ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවිධානවල 210කගේ සියලු වත්කම් අත්හිටුවයි
ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 15ක සහ පුද්ගලයින් 210කගේ සියලු අරමුදල් සහ වත්කම් අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (03)දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වේ.
ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවිධාන 15ක් සහ ඒවාට සම්බන්ධ 210කගේ සියලු අරමුදල් වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් ඒ අනුව අක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.
2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝගවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි හෙවත් එල්.ටී.ටී.ඊ සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය හෙවත් ටී.ආර්.ඕ සංවිධානය, ජාතික තව්දිහ් ජමාත් හෙවත් එන්.ටී.ජේ සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි සංවිධානය ඇතුළු සංවිධාන 15ක සියලු අරමුදල් සහ වත්කම් අක්‍රීය කර තිබේ.
ඊට අමතරව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පුද්ගලයින් 113 දෙනෙකුගේ සියලු මුදල් හා වත්කම් ද අක්‍රීය කර ඇති බවයි වාර්තා වන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?