
විදුලි ගාස්තු 22%කින් නග්ගනවා හැර වෙන විකල්පයක් නැහැලු
ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය දරාගැනීමට නම් ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට විසිදෙකකින් ඉහළ දැමීම හැර කිසිදු විකල්පයක් නැතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසයි.
ලංවිම, මහජන උපයෝගිතා කොමිසමෙන් කර තිබෙන ඉල්ලීමකට අනුව සියයට විසිදෙකක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම හෝ සෑම කාණ්ඩයකම ඒකකයක මිල රුපියල් අටකින් ඉහළ දැමීම කළ යුතු බව ද ඔහු සඳහන් කරයි.
විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිම කළ ඉල්ලීමෙන් පසුව මණ්ඩලයේ අවසන් මාස තුනේ ආදායම් වාර්තා, කොමිසම වෙත ලබාදී ඇති අතර, ඒ අනුව ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් වනවිට ලංවිම ආදායම රුපියල් මිලියන 4573 කින් පහළ බැස ඇති බව සඳහන්ය.
මේ වනවිට මහ භාණ්ඩාගාරය මගින් ලංවිමට මුදල් ලබා නොදීම හා බැංකු පද්ධතියෙන් ණය ලබා නොදීම නිසා මණ්ඩලයේ පිරිවැය පියවා ගැනීමට ඇති එකම විකල්පය ගාස්තු ඉහළ දැමීම යැයි ද මණ්ඩලය දැනුම් දී ඇත.
ඒ අනුව ලබන 18 වැනිදා වනවිට මහජන අදහස් ගෙන මහජන උපයෝගිතා කොමිසම සිය මතය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි කොමිසමේ නිලධාරීහු පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
බක් පුර පසළොස්වක පොහොය අදයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන
ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?
දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව
මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්
ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි
ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි
බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්
