
ජනපති රනිල් හා ඉන්දීය විදේශ ඇමැති අතර ගිවිසුම් 3ක්
ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු බවත් දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශ්වික ගිවිසුම් තුනකට එළැඹීම ද සිදු කෙරුණු බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එසේම ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරට ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කිරීමද මෙහිදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි නගාසිටුවීම වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති නවයක් කඩිනමින් අවසන් කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැපයීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුමටද මෙහිදී එළැඹිණි.
මේ යටතේ උතුරු පළාතේ පාසල් 27 ක් නවීකරණය කිරීම, මන්නාරම සහ අනුරාධපුර නිවාස ව්‍යාපෘති, හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය විද්‍යාලය වැඩිදියුණු කිරීම, පොළොන්නරුවේ බහු – වාර්ගික ත්‍රෛයි භාෂා පාසලක් ඉදිකිරීම, යාපනය ප්‍රදේශයේ වර්ෂා ජලය රැස් කිරීමේ ව්‍යාපෘති 2889 ක් ඉදිකිරීම, දඹුල්ල ප්‍රදේශයේ එළවළු සහ පලතුරු කල්තබා ගැනීම සඳහා මෙටි්‍රක් ටොන් 5000 ක ධාරිතාවයෙන් යුත් ශීතාගාර පහසුකම් ඉදිකිරීම, මඩකලපුව ශික්‍ෂණ රෝහල සඳහා නව ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදිකිරීම යන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
බක් පුර පසළොස්වක පොහොය අදයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන
ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?
දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව
මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්
ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි
ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි
බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්
