
අනුර – සජිත් ITN විවාදය ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිෂ්පාදනයක්... පිටපත රනිල්ගේ – නලීන් බණ්ඩාර කියයි (වීඩියෝ)
පසුගිය (6) දා රාත්‍රී ස්වාධීන රූපවාහිනී නාලිකාවේ තුලාව වැඩසටහනින් සූදානම් කළ සජිත් - අනුර අතර විවාදයට අනුර ආවත් සජිත් නොපැමිණීම නිසා සමාජ මාධය තුළ ‘සජිත් බියගුල්ලෙක්’ ලෙස හඳුන්වමින් මේ වනවිට විවිධ අදහස් පළවෙමින් තිබේ.
මෙම විවාදයට නොපැමිණීමට හේතු ලෙස සජබයේ නලින් බණ්ඩාර ඊයේ සවස ස්වාධීන රූපවාහිනියට ලිඛිතව දන්වා තිබුනේ මුලින් ආර්ථික කමිටු විවාදයට හා දෙවනුව නායක විවාදයට එකඟවී තිබියදී නායක විවාදය මුලට ගැනීම නිසා ඊට සහභාගී නොවන බවකි.
පසුව ඊයේ රාත්‍රී නාලිකාවට සජිත් නැතිව අනුර පමණක් පැමිණ නිවේදක සුදර්මන් සමග සාකච්ඡා වැඩසටහනක් පැවැත්වූ අතර සජිත්ගේ නොපැමිණීම කැපී පෙනුණි.
ඊයේ (7) මෙම සහභාගී නොවීම ගැන හේතු දක්වමින් සජබයේ නලීන් බන්ඩාර පාර්ලිමේන්තුවේදී චෝදනා මුඛයෙන් මෙසේ සඳහන් කළේය.
“ඔබ තුමාලා මේ ආර්ථික විවාදය ගැන කතා කරනකොට අපිට ඊයේ හොඳ ලස්සන විවාදයක් දැක්කා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාගේ පිටපතකට, රනිල් වික්‍රමසිංහ මහත්මයා සභාපතිවරයා හැටියට අයිටීඑන් එකට පත්කරපු සුදර්ශන ගුණවර්ධන ගේ අධ්යක්ෂණය යටතේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිෂ්පාදනයක් විදිහට මේක කෙරුනේ. ප්‍රධාන නළුවා විදිහට අනුර කුමාර දිසානායකත් ප්‍රධාන සහාය නළුවා විදිහට අර යකඩ සුදා විදිහට බොහොම ප්‍රසිද්ධ ගුධර්මන් ද නෑ.. සුධර්මන් රදලියගොඩ කියලා කෙනෙක් ලස්සන නාට්‍යයක් ඉදිරිපත් කළා.
අපි දැක්කා ඒ ගොල්ලෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙදිද කොහෙද? කලින් ටිකක් පුහුණු වෙලා එහෙම ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ විවාදය ගැන මුලින්ම මම තමයි අභියෝග කළේ. මෙයින් හර්ෂ සිල්වා, කබීර් හෂීම්, එරාන් වික්රමරත්න කියන අපේ ආර්ථික කමිටු තුන්දෙනත් එක්ක හැබැයි විවාදයෙන් පළා ගිහිල්ලා ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නා අතර විවාද කරමුයි කියලා මේක කරේ. සුධර්මන් රදලියගොඩ කියන්නෙ කවුද කියලා අපි හොඳට දන්නවා. යකඩ කොල්ලයක් සම්බන්ධව යකඩ වංචාවක් සම්බන්ධව ඇරස්ට් කරපු කෙනෙක්.
ඒ වගේම තමන්ගේ නාලිකාවේ ප්‍රවෘත්ති කියන නිවේදිකාවකට ලිංගික අතවර කරන්න ගිහිල්ලා මාට්ටු වෙච්ච කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක තමයි එකතුවෙලා ඊයේ ඔය විවාදය රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාගේ පිටපතකට අනුව ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවේ.
ඔයිට කලින් විජය පත්තරේ ඔය වැඩේ කරන්න හැදුවා. ඊට පස්සේ අයිටීඑන් එක මේක බාරගත්තා. ඒ වෙනුවෙන් තමා අපිට ලියුමක් එව්වා අයිටීඑන් එකේ මෙන්න මෙහෙම විවාදයක් තියෙනවා කියලා. ඒ නිසා ඌරු නාම්බෙක් එක්ක විවාද කරන්න අපි මඩ වගුරට ඊයේ ගියේ නෑ. හැබැයි මේ රටේ ස්වාධීන ආයතනයක් මැදිහත් වෙන ඕනෑම විවාදයකට අපේ ආර්ථික කමිටුවත් අපේ නායකතුමත් එනවා. පිටපතට ජනාධිපති ලේකම් කාර්යාලය නුත් විශාල සහයෝගයක්, ශක්තියක් ලබා දුන්නා කියන එක අපි දන්නවා. ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අනියම් වැටුප් ගන්න ටෙලිකොම් එකේ යකඩ හොරකම් කරනවා කියලා ලිපිලේඛන සකස් කරගත්තු සුධර්මන් රදලියගොඩ අනුර කුමාර එකට මැච් උනාට සුධර්මන් රදලියගොඩ යි අනුර කුමාර ඉන්න තැන ඉඳගන්න සජිත් ප්රේමදාස සූදානම් නෑ සමගි ජනබලවේගය සූදානම් නැහැ. ඊයේ උනේ ඔය ෆේස්බුක් එකේ කොටන අයට අර බයියෝ සෙට් එකම තමයි තාම කොටන්නෙ. ඒ අයට චූන් උනාට අපිට චූන් නැහැ.
අපි විවාද වලින් පලා යන්නේ නෑ. අපේ ආර්ථික කමිටුවේ වාදයටත් නායකත්වයත් නායක අතර විවාදයත් අපි ස්වාධීන තැනක පිරිසක් එක්ක කරන්න සූදානම්.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
