
වෙරළේ සිට කිලෝමීටරයක දුරට සංචාරක ආයෝජන අනුමැතිය කඩිනමින්
දිවයින පුරා වෙරළ තීරයේ සිට කිලෝමීටරයක දුරක් දක්වා වන ගොඩබිම් ප්‍රදේශය තුළ සිදුකෙරෙන සංචාරක ක්ෂේත්‍රයට අදාල ආයෝජන සදහා අනුමැතිය ලබා දීම කඩිනම් කෙරේ.
නාගරික සංවර්ධන අධිකාරිය එය මේ වන විට ආරම්භ කර ඇති කඩිනම් සේවා ඒකකය (One stop Unit) මගින් ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක ආයෝජන ප්‍රවර්ධනය හා සංචාරක ව්‍යාපාරය නංවාලීම මෙහි අරමුණයි.
සංචාරක ආයෝජන සදහා අදාල අයදුම්පත ඉදිරිපත් කර දින 10 ත් 21 ත් අතර කාලය තුළ අනුමැතිය ලබාදීමට කටයුතු යොදා ඇති බව ඇමතිවරයා කියයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යන ආයතන ඇතුළු ආයතන 16 ක් මෙම මාර්ගගත ක්‍රමයට ඇතුළත් කර තිබේ. ඒ අනුව මූලික සැලසුම් අනුමැතිය ලබාදීම දින 10ක කාලයකදීත්, ප්‍රමාණක සැලැස්මක් අනුමත කිරීම දින 14 කාලයකදීත්, ගොනැගිල්ලක් අනුමත කිරීම දින 21 ක කාලයකදීත්, ලබාදුන් අනුමැතියක් අලුත් කර දීම දින 10 ක කාලයකදීත් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
දිවයින වටා පිහිටි වෙරළ තීරයේ සිට ගොඩබිම කිලෝමීටරයක ප්‍රදේශයක් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ 1982 දෙසැම්බර් මස 17 වන දින නිකුත් කෙරුණු අංක 223/16 දරණ විශේෂ ගැසට් පත්‍රයට අනුවයි. ඒ අනුව පසුගිය 15 වෙනිදා සිට මෙම නව ක්‍රමවේදය හදුන්වාදුන් බව ඇමතිවරයා කියයි. මාර්ගගත ක්‍රමය ඔස්සේ සැලසුම් අනුමත කිරීමේ ක්‍රමවේදය නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළේ 2022 දෙසැම්බර් මස 17 වන දින සිටයි. ඒ වෙනුවෙන් සෙත්සිරිපාය නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ One stop Unit නමින් නව ඒකකයක් ද ආරම්භ කෙරිණි. මෙම ඒකකය මගින් වෙරළාශ්‍රිත සංචාරක ආයෝජන අනුමත කිරීම සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාරගැනීම දැන් සිදුකරයි. මේ පිළිබදව වැඩි විස්තර www.osu.uda.lk වෙබ් අඩවිය හරහා සහ 0113883251/ 0112874585 දුරකතන අංක ඇමතීමෙන් ද 0712076177 දුරකතන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන්ද ලබා ගත හැකිය.
කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුධය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරය දැඩි කඩාවැටීමකට ලක් වූ අතර මේ වන විට එය යථා තත්ත්වයට පත්ව තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව පසුගිය ජනවාරි සිට අප්‍රේල් 31 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 784,651 කි. 2023 වාර්තාවලට අනුව මෙරට ලියාපදිංචි සංචාරක හෝටල් සංඛ්‍යාව 4346 ක් වන අතර එහි ඇති කාමර සංඛ්‍යාව 53229 කි. ක්‍රමයෙන් වැඩි වන සංචාරකයන්ට අවශ්‍ය පරිදි මෙරට සංචාරක හෝටල් සංඛ්‍යාව වැඩි කිරීමට එවකට සංචාරක අමාත්‍යවරයාව සිටි ප්‍රසන්න රණතුංග මහතා විශේෂ පියවර ගණනාවක් ක්‍රියාත්මක කළේය. එහිදී හදුනාගත් ප්‍රධාන ගැටලුවක් වූයේ සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබා ගැනීමේ දී ඇතිවන ප්‍රමාදයයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබාදීම ප්‍රමාදවීම වැලක්වීමේ අරමුණින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
– ප්‍රදීප් අනුර කුමාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
