අයහපත් කාලගුණයෙන් දින 13ක දී මරණ 15ක්
අධික වැසි, අධික සුළං, ගස් කඩාවැටීම් වැනි ආපදා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (2දා) වනවිට 15 දක්වා ඉහළ නැඟ තිබේ. මැයි 20 වැනිදා සිට මේ දක්වා දින 13ක කාලය තුළ මෙම මරණ වාර්තා වී තිබේ.
මින් මරණ 8ක්ම වාර්තා වී ඇත්තේ ගස් කඩාවැටීමෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම මරණ රත්නපුර, පුත්තලම, කොළඹ, බදුල්ල, ගාල්ල, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් වාර්තා විය.අවසන් වශයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගල මරණ 6ක් වාර්තා වී තිබේ.
අවිස්සාවේල්ල එළිස්ටන් වත්ත, කැමිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවූ එකම පවුලේ තිදෙනකු ඊයේ (02දා) අලුයම මරුමුවට පත්වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි මව, 7 හැවිරිදි දියණිය හා 78 හැවිරිදි සීයා ය .
ඊයේ අලුයම 2.00ත් 3.00ත් අතර කාලයේ මෙම නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් නිවස ජලයෙන් යටවී ඔවුන් මෙම ඉරණමට ගොදුරුවී තිබේ.
එසේම අවිස්සාවේල්ල, හේවාහින්න ප්‍රදේශයේ දී පෙරේදා (01දා) පස් කන්දකට යටවී 11 හාවිරිදි දැරියක ජීවිතක්‍ෂයට පත්වී තිබේ.
එමෙන්ම දෙයියන්දර, පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසකට පෙරේදා පස් කන්දක් කඩා වැටී තරුණයන් දෙදෙනකු මරුමුවට පත්වී තිබේ. ඔවුහු අවුරුදු 20 හා 23 යන වයස්වල පසුවන දෙනගම, පදිංචිකරුවෝ වෙති.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා ඊයේ පස්වරුවේ පිටාර ගැලීම නිසා ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත.
කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඬුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිල්වලා ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පෙරේදා රාත්‍රියේ සිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් හටගෙන තිබිණි.
මීට අමතරව ගිං ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය, දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම, බෝපේ, පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබිණි.
එසේම කැලණි ගඟ ඉහළ ධාරා ප්‍රදේශවලට පෙරේදා රාත්‍රී සිට සැලකිය යුතු වර්ෂාපතන තත්ත්වයක් පැවතීම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශවල ද ගංවතුර තත්ත්වයක් හටගෙන තිබිණි.
කෙසේ වෙතත් ඊයේ සවස් වනවිට බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය හටගෙන තිබිණි.
මේ වනවිට දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 20කට අයත් පවුල් 3834කට අයත් පුද්ගලයන් 13,717 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනකු තුවාල ලබා තිබේ.
එසේම පවුල් 230කට අයත් පුද්ගලයන් 827 දෙනකු සිය ඥාති නිවෙස් තුළ රැඳී සිටින බවද පවුල් 98ක පුද්ගලයන් 235 දෙනකු ආරක්ෂිත ස්ථාන 6ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?