ශ්‍රීලනිප නව සන්ධානයේ මංගල රැලිය හෙට හම්බන්තොට දී.... අමරවීරලා, ලංසලා එකම වේදිකාවක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවා ගනු ලැබූ නව සන්ධානයේ මංගල රැලිය හෙට (8දා) සවස 2.00ට හම්බන්තොට නගරයේ දී පැවැත්වෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හා ඇමැති මහින්ද අමරවීර මහතාගේ පූර්ණ මෙහෙය වීම මත මෙම ජන රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් නව සන්ධානයට සම්බන්ධ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම මෙම ජන රැලියට සහභාගි වීමට නියමිත බව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
නව සන්ධානය ආරම්භ කිරීමත් සමග ඉදිරියේදී තවත් පක්ෂ, වෘත්තීය සමිති සිවිල් සංවිධාන සම්බන්ධකර ගනිමින් දැවැන්ත හා පුළුල් සන්ධානයක් ගොඩනඟා ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා සඳහන් කරයි.
මෙම ජන රැලියට නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලීන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරු සහ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන රැසක් සහභාගිවීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?