News Category
From Date
To Date
Maximum Number of Result

අනෙක් නායකයන් සපත්තු හොයද්දි මං සෙරෙප්පු දාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා - ජනපති රනිල් කියයි

Jun 6, 2024 at 08:16 AM
|

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බවත් දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාවේ ද සියලුදෙනාගේ වගකීම වන්නේ දේශපාලනය පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී පැවති ජන හමුවකට එක්වෙමිනි.

රට තුළ සිදු වූ ආර්ථික කඩා වැටීමත් සමඟ, මෙරට දේශපාලනය ද කඩා වැටුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ අනුව පළමු වතාවට දේශපාලනය නොමැති ආණ්ඩුවක් නිර්මාණය වු බව ද සඳහන් කළේය.

ජනතාවට දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වුවද තවමත් රට ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, එබැවින් දේශපාලනයෙන් තොරව රට ගොඩනැඟීම වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව ද අවධාරණය කළේය.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වූ ජනාධිපතිවරයා අනතුරුව මෙම ජන හමුවට එක්වූ අතර ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.

ජන හමුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පැමිණෙන මාර්ගය දෙපස ද විශාල ජනතාවක් රැස්ව සිටී අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟද සුහද කථා බහක නිරත විය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් රුවන්වැල්ල පිහිටි මීදෙණිය වලව්ව වෙත ද පැමිණි ජනාධිපතිවරයා එහි මද වේලාවක් රැදී සිටියේය.

නැවත ගුවන් මගින්  කොළඹ බලා පැමිණෙන අතරතුර කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ජනතාව වෙනුවෙන් රජය මෙතරම් සහන ලබාදෙන්නේ කෙසේද කියා අද ඇතැම් අය ප්‍රශ්න කරනවා. උරුමය, අස්වැසුම මෙන්ම ජනතාවට නොමිලේ සහල් ලබාදීම වැනි වැඩසටහන් මෙම බංකොළොත් බව ප්‍රකාශ කෙරුණු ආණ්ඩුවකින් ක්‍රියාත්මක කරන්නේ කොහොමද යන ප්‍රශ්නය සියලුදෙනාට තිබෙනවා. මොකද රටේ ආර්ථිකය යහපත්ව පැවති කාලයේ මේවා ක්‍රියාත්මක කළේ නැහැ.

ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිකිරීමක් සිදු කිරිමට අප කටයුතු කළා. 2015 වසරෙන් පසු එවැනි වැටුප් වැඩිකිරීමක් සිදු වූ දෙවන අවස්ථාව එයයි. ඒ අනුව රජයේ සේවකයන් වෙනුවෙන් මෙතරම් වැටුප් වැඩිවීමක් සිදු වූයේ මෙරට ඉතිහාසයේ දෙවතාවයි. ඒ නිසා ආණ්ඩුව ජනතාවට මෙම සහන ලබාදෙන්නේ කෙසේද යන්න සියලුදෙනාගේ විමතියට කරුණක් වී තිබෙනවා.

අපි භාරගත්තේ ඉතා අසීරු තත්වයක තිබු රටක්. අනිත් නායකයන් ධාවන සපත්තු දැමු කාලයේ අපි සෙරෙප්පු දාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා. එසේම අපි නිසි ප්‍රතිපත්තියක් අනුව වැඩ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක ප්‍රජාවගේ විශ්වාසය දිනාගත්තා. වසර දෙකක් තුළ ආර්ථිකය ගොඩනැඟීමේදී ඉතා අසීරු තීරණ ගැනීමට අපට සිදු වුණා. බදු වැඩිකිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් එසේ කළහොත් ආර්ථිකය ගොඩගත හැකි බව අපි විශ්වාස කළා.

එතැන් සිට පළමු වතාවට දේශපාලනය නැති ආණ්ඩුවක් ලංකාවට තිබුණා. සෑම පක්ෂයක්ම එහි සිටියා. පක්ෂ අනුව බෙදීමක් තිබුණේ නැහැ. බෙදීම තිබුණේ හැකියාව සහ විශ්වාසය අනුව පමණයි. නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ එක ආසනයක් පමණක් තිබූ පක්ෂයකින් ජනාධිපතිවරයෙක් බිහි වන්නේ නැහැ. රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට මම එදා සියලුදෙනාගේ සහාය ඉල්ලා සිටියා. පිරිසක් අපට සහාය ලබා දුන්නේ නැහැ.

නමුත් මම සියලුදෙනා එක් කර ගනිමින් ඉදිරියට ගියා. පළමු වතාවට දේශපාලනය නැති කැබිනට් මණ්ඩලයක් නිර්මාණය වුණා. අප පක්ෂ බේදයකින් තොරව රටේ ආර්ථිකය ගොඩගැනීමට කැප වුණා.

අප සිටින්නේ සියලුදෙනා පටු සංකල්පවලින් තොරව එකට එක් විය යුතු කාලයකයි. අප තවම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඇවිත් නැහැ. ඉන්ධන, පොහොර ලැබුනට හොඳ අස්වැන්නක් ලැබුනට අප තවමත් ආර්ථික අර්බුදයෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙලා නැහැ. මේ වසර අවසන් වීමට පෙර බංකොළොත්භාවයෙන් ගොඩ ඒමට අපට හැකියාව තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. අප රට තුළ ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුයි. ඒ නිසා අපේ ආර්ථික ඉලක්ක අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ඇතිකරගෙන තිබෙනවා.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් අපි සැලැස්මක් අනුව කටයුතු කළයුතුයි. ඒ නිසා අපි සියලුදෙනාම මෙම අවස්ථාවේ දේශපාලනය පසෙක තබා රට දියුණු කිරීමට වැඩ කළයුතුයි. එංගලන්තය දෙවැනි ලෝක යුද්ධය කළා වගේ අප සියලුදෙනා එක්ව එම අභියෝගයට මුහුණ දිය යුතුයි. දේශපාලනය වෙනම තබාගෙන අප රට වෙනුවෙන් එකට වැඩ කරමු. පැරණි දේශපාලනයේ යෙදීමෙන් රට ඉදිරියට ගෙන යන්න බැහැ. අපි මේ රටේ තරුණයන්ට අනාගතයක් ගොඩනගා දිය යුතුයි. ඒ නිසා දේශපාලනයෙන් තොරව රට හදන්න ඉදිරියට යමු කියන ආරාධනා කරනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.