
ඉන්දියානු ගුරුවරුන් වතුකරයේ දරුවන්ට මතවාදී විෂ පොවනවා ද?
ඉන්දියාවෙන් ගුරුවරු දෙදහසකට වැඩි පිරිසක් වතුකරයේ පාසල් වලට පැමිණ ඉගැන්වීමේ කටයුතුවල යෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මේ පිලිබඳව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සොයා බැලීමක් සිදු කළ යුතුව ඇතැයි ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේය.
එහිදී මේ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා,
“මෙරට ගුරුවරුන්ගෙන් සපුරාලන්න බැරි ගුරු හිඟයක් වතුකරයේ තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති පසුගිය කාලයේදී ඉන්දියාවෙන් පැමිණි ගුරුවරු දෙදහසකට වැඩි පිිරිසක් වතුකරයේ පාසල්වල ඉගැන්වීම් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සද්භාවයෙන් ගුරු හිඟයට පිළියමක් ලෙස යොදා ගන්න ඇති. නමුත් බුද්ධි අංශ වාර්තාවලින් පෙන්වා දෙනවා මේ ඉන්දියානු ගුරුවරු වතුකරයේ පාසල්වල දරුවන්ට එක්තරා ආකාරයක විස පෙවීමක් සිදු කරනවා කියලා. ඒක මාධ්‍ය මගින් අනාවරණය කරලා තිබුණා. ගුරු හිඟය පියවන්න අපි කටයුතු නොකර බාහිර පාර්ශ්වයන්ට දුන්නොත් ඒ අය එන්නේ අපිට තියෙන ආදරයකට නෙමෙයි. ඒ නිසා මම ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා බුද්ධි අංශ වාර්තා අමාත්‍යාංශයට ලැබුණා ද, එවැනි විස පෙවීමක් වනවා නම් එය වැළැක්විය යුතුයි නේද”
ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කළේ මෙම ගුරුවරුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් ලබාදී ඇති වාර්තාව ගෙන්වාගෙන අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
