රටට විනාශය කැඳවීමේ දී රනිල් සහ සජිත් අතර වෙනසක් නැහැ - 13 බලාත්මක කිරීමට ජේ.ආර්ටවත්, ආර්. ප්‍රේමදාසටවත් ධෛර්යයක් තිබුනේ නැහැ
කිලිනොච්චියේ පසලක පැවැත් වූ උත්සවයක දී, තමාගේ ආණ්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමිසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,
"රටට විනාශය කැඳවීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර වෙනසක් නැති බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් තවදුරටත් ඉතා හොඳින් පැහැදිලි වෙනවා.
2002 දී සහ 2015 සිට රනිල් වික්‍රමසිංහ මහතා බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා ගනුලැබූ සෑම ක්‍රියාමාර්ගයක දීම ඔහු සහාය දැක්වුවා. ඔවුන් දෙදෙනා අතර ව්‍යාජ පුද්ගලික ප්‍රශ්නයක් මිස ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ පියා ආර්. ප්‍රේමදාස මහතා ඉන්දු - ලංකා ගිවිසුමට විරුද්ධ වූ අයෙක්. ඔහු 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ජේ. ආර් පවා 13 බලාත්මක කිරීම වෙනුවට ඊට බාධා කිරීමට තමයි කටයුතු කළේ. දැන් 13 සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට රනිල් - සජිත් අප්‍රකාශිත බෙදුම්වාදී සන්ධානය ප්‍රකාශ කරනවා. රටට ආදරය කරන ජාතික බලවේග මේ තත්ත්වය තේරුම්ගන්න ඕන. අනාගත රනිල් - සජිත් සන්ධානය පරාජය කිරීමට පෙළගැසිය යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?