වෙරළේ සිට කිලෝමීටරයක දුරට සංචාරක ආයෝජන අනුමැතිය කඩිනමින්
දිවයින පුරා වෙරළ තීරයේ සිට කිලෝමීටරයක දුරක් දක්වා වන ගොඩබිම් ප්‍රදේශය තුළ සිදුකෙරෙන සංචාරක ක්ෂේත්‍රයට අදාල ආයෝජන සදහා අනුමැතිය ලබා දීම කඩිනම් කෙරේ.
නාගරික සංවර්ධන අධිකාරිය එය මේ වන විට ආරම්භ කර ඇති කඩිනම් සේවා ඒකකය (One stop Unit) මගින් ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක ආයෝජන ප්‍රවර්ධනය හා සංචාරක ව්‍යාපාරය නංවාලීම මෙහි අරමුණයි.
සංචාරක ආයෝජන සදහා අදාල අයදුම්පත ඉදිරිපත් කර දින 10 ත් 21 ත් අතර කාලය තුළ අනුමැතිය ලබාදීමට කටයුතු යොදා ඇති බව ඇමතිවරයා කියයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යන ආයතන ඇතුළු ආයතන 16 ක් මෙම මාර්ගගත ක්‍රමයට ඇතුළත් කර තිබේ. ඒ අනුව මූලික සැලසුම් අනුමැතිය ලබාදීම දින 10ක කාලයකදීත්, ප්‍රමාණක සැලැස්මක් අනුමත කිරීම දින 14 කාලයකදීත්, ගොනැගිල්ලක් අනුමත කිරීම දින 21 ක කාලයකදීත්, ලබාදුන් අනුමැතියක් අලුත් කර දීම දින 10 ක කාලයකදීත් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
දිවයින වටා පිහිටි වෙරළ තීරයේ සිට ගොඩබිම කිලෝමීටරයක ප්‍රදේශයක් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ 1982 දෙසැම්බර් මස 17 වන දින නිකුත් කෙරුණු අංක 223/16 දරණ විශේෂ ගැසට් පත්‍රයට අනුවයි. ඒ අනුව පසුගිය 15 වෙනිදා සිට මෙම නව ක්‍රමවේදය හදුන්වාදුන් බව ඇමතිවරයා කියයි. මාර්ගගත ක්‍රමය ඔස්සේ සැලසුම් අනුමත කිරීමේ ක්‍රමවේදය නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළේ 2022 දෙසැම්බර් මස 17 වන දින සිටයි. ඒ වෙනුවෙන් සෙත්සිරිපාය නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ One stop Unit නමින් නව ඒකකයක් ද ආරම්භ කෙරිණි. මෙම ඒකකය මගින් වෙරළාශ්‍රිත සංචාරක ආයෝජන අනුමත කිරීම සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාරගැනීම දැන් සිදුකරයි. මේ පිළිබදව වැඩි විස්තර www.osu.uda.lk වෙබ් අඩවිය හරහා සහ 0113883251/ 0112874585 දුරකතන අංක ඇමතීමෙන් ද 0712076177 දුරකතන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන්ද ලබා ගත හැකිය.
කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුධය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරය දැඩි කඩාවැටීමකට ලක් වූ අතර මේ වන විට එය යථා තත්ත්වයට පත්ව තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව පසුගිය ජනවාරි සිට අප්‍රේල් 31 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 784,651 කි. 2023 වාර්තාවලට අනුව මෙරට ලියාපදිංචි සංචාරක හෝටල් සංඛ්‍යාව 4346 ක් වන අතර එහි ඇති කාමර සංඛ්‍යාව 53229 කි. ක්‍රමයෙන් වැඩි වන සංචාරකයන්ට අවශ්‍ය පරිදි මෙරට සංචාරක හෝටල් සංඛ්‍යාව වැඩි කිරීමට එවකට සංචාරක අමාත්‍යවරයාව සිටි ප්‍රසන්න රණතුංග මහතා විශේෂ පියවර ගණනාවක් ක්‍රියාත්මක කළේය. එහිදී හදුනාගත් ප්‍රධාන ගැටලුවක් වූයේ සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබා ගැනීමේ දී ඇතිවන ප්‍රමාදයයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබාදීම ප්‍රමාදවීම වැලක්වීමේ අරමුණින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
– ප්‍රදීප් අනුර කුමාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?