අල්ලස් කොමිසමේ කැඳවීමට හිටපු ජනපති රනිල්ගෙන් පිළිතුරු (නිවේදන)
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හට පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්වත් කිරීමක් අද (11) සිදුකෙරුණා.
ඒ සම්බන්ධයෙන් පිළිතුරු නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ කාර්‍යාලය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති වශයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියා කර තිබෙන අතිශය වේගවත් ස්වරූපය පුදුමය දනවන සුළු බවයි.
එමෙන්ම, ඉහත ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ප්‍රථමවරට ප්‍රචාරය වූයේ ඊයේ (10) සවස හයට බවත්, එදින රාත්‍රියේ සිට පසුදින කාර්යාල විවෘතවන වේලාව තෙක් කිසිදු නිලධාරියෙක් කොමිෂන් සභාවේ රාජකාරි නොකළ බව තහවුරු වී ඇති අතර, කොමිසමට කැඳවීමට අදාළ ලිපිය viii වැනි විධායක ජනාධිපතිවරයාගේ කාර්යාලයට ලැබුණේ අද (11) දහවල් 12.30 ට පමණ බවයි.
ඒ අනුව, ප්‍රකාශය කර පැය 18 ක් ගත වීමට මත්තෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දීම කර ඇති බවත්, නිලධාරීන් කොමිසමේ රාජකාරි නොකරන රාත්‍රී කාලය අඩු කළ විට සියලු දේ සිදුව ඇත්තේ පැය තුනක පමණ කාලයක් ඇතුළත බවයි.
එහිදී, එම කාලය තුළ ඉහත ප්‍රකාශයට අදාළ ලිපි ගොණුව නිලධාරින් විසින් සකසා එය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර නියමය නිකුත් කිරීම වෙනුවෙන් කොමිෂන් සභාවද රැස්කර තිබෙන බව පැහැදිලිවම නිරීක්ෂණය වන බවත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙම ක්‍රියාකාරීත්වය ලෝක වාර්තාවක් තැබීමට සමාන වන බවත් එම නිවේදනයේ සඳහන්.
කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ වන බවත්, හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ නීතිඥයනුත් මේ කාලය තුළ කොළඹ රැඳී නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමට පියවර ගැනෙනු ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
එම නිවේදනය පහතින්,

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි