
කොපමණ බාධා ආවත් මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමයි - අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියයි
කොපමණ බාධා කුමන ආකාරයකින් උද්ගත වුව ද නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීම බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ පැවසීය.
ඒ ඉකුත් වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් කඩව ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් කීපයක් යළි විභාගයට ගත් අවස්ථාවේදීය.
පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගැනුණි.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් පැවසූවේ, පළාත් පාලන ඡන්ද විමසීම නියම කළ පරිදි පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබූ බවයි.
නමුත් ඡන්දය පැවැත්වීමට මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වයන්ගෙන් බේරීමට රජය විසින් මැතිවරණ කොමිසම වෙත චෝදනා එල්ල කළ බව ද ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කළේය.
එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව සියලු තීරණ ගනු ලැබුවේ මැතිවරණ කොමිසමේ බහුතර සාමාජිකයින්ගේ එකඟත්වයෙන් බව ද ඔහු පැවසීය.
එමෙන්ම් විධායකය හිතාමතාම පළාත් පාලන ඡන්ද විමසීම අඩාල කිරීමට කටයුතු කළ බවට ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
