
රුසියානු ඩ්‍රෝන යානා ප්‍රහරයකින් තවත් යුක්‍රේන ජෙට් යානයක් විනාශයි
රුසියානු යුද වාර්තාකරු ඇන්ඩ්‍රේ රුඩෙන්කො ගේ (Andrey Rudenko) නවතම යුද වර්තාවකට අනුව රුසියානු ගුවන් හමුදාවට අළුතින්ම එක්වී ඇති ලැන්සෙට් ( Lancet ) ඩ්‍රෝන යානයක්, යුක්‍රේන ගුවන් හමුද කඳවුරක ස්ථානගත කර ඇති Su-25 ප්‍රහාරක ජෙට් යානයක නියමු කුටියට සෘජුවම පහර දී විනාශ කිරීමට සමත්ව තිබේ.
ඇන්ඩ්‍රේ රුඩෙන්කො ඊයේ (11 ) ඔහුගේ ටෙලිග්‍රාම් සමාජ ගිනුමෙහි ඩ්‍රෝන ප්‍රහාරයේ කෙටි වීඩියෝවක්ද පල කර තිබුණි. ප්‍රහාරය යුක්‍රේනයේ ක්‍රිවෝයි රොග් නගරයට ආසන්න ඩොල්ජින්ට්සෙවෝ ගුවන් තොටුපළේදී සිදු කර ඇත. වෙනත් නිරීක්ෂණ ඩ්‍රෝන යානයක සවි කර තිබූ කැමරාවක රූගතවී ඇති දර්ශනවල දැක්වෙන්නේ කඳවුරේ නවතා ඇති යුක්‍රේන ප්‍රහාරක ජෙට් යානය වෙතටගමන් කරන බෝම්බය ප්‍රහාරක ජෙට් යානයේ නියමු කුටියටම එල්ල වන ආකාරයයි.
“
මෙම ප්‍රහාරය විශේෂ ප්‍රහාරයක් වන්නේ යුක්රේන ප්‍රහාරක යානය කිලෝමීටර් 120 ක් දක්වා පරාසයක් සහිතව වැඩිදියුණු කළ ඩ්‍රෝන යානා මගින් විනාශ කර ඇති බැවිනි,” රුඩෙන්කෝට අනුව යුක්‍රේන ප්‍රහාරක ජෙට් යානය විනාශ වන්නේ රුසියාව අළුතින්ම නිෂ්පාදනය කර ඇති කිලෝ මීටර 120ක දුරක් දක්වා ගමන් කළ හැකි ප්‍රහාරක අවියකිනි. මෙම ප්‍රහාරය පසුගිය මාසයේ අග භාගයේදී වීඩියෝ පටයක සටහන්ව තිබූ ලැන්සෙට් ඩ්‍රෝන යානයක් මගින් එම ගුවන් තොටුපලේදීම නවතා තිබූ යුක්‍රේන MIG-29 ජෙට් යානයක් සාර්ථකව විනාශ කරන ආකාරයට බොහෝ සෙයින් සමාන වේ . මොස්කව් හමුදා මෑත කාලයේ දී " kamikaze UAV " ඩ්‍රෝන යානා වල පරාසය දීර්ඝ කිරීම සඳහා වැඩි දියුණු කිරීම් සිදු කර ඇති අතර, එම යානා වලට දුරස්ථ කඳවුරු වෙත ලංවී ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ලැබේ.
Kalashnikov සමාගමේ අනුබද්ධිත Zala Aero සමාගම විසින් වැඩි දියුණු කරන ලද, " Lancet " ඩ්‍රෝන යානා වල ප්‍රභේද දෙකක් දැනට රුසියානු හමුදා විසින් භාවිතා කරනු ලැබේ. කුඩා මාදිලියේ " Lancet " ඩ්‍රෝන යානා වලට පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් රැගෙන විනාඩි 30ක් පියාසර කළ හැකි අතර විශාල මාදිලියකට කිලෝග්‍රෑම් 3ක් රැගෙන විනාඩි 40ක් පියාසර කළ හැකිය.
යානා දෙකම කිලෝමීටර 40ක පමණ පරාසයක් තුළ ක්‍රියාන්විත කළ හැකි යැයි විශ්වාස කළ ද සමාගම මෑතකදී “Lancet " ඩ්‍රෝන යානවල දෘඩාංග සහ මෘදුකාංග සංකීර්ණයේ නවෝත්පාදන ගණනාවක් කර ඇතැයි නිවේදනය කළේ වැඩිදියුණු කිරීම් “සෘජු ගුවන්විදුලි දෘශ්‍යතාවෙන් ඔබ්බට දිගු දුර ප්‍රහාර සක්‍රීය කරන බව” පවසමිනි. ”
https://www.rt.com/russia/584623-russian-drone-ukrainian-jet/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
බක් පුර පසළොස්වක පොහොය අදයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන
ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?
දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව
මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්
ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි
ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි
බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්
