News Category
From Date
To Date
Maximum Number of Result

රනිල්ගේ විනාශකාරී අණපනත්වලට අත ඔසවන, “සිග්නල් කණු” බවට පත්ව සිටින පොහොට්ටු මන්ත්‍රී පිරිස රට යළි ගොඩගත නොහැකි අනතුරකට ඇද දමනවා - ජයන්ත සමරවීර

Jun 8, 2024 at 08:36 AM
|

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සම්මත වුවහොත් පාර්ලිමේන්තුව සතුව තිබෙන රාජ්‍ය මූල්‍ය බලය සහ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම මේ වන විට ජනාධිපති, මුදල් ඇමති, ආර්ථික කටයුතු ඇමති යන භූමිකා තුනම ඉටු කරන රනිල් වික්‍රමසිංහ මහතා අතට පත්වන බවත් අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන එන සියලු විනාශකාරී අණපනත්වලට අත ඔසවන “සිග්නල් කණු” බවට පත්ව සිටින පොහොට්ටු මන්ත්‍රී පිරිස එමඟින් මේ රට යළි ගොඩගත නොහැකි අනතුරකට ඇද දමන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන් සමරවීර මහතා පෙන්වා දෙයි.

“සර්වජන බලය” දේශපාලන එකමුතුව එහි බොරැල්ලේ පිහිටි මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

“රටේ සියලු සාරයන් දෙස් විදෙස් ජාවාරම්කරුවන් අතට පත්කිරීමට කටයුතු කරමින් සිටින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව එම කටයුත්ත පරිසමාප්ත කිරීම සඳහා පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා.

පනත් ත්‍රිත්වය හඳුනා ගනිමු!

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය විවාදයට ගැනීම ආරම්භ කෙරෙනවා. ඉන් පළමුවැන්න තමයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත. එමගින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තිබෙන රාජ්‍ය මූල්‍ය බලය මුළුමනින්ම සියතට ගනිමින් ඒකාධිපති බලයක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරනවා. දෙවැන්න තමයි රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත. ණය හිමියන්, පොලී ප්‍රතිශත තීරණය කිරීම ආදියෙහි සිට රාජ්‍ය ණය ගැනීමට අදාළ සමස්ත ක්‍රියාවලියම ජනාධිපතිවරයා සහ මුදල්, ආර්ථික කටයුතු අමාත්‍යවරයා වන තමා යටතට ගැනීමයි එමගින් රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන්නේ. තුන්වැන්න තමයි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත. මේ රටේ සියලුම රාජ්‍ය දේපළ පමණක් නොවෙයි ස්වාභාවික සම්පත් සියල්ලේ අයිතිය පිළිබඳව තීරණ ගැනීමේ තනි හැකියාව එමගින් රනිල් වික්‍රමසිංහ මහතාට ලැඛෙනවා.

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය සම්මත කරලා ඒකාධිපති බලයක් ගොඩනගාගෙන  ශ්‍රී ලංකාව තමන්ගේ පෞද්ගලික බූදලයක් සේ පාලනය කරන්න, වෙනත් ආකාරයකින් කිවහොත් පාර්ලිමේන්තුව සතුව තිබෙන රාජ්‍ය මූල්‍ය බලය සහ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ බලය තමන් අතට ගන්න තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ. එහෙම ඒකාධිපති බලයක් හදාගෙන, මේ රට බංකොලොත්භාවයට රැගෙන ගොස් තිබෙන, 1977න් ඇරඹි වැරදි ආර්ථික ගමන් මගෙහි අවසන් ඉම තෙක් රැගෙන යාමයි ඔහුගේ අපේක්ෂාව වී තිබෙන්නේ.

ගජ මිතුරු සෙල්ලම යළිත්…

මෙම පනත් කෙටුම්පත් සමීපව අධ්‍යයනය කළොත් ඒවායේ තිබෙන රටට, ජනතාවට ඉතාමත් හානිකර ප්‍රතිපාදන මේ ආකාරයට වටහාගත හැකියි. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සම්මත වුවහොත් එමඟින් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය හැකි අතර ඊට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලබන්නේ ද මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාමයි. ඔහුට පුළුවන් එම පුටුවට මහ බැංකු බැඳුම්කර වංචාවේ “මහ මොළකරු” අර්ජුන මහේන්ද්‍රන් පවා පත් කරන්න; ඒ වගේම අර්ජුන් ඇලෝසියස්වත් බැඳුම්කර වෙළඳපොළ තුළ සක්‍රිය කරවන්න.

වසර පහකට රනිල්ට ලැබෙන දේ…

ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත වුණාම ජනාධිපති රනිල් වික්‍රමසිංහට මුදල් අමාත්‍යවරයා, ආර්ථික කටයුතු අමාත්‍යවරයා හැටියට බලතල ලැබෙනවා, ‘මේ රටේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යනවා ද විකුණා දමනවා ද, ඒවායේ සේවක සංඛ්‍යා, වැටුප් කෙසේ විය යුතු ද?’ ආදී සියලු තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කරන්න. ඒ වගේම වසර පහක කාලපරිච්ඡේදයක් සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීමේ තනි වගකීමත් එම පනතින් ඔහුට ලැබෙනවා.

ජාතික සම්පත්වල ඉරණම…

ඒ වගේම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත වුණාම මේ රටේ සියලුම රාජ්‍ය දේපළ පමණක් නොවෙයි සියලු ස්වාභාවික සම්පත් ඒ කියන්නේ අපේ ඛනිජ සම්පත, ජල සම්පත, සාගර සම්පත, වන සම්පත අපේ ගුවන යන සියල්ලේ අයිතිය පිළිබඳව තීරණ ගැනීමේ හැකියාව (පාර්ලිමේන්තුවට ද නොදන්වා) ජනාධිපති, මුදල් ඇමති, ආර්ථික කටයුතු ඇමති යන වගකීම් දරන මේ රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනවා.

පොහොට්ටු “සිග්නල් කණු” කරන කැත වැඩේ

මේ මහා අපරාධය කරන්න පුළුවන් වෙන්නේ 69 ලක්ෂයේ ජනවරමට උරුමකම් කියන, අද රනිල් වික්‍රමසිංහ මහතාගේ දීන දාසයන් පිරිසක් බවට පත්ව ඇති පොහොට්ටු “සිග්නල් කණු” ටික අත එසවුවහොත් පමණයි. ඔවුන් අත එසවුවහොත් විදුලි බල පනත වගේම මේ හානිකර පනත් ත්‍රිත්වය ද සම්මත වේවි. අපි දුටුවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සති දෙකකට පමණ පෙර ප්‍රකාශයක් නිකුත් කොට තිබුණා, ‘මෙවැනි රාජ්‍ය දේපළ විකුණා දැමීමේ හෝ රාජ්‍ය ණය පිළිබඳ හෝ රාජ්‍ය මූල්‍ය පිළිබඳ හෝ තීරණ ගැනීමේ අයිතියක් 69 ලක්ෂයේ ජනවරමේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහට නොහැකියි’ කියා. දැන් මේ ප්‍රකාශයට අනුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටු මන්ත්‍රීවරුන් කටයුතු කරාවිද කියා අපට බැලිය හැකියි.

අපි ‘සර්වජන බලය’ දේශපාලන එකමුතුව විදිහට මේ පනත් කෙටුම්පත් ත්‍රිත්වය පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ගත හැකි සියලු පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා සියලු ප්‍රගතිශීලී ජනකොටස්වල සහයෝගය ඉල්ලා සිටිනවා.”

යුතුකම’ ජාතික සංවිධානය වෙනුවෙන් එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත ඊයේ (04) පැමිණිල්ලක් ගොනුකරනු ලැබීය.
අර්ජුන මහේන්ද්‍රන් දැන් සිංගප්පූරුවේ සිටින්නේ සිය නම වෙනස් කරමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන හෙට (06 වැනිදා) මැතිවරණ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා පොලිසියේ සහ යුද හමුදාවේ නිලධාරීන් යොදවන බව යුද හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු පවසති.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11.00 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර යෝජිත ඒකාබද්ධ ව්‍යාපාරයක් හරහා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය නව ආයෝජකයන්ට විවෘත කිරීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 07 වනදා සිදුකිරීමට ලංසු කැදවයි.
හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.

ප්‍රධාන පුවත්

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.