ඡන්ද කල්දාන්න ඉල්ලුවේ ව්‍යවස්ථාවට අනුවයි - එජාප මහලේකම් රංගේ බණ්ඩාර කියයි
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජනමත විචාරණයකින් වසර දෙකකින් කල් තබන ලෙස තමා ඉල්ලා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව යැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවසීය.
ජනතාව තුළ තමාගේ ප්‍රකාශයට විරෝධතාවයක් නැතත් කයියනායකලා තමන් කළ ප්‍රකාශය ගැන නිසි අවබෝධයකින් තොරව විවේචන සහ විරෝධය පළකර තිබූ බවත් තමා එම පිරිසගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85, 86 සහ 87 වන වගන්ති උපවගන්ති සමග නැවත අධ්‍යයනය කර ප්‍රකාශ නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවත් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ ) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.
තමා එම ඉල්ලීම කළේ රටේ මහජනතාව මැතිවරණයක් ඉල්ලා නොසිටින නිසා බවද හෙතෙම පැවසීය. ඔවුන් රටේ සාමාන්‍ය ජීවිතයක් ගතකරන නිසා තමාගේ ප්‍රකාශයට විරුද්ධව ප්‍රකාශ සිදුනොකරන බවද රංගේ බණ්ඩාර මහතා කීය. තමාගේ ප්‍රකාශයට ජනතාව විරුද්ධ නම් තමා රට පුරා ගමන් කරනවිට මහජන විරෝධයක් එල්ලවිය යුතු බවත් එවැනි විරෝධයක් කිසිම ප්‍රදේශයකින් තමාට එල්ල වී නැති බවත් ඔහු පැවසීය.
2022 වසරේ අරාජික වූ අවස්ථාවේ වගකීම් භාර ගැනීමට බියවී පලාගිය පිරිස් දැන් රටේ බලය ඉල්ලා සිටින බවත් ඔවුන් රටේ බලය ඉල්ලීමට පෙර රටේ දැනට කර ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවාද තම ආර්ථික සැලැස්ම කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?