

රුසියාව

රුසියාව ද තාක්‍ෂණික වර්ධනයන් සඳහා ඉහළ මට්ටමේ සූදානමක් සහ අනුවර්තනයක් පෙන්නුම් කර ඇති බව පුටින් සඳහන් කළේ රටේ මූල්‍ය අංශය, ඊ-වාණිජ්‍යය, ප්‍රවාහන සේවා සහ හමුදාව දැනටමත් කාලයට අනුකූලව දැඩි වෙනස්කම්වලට භාජනය වී ඇති බව පෙන්වා දෙමිනි.

විදේශ ආර්ථික සබඳතා

ගෝලීය වෙළඳාමේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස රුසියාව සිය ස්ථාවරය පවත්වා ගැනීමට උත්සාහ කරන බව පුටින් අවධාරණය කළේය. “සියලු බාධාවන් සහ නීති විරෝධී සම්බාධක නොතකා, රුසියාව අඛණ්ඩව ක්‍රියාකාරීව සැපයුම්  සංවර්ධනය කරමින් සහ රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ජාතීන් සහ කලාප සංඛ්‍යාව පුළුල් කරන බවද පෙන්වා දුන්නේය.

2020 සිට 2023 දක්වා ආසියානු රටවල් සමඟ රුසියාවේ වෙළඳාම 60% කින්ද, මැද පෙරදිග සමඟ දෙගුණයකින්ද, අප්‍රිකාව සමඟ 69% කින්ද ලතින් ඇමරිකානු කළාපය සමඟ 42% කින්ද වර්ධනය වී ඇතැයි පුටින් පෙන්වා දුන්නේය.

සමාන හවුල්කාරිත්වය

පූර්ණ පරිමාණ තාක්ෂණික සහ කාර්මික හවුල්කාරිත්වයන් මත පදනම්ව අනෙකුත් රටවල් සමඟ ආර්ථික සබඳතා ගොඩනඟා ගැනීම, ජාතික පිරිස් පුහුණු කිරීම සහ දේශීය නිෂ්පාදන සමඟ භාණ්ඩ හා සේවා සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දීම රුසියාවේ අරමුණ බව පුටින් අවධාරණය කළේය.

සමාන කොන්දේසි මත පදනම් වූ එවැනි ප්‍රවේශයක් ලබාදීම මෙන්ම ඒකාධිකාරය වෙනුවට තාක්ෂණයන් හුව මාරු කිරීම, ජාතීන් අතර ශක්තිමත් සහ ඔරොත්තු දෙන සබඳතා ගොඩනඟා ගනිමින් සමාගම්වලට “දිගු කාලීන” ක්‍රියාකාරිත්වයකට ඉඩ සැලසීම අරමුණු කරගන්න බවද රුසියානු ජනාධිපතිවරයා පැවසීය.

බටහිර මූල්‍ය ක්‍රමය කෙරෙහි විශ්වාසය පළුදු වීම

 බටහිර රටවල් විසින් නඩත්තු කරන ගෙවීම් පද්ධතිවල විශ්වසනීයත්වය පිළිබඳ ගෝලීය විශ්වාසය බටහිර රටවල් විසින්ම  “මූලික වශයෙන් පළුදු කර ඇති” බව පුටින් අවධාරණය කළේය.

2021 සහ 2023  වර්ෂවල “හිතවත් නොවන රාජ්‍යවල විෂ සහිත මුදල්” වලින් රුසියානු අපනයන සඳහා කරනු ලබන ගෙවීම් කොටස හරි අඩකින් අඩු වී ඇති බව පෙන්වාදුන් රුසියානු ජනාධිපතිවරයා රූබල් මගින් ගෙවීම් තුන් ගුණයකින් වැඩි වී එම ප්‍රමානය 40% සීමවට ට ළඟා වූ බවද පෙන්වා දුන්නේය.

නව BRICS ගෙවීම් පද්ධතිය

රුසියාව දැනටමත් විදේශ වෙළඳාමේ ජාතික මුදල් භාවිතය වැඩි කරමින් සිටින අතර, ලොව පුරා නව සාමාජිකයින් පිළිගැනීමට අඛණ්ඩව කටයුතු කරන බ්‍රික්ස්  කණ්ඩායම, දේශපාලනයට යටත් නොවන  පීඩනය, අපයෝජනය හෝ බාහිර සම්බාධක මැදිහත්වීම් තමන්ගේම ස්වාධීන ගෙවීම් පද්ධතියක් සංවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව පුටින් පෙන්වා දුනේය.

රුසියානු ආර්ථිකය

2023 වසරේ 3.6% ක වර්ධන වේගයක් වාර්තා කිරීමෙන් පසු මේ වසරේ පළමු කාර්තුවේ දී රුසියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.4% දක්වා ළඟා වූ බව පුටින් පෙන්වා දුන්නේය. ලෝකයේ විශාලතම ආර්ථිකයන්ගෙන් එකක් වීමට දිගු කලක් තිස්සේ රුසියාව උත්සාහ කර ඇති බව ප්‍රකාශ කළ පුටින් තමා ඒ අනුව ඉහත අනාවරණය කළ බව පැවසුවේය. නවතම ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව, රුසියානු ආර්ථිකය දැන් ජපානය අභිබවා යමින් මිලදී ගැනීමේ බල සමානාත්මතාවය (purchasing power parity-PPP), අනුව සිව්වන ස්ථානයේ ස්ථානගතව සිටින බවද ඔහු අවධාරණය කළේය.

රුසියාවේ අනාගතය

රුසියානු නායකයා රුසියාවේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට සහ ගෝලීය වේදිකාවේ ප්‍රධාන පාත්‍රවර්ගයා  ලෙස රැඳී සිටීමට රුසියාව ගත යුතු පියවර ගණනාවක් ගෙනහැර දැක්වීය. මෙම පියවරවලට මූල්‍ය, තාක්‍ෂණික සහ පුද්ගල ස්වෛරීභාවය ශක්තිමත් කිරීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ විදේශීය හා දේශීය වෙළඳපල තුළ රුසියානු නිෂ්පාදනවල තරඟකාරිත්වය ඉහළ නැංවීමද ඇතුළත් වේ.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුටින් රුසියානු ආර්ථිකයට ව්‍යුහාත්මක වෙනස්කම් දහයක් යෝජනා කළේය. එනම් රට පුරා නව ව්‍යාපෘති සඳහා ආයෝජන වැඩි කිරීම සහ ආර්ථික සංවර්ධනයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරවල කාර්යභාරය ශක්තිමත් කිරීම, ව්‍යාපාර දිරිගැන්වීම සඳහා නව මූල්‍ය මෙවලම් නිර්මාණය කිරීම, වෘත්තීය තත්වය වැඩිදියුණු කිරීම මෙන්ම අධ්‍යාපන ක්‍රමය, ස්වයංක්‍රීයකරණය සහ කෘත්‍රීම බුද්ධි තාක්ෂණය භාවිතා කිරීම තුළින් ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීම, දරිද්‍රතාවය අඩු කිරීම සහ රුසියානු පවුල්වල ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම යන කාරණා ඒ අතර වෙයි.

සම්බන්ධිත පුවත් | Related News

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.
ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.
මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

ප්‍රධාන පුවත්

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.