News Category
From Date
To Date
Maximum Number of Result

අනෙක් නායකයන් සපත්තු හොයද්දි මං සෙරෙප්පු දාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා - ජනපති රනිල් කියයි

Jun 6, 2024 at 08:16 AM
|

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බවත් දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාවේ ද සියලුදෙනාගේ වගකීම වන්නේ දේශපාලනය පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී පැවති ජන හමුවකට එක්වෙමිනි.

රට තුළ සිදු වූ ආර්ථික කඩා වැටීමත් සමඟ, මෙරට දේශපාලනය ද කඩා වැටුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ අනුව පළමු වතාවට දේශපාලනය නොමැති ආණ්ඩුවක් නිර්මාණය වු බව ද සඳහන් කළේය.

ජනතාවට දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වුවද තවමත් රට ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, එබැවින් දේශපාලනයෙන් තොරව රට ගොඩනැඟීම වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව ද අවධාරණය කළේය.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වූ ජනාධිපතිවරයා අනතුරුව මෙම ජන හමුවට එක්වූ අතර ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.

ජන හමුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පැමිණෙන මාර්ගය දෙපස ද විශාල ජනතාවක් රැස්ව සිටී අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟද සුහද කථා බහක නිරත විය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් රුවන්වැල්ල පිහිටි මීදෙණිය වලව්ව වෙත ද පැමිණි ජනාධිපතිවරයා එහි මද වේලාවක් රැදී සිටියේය.

නැවත ගුවන් මගින්  කොළඹ බලා පැමිණෙන අතරතුර කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ජනතාව වෙනුවෙන් රජය මෙතරම් සහන ලබාදෙන්නේ කෙසේද කියා අද ඇතැම් අය ප්‍රශ්න කරනවා. උරුමය, අස්වැසුම මෙන්ම ජනතාවට නොමිලේ සහල් ලබාදීම වැනි වැඩසටහන් මෙම බංකොළොත් බව ප්‍රකාශ කෙරුණු ආණ්ඩුවකින් ක්‍රියාත්මක කරන්නේ කොහොමද යන ප්‍රශ්නය සියලුදෙනාට තිබෙනවා. මොකද රටේ ආර්ථිකය යහපත්ව පැවති කාලයේ මේවා ක්‍රියාත්මක කළේ නැහැ.

ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිකිරීමක් සිදු කිරිමට අප කටයුතු කළා. 2015 වසරෙන් පසු එවැනි වැටුප් වැඩිකිරීමක් සිදු වූ දෙවන අවස්ථාව එයයි. ඒ අනුව රජයේ සේවකයන් වෙනුවෙන් මෙතරම් වැටුප් වැඩිවීමක් සිදු වූයේ මෙරට ඉතිහාසයේ දෙවතාවයි. ඒ නිසා ආණ්ඩුව ජනතාවට මෙම සහන ලබාදෙන්නේ කෙසේද යන්න සියලුදෙනාගේ විමතියට කරුණක් වී තිබෙනවා.

අපි භාරගත්තේ ඉතා අසීරු තත්වයක තිබු රටක්. අනිත් නායකයන් ධාවන සපත්තු දැමු කාලයේ අපි සෙරෙප්පු දාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා. එසේම අපි නිසි ප්‍රතිපත්තියක් අනුව වැඩ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක ප්‍රජාවගේ විශ්වාසය දිනාගත්තා. වසර දෙකක් තුළ ආර්ථිකය ගොඩනැඟීමේදී ඉතා අසීරු තීරණ ගැනීමට අපට සිදු වුණා. බදු වැඩිකිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් එසේ කළහොත් ආර්ථිකය ගොඩගත හැකි බව අපි විශ්වාස කළා.

එතැන් සිට පළමු වතාවට දේශපාලනය නැති ආණ්ඩුවක් ලංකාවට තිබුණා. සෑම පක්ෂයක්ම එහි සිටියා. පක්ෂ අනුව බෙදීමක් තිබුණේ නැහැ. බෙදීම තිබුණේ හැකියාව සහ විශ්වාසය අනුව පමණයි. නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ එක ආසනයක් පමණක් තිබූ පක්ෂයකින් ජනාධිපතිවරයෙක් බිහි වන්නේ නැහැ. රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට මම එදා සියලුදෙනාගේ සහාය ඉල්ලා සිටියා. පිරිසක් අපට සහාය ලබා දුන්නේ නැහැ.

නමුත් මම සියලුදෙනා එක් කර ගනිමින් ඉදිරියට ගියා. පළමු වතාවට දේශපාලනය නැති කැබිනට් මණ්ඩලයක් නිර්මාණය වුණා. අප පක්ෂ බේදයකින් තොරව රටේ ආර්ථිකය ගොඩගැනීමට කැප වුණා.

අප සිටින්නේ සියලුදෙනා පටු සංකල්පවලින් තොරව එකට එක් විය යුතු කාලයකයි. අප තවම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඇවිත් නැහැ. ඉන්ධන, පොහොර ලැබුනට හොඳ අස්වැන්නක් ලැබුනට අප තවමත් ආර්ථික අර්බුදයෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙලා නැහැ. මේ වසර අවසන් වීමට පෙර බංකොළොත්භාවයෙන් ගොඩ ඒමට අපට හැකියාව තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. අප රට තුළ ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුයි. ඒ නිසා අපේ ආර්ථික ඉලක්ක අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ඇතිකරගෙන තිබෙනවා.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් අපි සැලැස්මක් අනුව කටයුතු කළයුතුයි. ඒ නිසා අපි සියලුදෙනාම මෙම අවස්ථාවේ දේශපාලනය පසෙක තබා රට දියුණු කිරීමට වැඩ කළයුතුයි. එංගලන්තය දෙවැනි ලෝක යුද්ධය කළා වගේ අප සියලුදෙනා එක්ව එම අභියෝගයට මුහුණ දිය යුතුයි. දේශපාලනය වෙනම තබාගෙන අප රට වෙනුවෙන් එකට වැඩ කරමු. පැරණි දේශපාලනයේ යෙදීමෙන් රට ඉදිරියට ගෙන යන්න බැහැ. අපි මේ රටේ තරුණයන්ට අනාගතයක් ගොඩනගා දිය යුතුයි. ඒ නිසා දේශපාලනයෙන් තොරව රට හදන්න ඉදිරියට යමු කියන ආරාධනා කරනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ගුරුවරයකුගේ ලංගික අතවරයට ලක්ව සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් දැරියගේ හඩට ඇය දිවිනසා ගන්නට පෙර කිසිවෙකු ඇහුන්කන් දීමට උත්සාහ කර නැති බවත්, ගුරුවරියක් ලෙස තමන් මෙම දැරියට සිදුවූ අපරාධය පිළිබඳව ලැජ්ජාවට පත්වන බවත් රූපවාහිනී සාකච්ඡාවක දී එක්තරා ගුරුවරියක් විසින් පවසයි.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.
පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී තිබේ.
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.