විදුලිබල පනතට අත උස්සා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තමන්ගේ අතින්ම තම මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගසාගත්තා - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ආණ්ඩුව මේ වන විට මෙරට ආර්ථික කලමණාකරණය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළීමට නැතෙහාත් අත්තනෝමතික ලෙස ඒකාධිපතිකරණය කිරීමට පනත් 4ක් ගෙනවිත් ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්මෙින් ඒ මහතා පැවසුවේ ඉන් එක් පනතක් වන රාජ්‍ය ණය කලමණාකරණ පනත මගින් ජනාධිපතිවරයාට මුදල් ඇමැතිවරයා ලෙස හිරේ නොයා, නඩු නොවැටී ඕනෑම ආකාරයකින් බැඳුම්කර නිකුත් කිරීමට මෙන්ම ඕනෑම ආකාරයක බැඳුම්කර මගඩියක් සිදුකිරීමට හැකියාව ලැබෙන බවයි.
එමෙන්ම ගෙනවිත් ඇති අනෙක් පනත වන රාජ්‍ය මුදල් කලමණාකරණ පනත මගින් අවුරුදු 5ක කාලයකට ජනාධිපතිවරයාට කැමැති ආකාරයකට රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය හා ආර්ථික උපායමාර්ගික සැලසුම් තීන්දු කිරීමට හැකි බව මෙහිදී වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන ලදී.
අනෙක් පනත වන ආර්ථික පරිවර්තන පනත හරහා රටේ ඕනෑම සම්පතක් විදේශීය සමාගම්වලට තමන්ගේ දේපළක් ලෙස විකුණා දැමීමට හැකි බවත් පවසන ඒ මහතා, ඉන් අනතුරුව ගෙන ආ විදුලිබල පනත ගෙන එනු ලැබූවේ විදුලිබල මණ්ඩලය කොටස් 14කට කඩා විදේශීය සමාගම්වලට විකුණා දැමීමේ අරමුණින් බවද සඳහන් කරයි.
මෙම විදුලිබල පනත ගෙනවිත් ඇත්තේ එම විදේශීය සමාගම්වලට ලාභ ඉපයිය හැකිවන පරිදි මිස මෙරට මහජන සේවාව සහතික වන අයුරින් නොවන බවද පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා, ශ්‍රේෂ්ඨාධිකරණය කුමන තීන්දුවක් ලබාදුන්න ද එම තීන්දු නොසලකා හරිමින් වචන හරඹවලින් මෙම පනත් සම්මත කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් සඳහන් කරයි.
1969 සිට විදුලිබල මණ්ඩලය මේ දක්වා මෙරට මහජන සේවාවක් ලෙස පවත්වාගෙන ගිය බවත්, ලාභ ඉපයීම එහි පරමාර්ථය නොවූ බවත්, කුමන දුර්වලතාවන් තිබුනද විදුලිය ලබාගන්නා ප්‍රතිශතය ඉහළ අගයකට ගෙන ඒමට විදුලිබල මණ්ඩලය සමත්වූ බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
එම ආයතනයේ වංචා, දූෂණ තිබුනද, ඒවා නිවැරදිකර ගනිමින් මහජන සේවයක් සේ සලකා ශක්තිමත් කරනවා වෙනුවට කෑලි 14කට කඩා තමන්ගේ හිතවත් ඉන්දියානු සමාගම්වලට විකුණා දැමීමේ අරමුණින් ආණ්ඩුව මෙම පනත ගෙන ආ බවද ඒ මහතා මෙහිදී චෝදනා කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම පනත මුලින්ම ගෙන ආවේ 2002 වසරේ දී බවත්, එදා ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා තනියම සටන්කර එම උත්සාහය පරාජය කළ බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, රනිල් වික්‍රමසිංහ මහතා එය නැවත වටයකින් ගෙන ආ විට පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ ජනවරමට පිටුපා එයට අත උස්සා ඇති බවත් සඳහන් කරයි.
පසුගිය කාලයේ දී මහජනයාට විදුලි බිල ගෙවා ගෙනීමට නොහැකිවූ විට ලක්ෂ 28කට රතු බිල් නිකුත් කළ බවද, ලක්ෂ 13කගේ විදුලිය කපාහැරිය බවද, මෙම මහා පාවාදීම මගින් මෙරට ජනයාගෙන් හරි අඩකට වඩා විදුලිය පරිභෝජනයට ඉදිරියේ දී ඉඩ නොලැබෙන බවද ඒ මහතා පෙන්වා දෙන ලදී.
මෙය මහජනයාගේ මූලික අයිතිවාසිකම් ඉතා දුෂ්ඨ ලෙස බිඳ දැමීමක් බවත් පවසන ඒ මහතා, විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩාදැමූ පසු ආණ්ඩුවක් තවදුරටත් අවශ්‍ය නොවන බවත් සඳහන් කරයි.
රටේ ජනතාවගෙන් 50%කට පමණ විදුලිය අහිමි කරමින්, ජාතික ආරක්ෂාව අනතුරට දමමින් විදේශීය සමාගම්වලට එය තීන්දු කිරීමට හැකිවන තැනට පත්වුවහොත්, රටේ බලශක්ති සුරක්ෂිතතාව, රටේ ස්වෛරීභාවය අනතුරේ වැටෙන බවත් පෙන්වාදෙන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, මෙය සියදිවි නසාගැනීමේ පනතක් බවත්, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තමන්ගේ අතින්ම තම මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගසා ගැනීමක් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?