ජාතික රෝහලේ ස්නායු ශල්‍යකර්ම අර්බුදයක... රෝගින්ගේ ජීවිත අනතුරේ
උස් ස්ථානයකින් ඇද වැටී කොන්ද අභාදයට පත්වූ 17 හැවිරිදි තරුණයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර, මෙම තරුණයාට පැය 24ක් ඇතුළත ශල්‍යකර්මයක් සිදුකළ යුතු වුවද එසේ සිදු නොකිරීමෙන් ජීවිත අවදානමක ලක්ව ඇති බව වාර්තා වේ.
ජාතික රෝහලේ වාට්ටුව අංක 72 ට ඇතුළත් කර ඇති චාමික කවිඳු නම් මෙම රෝගියා දැඩි ස්නායු හානියකට ලක්ව මේ වන විට දෙපාද අඩපණ වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ශල්‍ය වෛද්‍යවරයා සිටිය ද ඔහුගේ ශල්‍යකර්මය කිරීමට ශල්‍යාගාරයක් ජාතික රෝහලෙන් ලබා නොදීම මත මෙම ගැටලුව මතුවී ඇති අතර, ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයට ශල්‍යාගාර හතරක් ඇතත් ක්‍රියාත්මක වන්නේ දෙකක් පමණක් බවත්, ඒ මොළයේ හදිසි ශල්‍යකර්ම සඳහා පමණක් බවත් සඳහන්ය.
අනෙක් ශල්‍යාගාර දෙක වසා ඇති අතර, ඒවාට අයිතිවාසිකම් කියන ඇතැම් විශේෂඥ වෛද්‍යවරු එම ශල්‍ය ඒකක අයිති කරගෙන ඇති බවටත් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරති.
වසා ඇති ශල්‍යාගාර දෙක සතියට දින දෙකක් වරු දෙකක් පමණක් විවෘත කර ඔවුන්ගේ රෝගීන් කියාගන්නා අයවලුන්ගේ ශල්‍යකර්ම සිදුකරනු ලබන බවයි එම පාර්ශ්ව පෙන්වා දෙන්නේ.
පැය 24ක් තුළ මෙවැනි සැත්කම් නොකළ නිසා රටට වැදගත් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙකු පසුගියදා මියගිය බවද, මේ ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද එම පාර්ශ්ව වැඩිදුරටත් පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?