
මහින්දානන්ද - ගුණතිලක ගැටුමෙන් ගුණතිලක රෝහලේ
ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
ඊයේ (03) පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇති අතර, එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මැදිහත් වී එම සිදුවීම සමථයකට පත් කර ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මන්ත්‍රී කණ්ඩාම් රැස්වීම අවසන් වී නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මතදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර යළිත්වරක් බහින් බස්වීමක් සිදුව තිබේ.
එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තල්ලු කිරීමට යාමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා ඇත්තේ තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග බහින්බස්වීමක් සිදුවුවද තල්ලුකිරීමට උත්සාහ නොකළ බවය.
දෙදෙනාගේ බහින්බස්වීම දුටු ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ඇදවැටීමට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
