
යෝජිත විදුලි පනත ඇතුළු රටට එරෙහි පනත් වහා හකුලා ගන්නා ලෙසට බල කෙරෙන අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
"යෝජිත විදුලි පනත ඇතුළු රටට එරෙහි පනත් වහා හකුලා ගනු" යන මැයෙන් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, ජාතික සංවිධාන සහ බහුජන සංවිධාන එක්ව 2024/06/03 දින සිට පාර්ලිමේන්තු වටරවුම අසලදී පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහය අද(6) දිනයේ ද පැවැත්වේ.
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් ජාමුණි කමන්ත තුෂාර මහතා මෙහිදී පැවසුවේ මෙරට ජනතාවගේ සම්පතක් වූ විදුලිබල මණ්ඩලය කොටස් 12කට කඩා විකිණීමට මහජනයාගේ ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ දරන බවයි.
ඉන්දියාවේ අදානි සමාගමට විදුලිබල මණ්ඩලය විකුණා දැමීම සඳහා ජනාධිපතිවරයා පිඹුරුපත් හදමින් සිටින බවද, ඊට එරෙහිව මෙරට සිවිල් සංවිධාන වශයෙන් දින හතරක් තිස්සේ මෙම සත්‍යග්‍රහය පවත්වන බවද, මෙම උත්සාහය පරාජය කරන තෙක් අඛණ්ඩව මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බවද එහිදී ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවට සියලුම මන්ත්‍රීවරුන් පැමිණ මෙම පනතට එරෙහිව ඡන්දය ලබාදිය යුතු බවත්, විශේෂයෙන් 69 ලක්ෂයක ජනවරමේ සහ පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුනේ මෙරට සම්පත් විකුණන්නේ නැති බව යැයිද සඳහන් කරන කමන්ත තුෂාර මහතා, පොහොට්ටුවේ මන්ත්‍රීවරු අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්වී සියලු සම්පත් විකුණා දැමීමේ ක්‍රියාන්විතයක නියැලී සිටින බවටද චෝදනා නගයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලිපියක්..
මහානාහිමියන්ට අපහාස කළා යැයි ජෙනරාල් දයා රත්නායකට මහජන විරෝධය..
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
සජබ සංවිධායකයෝ පෝලිමේ ඉල්ලා අස්වෙති..
කොළඹ වරායේ ඩොක්යාඩ් හි 51%ක කොටස් ඉන්දියන් සමාගමකට විකිණීමේ ක්‍රියාදාමයට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් ජනාධිපති අනුරට ලිපියක්..
දුමින්ද දිසානායක අත්අඩංගුවට
ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)
LTTE කොටි ත්‍රස්තයන් නිර්මාණය කළේ ඉන්දියාව බව සනාථ කරමින් ඉන්දීය හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. සන්තෝෂ් ජා සඟවන ඉන්දියාවේ දෙබඩි ප්‍රතිපත්තිය මෙන්න.. (වීඩියෝ)
එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..
මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..
චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති
ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)
ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
