නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේදී වෛද්‍ය චමල් සංජීවගේ සහ වෛද්‍ය ජයරුවන්ගේ නම් හළලා - ලේඛනය අත්හිටුවා වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලයි
නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්වරු ඇතුළු සුදුසු කම් ලබා තිබුණු රෝහල් අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකුට පත්වීම් ලේඛනයේ නම සඳහන් නොකොට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි කොට ඇති අතර වහාම මේ සිදුවී ඇති අසාධාරණය .සම්බන්ධයෙන් විමර්ශනයක් කොට තමන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා ඇත.
සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම සිදුකළ පසුව සම්මුඛ පරීක්ෂණය ලබාගන්නා ලකුණු මත රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීම සිදු කරන අතර එහිදී අදාළ රෝහල් අධ්‍යක්ෂකවරුන් සම්බන්ධව යම් විමර්ශනයක් පවතින්නේ නම් ඔවුන් ලබාගත් ලකුණු සහ ලකුණු අනුපිළිවෙල ප්‍රකාශයට පත්කොට ඔවුන්ට පත්වීම් ලබාදීම පමණක් තාවකාලිකව ප්‍රමාද කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් එම ක්‍රමය යටතේ රෝහල් අධ්‍යක්ෂ හා වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබාදීම සිදුකළද ඉතිහාසයේ පළමුවරට මෙම ක්‍රමය වෙනස් කරමින් පළමු සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම සුදුසුකම් ලබන ලද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍යවරුන් කීපදෙනකුගේ නම් ඉවත්කොට ඔවුන්ට වඩා සුදුසුකම් අඩුවෙන් පැවති වෛද්‍යවරුන්ගේ නම් ඇතුළත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල මහතා විසින් 01/06/2024 දින පත්වීම් ලිපි නිකුත් කොට ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව තමන් සම්මුඛ පරීක්ෂණය වෙත කැඳවීමත් සම්මුඛ පරීක්ෂණය සුදුසුකම් ලබා තිබියදී සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමය අනුගමනය නොකොට වෙනස් ලෙසට සලකමින් තමාගෙන් නම් සුදුසුකම් අනුපිළිවෙල මත පත්වීම් ලේඛනය ප්‍රකාශයට පත් නොකිරීම ඉතාමතා සිදුකළ පෞද්ගලික පළිගැනීමක් වන බැවින් වහාම මේ සම්බන්ධ විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ලබාගන්නා ලෙස රාජ සේවා කොම්ෂන් සභාවේ ඉල්ලීමට ඒ මහත්වරුන් කටයුතු කර ඇති අතර මේ සම්බන්ධව අධිකරණය ක්‍රියාමාර්ග ලබාගන්නා බවද ඔවුන් දැනුම් දී සිටි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?