
මුං ඇට, උඳු, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රටකජු සඳහා වූ ආනයන බලපත්‍ර අවශ්‍යතාව ඉවතට
2024-05-01 දින වන විට, සංයෝජිත වර්ගී කරණ සංකේතාංක 126 ක් යටතේ වර්ගී කරණය කරන ලද, ආහාරයට ගනු ලබන තෝරා ගත් ධාන්‍ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටත් කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගී කරණ සංකේතාංක 53 කට අදාළ ව ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇත.
මෙම පසුබිම තුළ අනීතිකව සිදු කරන ලාභ ඉපැයීම් (කළු කඩ ක්‍රියාදාමය) මුලිනුපුටා දැමීම, නීති විරෝධී ආකාරයෙන් සිදු කරන ධාන්‍ය ආනයනය වැළැක්වීම, අයුතු සහ අසාධාරණ ආකාරයෙන් සිල්ලර මිල ඉහළ නැංවීම වැළැක්වීම හා පාරිභෝගිකයාට දරා ගත හැකි මිලක් සහතික කිරීම සහ යෝග්‍ය බදු අනුප්‍රමාණ හා නිරෝධායන ක්‍රමවේද පැනවීම මඟින් දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම යන බහු විධ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.
ඒ අනුව, ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහා භාණ්ඩාගාරයේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ඇතුළු කමිටුවක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන ජාතික ශාක නිරෝධායන සේවය මඟින් නිකුත් කරන ලද ජාතික ශාක නිරෝධායන බලපත්‍රය ඉදිරිපත් කිරීමට යටත්ව සහ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පදනම්ව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි අවශ්‍ය පියවර ගනිමින් මුං ඇට, උඳු, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රට කජු ආනයනය සඳහා වන ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
