
ආර්ථික පරිවර්තන පනත සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත සම්මත වුනොත් මෙරට බිහිවන ජනාධිපතිවරයා හරියට බූවල්ලෙක් වගේ - උදය ගම්මන්පිල
තමන් විධායක ජනාධිපතිධූරයට පත්වන තුරුම එය අහෝසි කළ යුතු යැයි පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් එම ජනපති ධූරය දරමින් එහි බලතල තව දුරටත් වැඩි කිරීමට උත්සහ දරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ආණ්ඩුව විසින් ගෙන එන ලද ආර්ථික පරිවර්තන පනත සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම සදහා ”සර්වජන බලය” සන්ධානය විසින් කටයුතු කල අවස්ථාවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගමම්න්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.
"විධායක ජනාධිපතිධූරයට පත්වන තුරුම විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු යැයි කියපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් පාර්ලිමේන්තුවටත් අණ පනත් ගෙන එමින් පාර්ලිමේන්තුවේ බලයත් උදුරාගෙන අර ඔහු විසින් අහෝසි කරන්න ඕනේ යැයි කියපු විධායක ජනාධිපති ධූරය තවදුරටත් ශක්තිමත් කිරීමේ වෑයමක යෙදී ඉන්නවා.
මේ ඉදිරිපත් කරලා තියෙන ආර්ථික පරිවර්තන පනත ගත්තොත් වාණිජ අමාත්‍යාංශය, ආයෝජන අමාත්‍යාංශය වැනි විවිධ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සතු බලතල සහ මුදල් අමාත්‍යවරයා සතු බලතල සියල්ලම ජනාධිපතිවරයාට හුවමාරු කිරීමයි මෙමගින් සිද්ධ වෙන්නේ.
මේ පනත් කෙටුම්පත හරහා අලුත් ආයතන අටක් බිහිකරනවා. මේ ආයතන අටම ඒ ඒ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් වෙනුවට ඍජුවම ජනාධිපතිවරයාට වග කියනවා.
මේ පනත් කෙටුම්පත් සම්මත වුනොත් මෙරට බිහිවන ජනාධිපතිවරයා හරියට බූවල්ලෙක් වගේ. ආර්ථිකය සිසාරා පැතිරුණු සෑම ක්ෂේත්‍රයකම බූවල්ලාගේ අඬු තියෙනව. ඒ බූවල්ලාගේ හිස බවට පත්වන්නේ ජනාධිපතිවරයා.
විධායක ජනාධිපති ධූරයට අත්තනෝමතික බලතල ලබා දීමට අපි විරුද්ධයි. පවතින බලතල අඩු කරලා මීට වඩා වග කියන තත්ත්වයකට පත් කළ යුතුයි කියලා තමයි අප සටන් කරන්නේ. නමුත් ඒ සටනේ අපටත් වඩා ඉදිරියෙන් හිටිය රනිල් වික්‍රමසිංහ මහත්තයා විධායක ජනාධිපති ධුරය ලැබුණට පස්සේ සුන්දර වචනවලින් සඟවලා සමස්ත රාජ්‍ය සතු බලතල තමන්ගේ තනතුර වතා කේන්ද්‍ර කර ගැනීමේ උත්සාහයක යෙදී ඉන්නවා.
ඒ උත්සාහය පරාජය කිරීමට අපි අධිකරණයත්, ඉදිරියේදී පාර්ලිමේන්තුවත්, පසුව මහ පාරත් කියන ස්ථාන තුනම භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා."
පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, යුතුකම සන්විධානයේ සභාපති ගෙවිදි කුමාරණතුංග, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් ඇතුළු සර්වජන බලය සන්ධානයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
