
ජාතික රෝහලේ ස්නායු ශල්‍යකර්ම අර්බුදයක... රෝගින්ගේ ජීවිත අනතුරේ
උස් ස්ථානයකින් ඇද වැටී කොන්ද අභාදයට පත්වූ 17 හැවිරිදි තරුණයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර, මෙම තරුණයාට පැය 24ක් ඇතුළත ශල්‍යකර්මයක් සිදුකළ යුතු වුවද එසේ සිදු නොකිරීමෙන් ජීවිත අවදානමක ලක්ව ඇති බව වාර්තා වේ.
ජාතික රෝහලේ වාට්ටුව අංක 72 ට ඇතුළත් කර ඇති චාමික කවිඳු නම් මෙම රෝගියා දැඩි ස්නායු හානියකට ලක්ව මේ වන විට දෙපාද අඩපණ වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ශල්‍ය වෛද්‍යවරයා සිටිය ද ඔහුගේ ශල්‍යකර්මය කිරීමට ශල්‍යාගාරයක් ජාතික රෝහලෙන් ලබා නොදීම මත මෙම ගැටලුව මතුවී ඇති අතර, ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයට ශල්‍යාගාර හතරක් ඇතත් ක්‍රියාත්මක වන්නේ දෙකක් පමණක් බවත්, ඒ මොළයේ හදිසි ශල්‍යකර්ම සඳහා පමණක් බවත් සඳහන්ය.
අනෙක් ශල්‍යාගාර දෙක වසා ඇති අතර, ඒවාට අයිතිවාසිකම් කියන ඇතැම් විශේෂඥ වෛද්‍යවරු එම ශල්‍ය ඒකක අයිති කරගෙන ඇති බවටත් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරති.
වසා ඇති ශල්‍යාගාර දෙක සතියට දින දෙකක් වරු දෙකක් පමණක් විවෘත කර ඔවුන්ගේ රෝගීන් කියාගන්නා අයවලුන්ගේ ශල්‍යකර්ම සිදුකරනු ලබන බවයි එම පාර්ශ්ව පෙන්වා දෙන්නේ.
පැය 24ක් තුළ මෙවැනි සැත්කම් නොකළ නිසා රටට වැදගත් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙකු පසුගියදා මියගිය බවද, මේ ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද එම පාර්ශ්ව වැඩිදුරටත් පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලිපියක්..
මහානාහිමියන්ට අපහාස කළා යැයි ජෙනරාල් දයා රත්නායකට මහජන විරෝධය..
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
සජබ සංවිධායකයෝ පෝලිමේ ඉල්ලා අස්වෙති..
කොළඹ වරායේ ඩොක්යාඩ් හි 51%ක කොටස් ඉන්දියන් සමාගමකට විකිණීමේ ක්‍රියාදාමයට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් ජනාධිපති අනුරට ලිපියක්..
දුමින්ද දිසානායක අත්අඩංගුවට
ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)
LTTE කොටි ත්‍රස්තයන් නිර්මාණය කළේ ඉන්දියාව බව සනාථ කරමින් ඉන්දීය හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. සන්තෝෂ් ජා සඟවන ඉන්දියාවේ දෙබඩි ප්‍රතිපත්තිය මෙන්න.. (වීඩියෝ)
එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..
මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..
චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති
ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)
ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
