
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතෙන් 'රාජ්‍යයේ මූලික ස්වභාවය' වෙනස් කිරීමට උත්සාහ දරලා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
රජයේ ගැසට් පත්‍රයේ පසුගියදා ප්‍රකාශයට පත් කළ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාපිතභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.
මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියට අමතරව ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන්, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ විධිමත් හා අවිධිමත් සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිතිවල නිලධාරීහු මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම්කරුවන් චෝදනා කර ඇත්තේ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ විධිවිධාන කම්කරුවන්ට, විශේෂයෙන් තරුණ කම්කරුවන්ට බරපතල බලපෑමක් ඇති කරන බවයි.
මෙම පනත් කෙටුම්පතේ සෘජු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන වෘත්තීය සමිති, විශේෂයෙන් තරුණ කම්කරුවන් සමඟ රජය සාකච්ඡා කර නැති බවට ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.
යෝජිත පනත් කෙටුම්පත මගින් සමාජවාදී රාජ්‍යයක සිට නව ලිබරල් රාජ්‍යයක් දක්වා රාජ්‍යයේ මූලික ස්වභාවය වෙනස් කිරීමට උත්සාහ දරන බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වාදෙති.
මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රාග්ධනයේ නිදහස් ප්‍රවාහය ප්‍රවර්ධනය කිරීම, නියාමනය නොකළ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය අවම කිරීම සිදුකරන බව පෙත්සම්කරුවෝ පවසති.
මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාව නව ලිබරල් රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කරන අතර එය රාජ්‍යයේ මූලික ස්වභාවය වෙනස් කරන බැවින් ව්‍යවස්ථාවේ 1 වැනි වගන්තිය උල්ලංඝනය කරන බවද ඔවුහු පෙන්වාදෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
