අනුර – සජිත් ITN විවාදය ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිෂ්පාදනයක්... පිටපත රනිල්ගේ – නලීන් බණ්ඩාර කියයි (වීඩියෝ)
පසුගිය (6) දා රාත්‍රී ස්වාධීන රූපවාහිනී නාලිකාවේ තුලාව වැඩසටහනින් සූදානම් කළ සජිත් - අනුර අතර විවාදයට අනුර ආවත් සජිත් නොපැමිණීම නිසා සමාජ මාධය තුළ ‘සජිත් බියගුල්ලෙක්’ ලෙස හඳුන්වමින් මේ වනවිට විවිධ අදහස් පළවෙමින් තිබේ.
මෙම විවාදයට නොපැමිණීමට හේතු ලෙස සජබයේ නලින් බණ්ඩාර ඊයේ සවස ස්වාධීන රූපවාහිනියට ලිඛිතව දන්වා තිබුනේ මුලින් ආර්ථික කමිටු විවාදයට හා දෙවනුව නායක විවාදයට එකඟවී තිබියදී නායක විවාදය මුලට ගැනීම නිසා ඊට සහභාගී නොවන බවකි.
පසුව ඊයේ රාත්‍රී නාලිකාවට සජිත් නැතිව අනුර පමණක් පැමිණ නිවේදක සුදර්මන් සමග සාකච්ඡා වැඩසටහනක් පැවැත්වූ අතර සජිත්ගේ නොපැමිණීම කැපී පෙනුණි.
ඊයේ (7) මෙම සහභාගී නොවීම ගැන හේතු දක්වමින් සජබයේ නලීන් බන්ඩාර පාර්ලිමේන්තුවේදී චෝදනා මුඛයෙන් මෙසේ සඳහන් කළේය.
“ඔබ තුමාලා මේ ආර්ථික විවාදය ගැන කතා කරනකොට අපිට ඊයේ හොඳ ලස්සන විවාදයක් දැක්කා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාගේ පිටපතකට, රනිල් වික්‍රමසිංහ මහත්මයා සභාපතිවරයා හැටියට අයිටීඑන් එකට පත්කරපු සුදර්ශන ගුණවර්ධන ගේ අධ්යක්ෂණය යටතේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිෂ්පාදනයක් විදිහට මේක කෙරුනේ. ප්‍රධාන නළුවා විදිහට අනුර කුමාර දිසානායකත් ප්‍රධාන සහාය නළුවා විදිහට අර යකඩ සුදා විදිහට බොහොම ප්‍රසිද්ධ ගුධර්මන් ද නෑ.. සුධර්මන් රදලියගොඩ කියලා කෙනෙක් ලස්සන නාට්‍යයක් ඉදිරිපත් කළා.
අපි දැක්කා ඒ ගොල්ලෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙදිද කොහෙද? කලින් ටිකක් පුහුණු වෙලා එහෙම ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ විවාදය ගැන මුලින්ම මම තමයි අභියෝග කළේ. මෙයින් හර්ෂ සිල්වා, කබීර් හෂීම්, එරාන් වික්රමරත්න කියන අපේ ආර්ථික කමිටු තුන්දෙනත් එක්ක හැබැයි විවාදයෙන් පළා ගිහිල්ලා ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නා අතර විවාද කරමුයි කියලා මේක කරේ. සුධර්මන් රදලියගොඩ කියන්නෙ කවුද කියලා අපි හොඳට දන්නවා. යකඩ කොල්ලයක් සම්බන්ධව යකඩ වංචාවක් සම්බන්ධව ඇරස්ට් කරපු කෙනෙක්.
ඒ වගේම තමන්ගේ නාලිකාවේ ප්‍රවෘත්ති කියන නිවේදිකාවකට ලිංගික අතවර කරන්න ගිහිල්ලා මාට්ටු වෙච්ච කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක තමයි එකතුවෙලා ඊයේ ඔය විවාදය රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාගේ පිටපතකට අනුව ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවේ.
ඔයිට කලින් විජය පත්තරේ ඔය වැඩේ කරන්න හැදුවා. ඊට පස්සේ අයිටීඑන් එක මේක බාරගත්තා. ඒ වෙනුවෙන් තමා අපිට ලියුමක් එව්වා අයිටීඑන් එකේ මෙන්න මෙහෙම විවාදයක් තියෙනවා කියලා. ඒ නිසා ඌරු නාම්බෙක් එක්ක විවාද කරන්න අපි මඩ වගුරට ඊයේ ගියේ නෑ. හැබැයි මේ රටේ ස්වාධීන ආයතනයක් මැදිහත් වෙන ඕනෑම විවාදයකට අපේ ආර්ථික කමිටුවත් අපේ නායකතුමත් එනවා. පිටපතට ජනාධිපති ලේකම් කාර්යාලය නුත් විශාල සහයෝගයක්, ශක්තියක් ලබා දුන්නා කියන එක අපි දන්නවා. ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අනියම් වැටුප් ගන්න ටෙලිකොම් එකේ යකඩ හොරකම් කරනවා කියලා ලිපිලේඛන සකස් කරගත්තු සුධර්මන් රදලියගොඩ අනුර කුමාර එකට මැච් උනාට සුධර්මන් රදලියගොඩ යි අනුර කුමාර ඉන්න තැන ඉඳගන්න සජිත් ප්රේමදාස සූදානම් නෑ සමගි ජනබලවේගය සූදානම් නැහැ. ඊයේ උනේ ඔය ෆේස්බුක් එකේ කොටන අයට අර බයියෝ සෙට් එකම තමයි තාම කොටන්නෙ. ඒ අයට චූන් උනාට අපිට චූන් නැහැ.
අපි විවාද වලින් පලා යන්නේ නෑ. අපේ ආර්ථික කමිටුවේ වාදයටත් නායකත්වයත් නායක අතර විවාදයත් අපි ස්වාධීන තැනක පිරිසක් එක්ක කරන්න සූදානම්.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?