ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිට එරට ආරක්ෂක අංශවලින් දැනුම්දීමක්
ඊශ්‍රායල - පලස්තීන ගැටුම්වලට මැදි ව අතුරුදන් වී ඇති බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ශ්‍රි ලංකා තානාපතිවරයාට පවතින වාතාවරණය හමුවේ එම සංචාරය නතර කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් සිදු කළ දැනුම්දීමකට අනුව සිය සංචාරය නතර කර යළි පැමිණිමට සිදු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.
ගැටුම්වලට මැදි වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ වන විට අතුරුදන් ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
ඔවුන් පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (11) දිනයේ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඇතුළු නියෝජිතයන් බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇති අතර, කෙසේ වෙතත් එම ප්‍රදේශයට යළිත් ප්‍රාහාර එල්ල වීම හේතුවෙන් ඉන් ඉවත් වන ලෙසට එරට ආරක්ෂක අංශ දැනුම්දීමක් සිදු කළ බව තානාපතිවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව අතුරුදන් වූ බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් ලබාදිය නොහැකි බව නිමල් බණ්ඩාර මහතා පවසා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි