News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථික පරිවර්තන නීතියට ජනපති රනිල් සහාය ඉල්ලයි

Jun 3, 2024 at 10:33 AM
|

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවෙකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා විවේචන පහසු වුවත් විසඳුම් අසීරු බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

කිසිඳු දේශපාලන පක්ෂයකට රට ඉදිරියට ගෙන යාමේ සැලැස්මක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එවන් සැලැස්මක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොමැති නම් රටේ අනාගතය වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතියට සහාය ලබා දෙන ලෙසත් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

"මීට වසර 04කට පෙර අප මැතිවරණයකට ගියේ එක් මාතෘකාවක් පදනම් කර ගනිමිනුයි. මේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. 2020 අයවැය මගින් බදු අඩු කිරීම නිසා ආදායම් නැති වෙනවා. විදේශ විනිමය නැති වෙනවා. ඒ නිසා අපේ පළමු කාර්ය වන්නේ මේ රටට ඩොලර් බිලියන 03ක සංචිතයක් අවශ්‍යයි කියලා එදා අප ප්‍රකාශ කළා. කිසිවෙක් එදා එය පිළිගත්තේ නැහැ. මේ මොනවද කථා කරන්නේ කියලා අපේ කණ්ඩායමක් සමගි ජන බලවේගය හදන්න ඉවත්වී ගියා.

ජනතා විමුක්ති පෙරමුණ සිනහා වුණා. පොහොට්ටුව විවේචනය කළා. එක්සත් ජාතික පක්ෂය තනි වුණා. නමුත් අප එයින් ඉවත් වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය සැමදා සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා. කෙතරම් තිත්ත වුණත් ඇත්ත කියනවා.

එදා අප එකතුවෙලා එම මුදල් සොයා ගත්තා නම් අද මෙවන් පීඩාවකට පත් වන්නේ නැහැ. රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ. අවසානයේ අප අමාරුවේ වැටී වෙනත් රටවල ආධාර ලබා ගන්නා විට අපට ඉන්දියාව දුන්නේ බිලියන තුන හමාරයි.

අප දැනුම් දුන්නට වැඩිය මිලියන 500ක් පමණයි වැඩි වුණේ. වසර දෙකකට පසුව එම අගය වැඩි වීම පුදුමයක් නොවෙයි. 2020දී එය බිලියන 03යි. එම බිලියන තුන හමාරෙන් තමයි අප වසර එක හමාරක් ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ. 2020 එම බිලියන 03 ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දුන්නා නම් මෙවන් ඉරණමක් රටට අත් වන්නේ නැහැ.

එදා ආහාර නැති වුණා, පොහොර නැති වුණා, ඉන්ධන නැති වුණා, කර්මාන්ත ශාලා වැසි ගියා, ආදායම් මාර්ග අහිමි වුණා. සියලු දෙනා පීඩාවට පත් වුණා. එවිට අරගලයක් ආරම්භ වුණා. මෙම අරගලය සිදු වුණේ පොහොට්ටුවේ ආණ්ඩුවට විරුද්ධවයි. නමුත් මැයි 09 දා ගාලු මුවදොර පිටියට පැමිණෙද්දි විපක්ෂනායවරයාත්, අනුර දිසානායක මන්ත්‍රීවරයාත් පන්නා දැමුවා.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත් වුවායින් පසු සම්ප්‍රදායිකව සජිත් ප්‍රේමදාස මහත්තයට අගමැති ධූරය භාර ගන්නා ලෙස දැනුම් දුන්නා. නමුත් ඔහු ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. ආර්. ප්‍රේමදාස මහතා හෝ ජේ.ආර් ජයවර්ධන මැතිතුමා සිටියා නම් මෙම අවස්ථාව අත හරින්නේ නැහැ. එයයි සැබෑ එක්සත් ජාතික පක්ෂයය.

ජනතා විමුක්ති පෙරමුණත් පැන ගියා. ඔවුන් කිසිවෙකුට විසඳුමක් තිබුනේ නැහැ. පැරණි දේශපාලනය සිදුකරමින්, බොරු කරමින් සිටින ඔවුන්ට විසඳුමක් තිබුණේ නැහැ.

මම බය නැනිව අගමැතිකම බාරගත්තේ මා තුළ විසඳුමක් තිබු නිසයි. එදා ප්‍රකාශ කළ පරිදි බිලියන 03ක මුදලක් සොයා ගත්තොත් මේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හැකි බව දන්නා නිසා මම ඒ අනුව කටයුතු කළා. ඉන්පසුව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මේ රටේ ජනතාව 2023 නත්තල, පහුගිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරූ අන්දම, වෙසක් සැමරූ අයුරු දුටු විට එම වෙනස මනාව පැහැදිළි වෙනවා.

අද ගොවි ජනතාව හොද අස්වැන්නක් ලබනවා. නමුත් අප තවමත් මෙම අර්බුදයෙන් ගොඩ ඇවිත් නැහැ. එදිනෙදා ජීවිතය ගත කිරීමට පමණයි. මෙම ක්‍රමවේදය තුළින් හැකිව තිබෙන්නේ. අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දී තිබෙනවා. ඒ වගේම අඩු ආදයම්ලාභී ජනතාවට සහල් ලබා දෙනවා.

ඒ වගේම උරුමය වැඩසටහන හරහා ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. එළැඹෙන මාසයේ කොළඹ තට්ටු නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී ජනතාව 50,000ක් වෙනුවෙන් එම නිවාසවල අයිතිය ලබා දෙනවා.

අද රටේ තත්ත්වය ගැන කියනවා නම් 2023 අවසානයේ දී ඩොලර් බිලියන 83ක් අපේ ණය තිබුණා. 2023 අවසානයේ රුපියලේ වටිනාකමින් කියනව නම් රුපියල් බිලියන 28,000ක්. එය අපේ සම්පුර්ණ දළ දේශීය නිෂ්පාදනයට වැඩි අගයක්. සම්පූර්ණ වාර්ෂික ආදායමට වඩා ණය වී තිබෙනවා නම් එයින් ගොඩ එන්නේ කොහොමද? ඒ සඳහා අලුතින් ආදායම් මාර්ග ඇති කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඊළග වසර 05 තුළ අප මෙම ආර්ථික ස්ථාවරභාවය ඇතිකරගන්නේ කොහොමද කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප ගිවිසුමකට එළැඹ තිබෙනවා. එය කඩකළහොත් නැවත ඔවුන්ගේ සහාය අපට හිමි වන්නේ නැහැ.

අපේ විදේශ ණය නැවත ගෙවීමට 2027 සිට 2042 වන තෙක් අපට කල් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව අප මෙම ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියා සිතිය යුතුයි. මෙම ණය ගෙවීම පමණක් නොවෙයි අප තවම ආනයන පදනම් කරගත් ආර්ථිකයක් නිසා සෑම වසරකම අපට විදේශ ණය ලබා ගැනීමට සිදු වෙනවා.

එවිට දැනට තිබෙන බිලියන 83 ණය මුදල තවත් ඉහළ යනවා. එවිට තවත් වසර 05ක් ගත වන විට නැවත රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙනවා. එසේ නම් අප ඉදිරියට යන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. එයයි දැන් අප හමුවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වී තිබෙන්නේ.

මේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් අප නව නීති ගෙන එනවා. මෙම ප්‍රශ්නයෙන් පැන යාමට කිසිදු පක්ෂයකට ඉඩ දෙන්න එපා කියලා මම ඉල්ලනවා. මේ ප්‍රශ්නයෙන් විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ කිසිවෙකු පැන යන්න හොද නැහැ. ඒ වගේම මාධ්‍යයත් මේ ප්‍රශ්නයෙන් පැන යාමට හොද නැහැ. සියලුදෙනා මේ ප්‍රශ්නය පිළිබඳ අවධානයෙන් කටයුතු කළයුතුයි.

අප එක්සත් ජාතික පක්ෂය ලෙස අනෙක් මන්ත්‍රීවරු සියලුදෙනා සමග එක්වෙලා මේ ප්‍රශ්නයෙන් රට බේරගත්තා. දැන් අප ඉදිරියට යා යුතුයි. එක් පක්ෂයක්වත් මෙතෙක් තම වැඩපිළිවෙළ ඉදිරිපත් කර නැහැ. ඔවුන්ට එය ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. නමුත් අපි ආණ්ඩුවක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ මිත්‍ර රටවල් සමඟ ඇතිකරගත් එකඟත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිගත කිරිමට කටයුතු කරනවා.

ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් බවට රටේ ආර්ථිකය පරිවර්තනය කිරීමට මේ නීතිය ඉදිරිපත් කර තිබෙනවා. එම ඉලක්ක අනුව කටයුතු කිරිමෙන් පමණයි මේ රට දියුණු කිරීමට හැකියාව ලබෙන්නේ.

එසේනම් අද 100 අගයට වඩා ඉහළින් තිබෙන අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් 100 වඩා ඉහළින් තිබෙන ණය 2032 වන විට 95%කට අඩු කිරීමට තිබෙනවා. පළමු කාරණය එයයි. එය මතක තබාගත යුතුයි. අපට මුහුණ දීමට තිබෙන මීළග ප්‍රශ්නය මෙය බව සියලුදෙනා දැනුවත් කළ යුතුයි.

ඒ වගේම අපේ දළ දේශීය නිෂ්පාදනය 2027 වන විට 5%ක් බවට පත් කර ගත යුතුයි. අප සීග්‍රයෙන් දියුණු වීමට නම් දළ දේශීය නිෂ්පාදනය වසර 10ක්වත් 8%ක අගයක පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම 2025 වන විට විරැකියාව 5%කට අඩු කළයුතුව තිබෙනවා. අපනයන ආර්ථිකයක් බවට පත්වීමට නම් අපේ අපනයන ආදායම 2025 වන විට දළ ජාතික නිෂ්පාදනයෙන් 25%ක් විය යුතුයි.

2030 වන විට 40%ක් බවට පත්විය යුතුයි. එය 2040 වන විට 60%ක් විය යුතුයි. මෙම ඉලක්කය අනුව 2040 වන විට අපේ රට අපනයන ආර්ථිකයක් බවට පත් කළයුතුයි. එය සිදු කිරීමට විදේශ ආයෝජන අවශ්‍ය වෙනවා. 2030 වන විට අවම වශයෙන් විදේශ ආයෝජන 5%ක්වත් විය යුතුයි. ඒ සමගම අපට ලැබෙන විදේශ ආයෝජන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් යෙදවිය යුතුයි.මෙම ඉලක්ක සමග ඉදිරියට ගියහොත් අපට රටක් වශයෙන් ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. මෙම ඉලක්ක පිළිගන්නාවද නැද්ද කියලා මම සියලුදෙනාගෙන් අහන්න කැමතියි. ආර්ථික පරිවර්තන නීතිය පිළිගන්න, නැත්නම් වෙනත් වැඩසටහනක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමැතිව මුදල් ලබා ගැනීමට වෙනත් මාර්ගයක් නැහැ. නිකන් කතා කරන්න පුළුවන්.

නමුත් විසදුමක් නැහැ. ඇතැම් අය කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරනවා කියලා.

කඩේට ගිහින් තව මාසයකට ණය දෙන්න කියලා මුදලාලිට කියනවා වගේ මේවා කරන්න බැහැ. මේ පිළිබඳ අවබෝධයක් නැති අයයි මේවා ගැන කථා කරන්නේ. මේ පිළිබද අපට වසර දෙකක් සාකච්ඡා කරන්න වුණා.

ඒ නිසා බොරු ප්‍රකාශ නිකුත් කරන්නේ නැතිව මේ පිළිබඳ විධිමත් වැඩසටහනක් තිබෙනවනම් ඉදිරිපත් කරන්න, නැත්නම් මෙයට සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. 2020 අපි මේ පිළිබඳ කියද්දි සියලුදෙනා එය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා අප මේ තත්ත්වයට පත් වුණා. ඒ නිසා මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ප්‍රතික්ෂේප කළොත් අප තවත් අගාධයට ඇද වැටෙනවා. එසේනම් ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් සැලැස්මක් තිබිය යුතුයි. කිසිවෙකුට එවැනි සැලැස්මක් නැති නිසා සියලුදෙනා එකට එකතුවී මේ රටේ ආර්ථික පරිවර්තන නීතියට සහාය ලබා දෙන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. විවේචනය පහසුයි. නමුත් විසදුම් අසීරුයි. ඒ නිසා විවේචනය කරන්නේ නැතිව විසදුම ලබා දෙන්න කියා මම ඉල්ලා සිටිනවා."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහත්වරු ඉදිරියේ සිදු විය.
වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ව්‍යාජ තොරතුරු සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පොලිසිය වෙත යොමු කර ඇති පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත ඊයේ (04) පැමිණිල්ලක් ගොනුකරනු ලැබීය.
අර්ජුන මහේන්ද්‍රන් දැන් සිංගප්පූරුවේ සිටින්නේ සිය නම වෙනස් කරමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන හෙට (06 වැනිදා) මැතිවරණ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා පොලිසියේ සහ යුද හමුදාවේ නිලධාරීන් යොදවන බව යුද හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු පවසති.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11.00 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.