
මහින්දානන්ද - ගුණතිලක වලිය ගැන ප්‍රකාශ ලබාගැනීම ඇරඹේ
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇති වු ආරවුල සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට කොටුව පොලීසිය තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව ලිඛිතව පාර්ලිමේන්තුවට දැනුම්දීමට ඊයේ (05)පස්වරුවේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ.
පසුගිය සඳුදා පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සිය පියාට පහරදීමක් සිදුකළ බවට ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා විසින් කොටුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබිණි.
අදාළ පැමිණිල්ලට අනුව කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
අදාළ ප්‍රකාශයෙන් අනතුරුව එම සිදුවීම සිදුවු ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට පොලීසිය තීරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
