ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතෙන් 'රාජ්‍යයේ මූලික ස්වභාවය' වෙනස් කිරීමට උත්සාහ දරලා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
රජයේ ගැසට් පත්‍රයේ පසුගියදා ප්‍රකාශයට පත් කළ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාපිතභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.
මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියට අමතරව ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන්, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ විධිමත් හා අවිධිමත් සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිතිවල නිලධාරීහු මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම්කරුවන් චෝදනා කර ඇත්තේ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ විධිවිධාන කම්කරුවන්ට, විශේෂයෙන් තරුණ කම්කරුවන්ට බරපතල බලපෑමක් ඇති කරන බවයි.
මෙම පනත් කෙටුම්පතේ සෘජු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන වෘත්තීය සමිති, විශේෂයෙන් තරුණ කම්කරුවන් සමඟ රජය සාකච්ඡා කර නැති බවට ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.
යෝජිත පනත් කෙටුම්පත මගින් සමාජවාදී රාජ්‍යයක සිට නව ලිබරල් රාජ්‍යයක් දක්වා රාජ්‍යයේ මූලික ස්වභාවය වෙනස් කිරීමට උත්සාහ දරන බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වාදෙති.
මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රාග්ධනයේ නිදහස් ප්‍රවාහය ප්‍රවර්ධනය කිරීම, නියාමනය නොකළ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය අවම කිරීම සිදුකරන බව පෙත්සම්කරුවෝ පවසති.
මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාව නව ලිබරල් රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කරන අතර එය රාජ්‍යයේ මූලික ස්වභාවය වෙනස් කරන බැවින් ව්‍යවස්ථාවේ 1 වැනි වගන්තිය උල්ලංඝනය කරන බවද ඔවුහු පෙන්වාදෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?