මහින්දානන්ද - ගුණතිලක වලිය ගැන ප්‍රකාශ ලබාගැනීම ඇරඹේ
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇති වු ආරවුල සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට කොටුව පොලීසිය තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව ලිඛිතව පාර්ලිමේන්තුවට දැනුම්දීමට ඊයේ (05)පස්වරුවේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ.
පසුගිය සඳුදා පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සිය පියාට පහරදීමක් සිදුකළ බවට ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා විසින් කොටුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබිණි.
අදාළ පැමිණිල්ලට අනුව කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
අදාළ ප්‍රකාශයෙන් අනතුරුව එම සිදුවීම සිදුවු ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට පොලීසිය තීරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?