මුං ඇට, උඳු, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රටකජු සඳහා වූ ආනයන බලපත්‍ර අවශ්‍යතාව ඉවතට
2024-05-01 දින වන විට, සංයෝජිත වර්ගී කරණ සංකේතාංක 126 ක් යටතේ වර්ගී කරණය කරන ලද, ආහාරයට ගනු ලබන තෝරා ගත් ධාන්‍ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටත් කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගී කරණ සංකේතාංක 53 කට අදාළ ව ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇත.
මෙම පසුබිම තුළ අනීතිකව සිදු කරන ලාභ ඉපැයීම් (කළු කඩ ක්‍රියාදාමය) මුලිනුපුටා දැමීම, නීති විරෝධී ආකාරයෙන් සිදු කරන ධාන්‍ය ආනයනය වැළැක්වීම, අයුතු සහ අසාධාරණ ආකාරයෙන් සිල්ලර මිල ඉහළ නැංවීම වැළැක්වීම හා පාරිභෝගිකයාට දරා ගත හැකි මිලක් සහතික කිරීම සහ යෝග්‍ය බදු අනුප්‍රමාණ හා නිරෝධායන ක්‍රමවේද පැනවීම මඟින් දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම යන බහු විධ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.
ඒ අනුව, ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහා භාණ්ඩාගාරයේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ඇතුළු කමිටුවක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන ජාතික ශාක නිරෝධායන සේවය මඟින් නිකුත් කරන ලද ජාතික ශාක නිරෝධායන බලපත්‍රය ඉදිරිපත් කිරීමට යටත්ව සහ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පදනම්ව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි අවශ්‍ය පියවර ගනිමින් මුං ඇට, උඳු, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රට කජු ආනයනය සඳහා වන ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?