ආපදා කළමනාකරණ මධස්ථානයෙන් දැනුම්දීමක්
හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර ඇති බවත්, එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති බව ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම සඳහා පොලීසිය විසින් ආර්ම්භ කළ විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක යාවත්කාලීන කර තිබේ.
ඊයේ (02) පස්වරු 06 සිට පැය 24පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.
පොලිස් මුලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන අතර හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම මෙමඟින් සිදුකෙරේ.
ඒ අනුව 011 2 42 18 20 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
මීට අමතරව 011 2 43 92 12, 011 20 130 36 හෝ 011 20 130 39 යන දුරකථන ඔස්සේ ද එම මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබා දිය හැකි වේ.
එමෙන්ම disaster.ops@police.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ද තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?