
සිරිකොත අපිට දෙන්න... - සිරිකොතේ අයිතිය සජබය ඉල්ලයි
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත සමගි ජන බලවේගය වෙත ලබාදෙන ලෙස එම පක්ෂය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සජබ මැතිවරණ කළමනාකරු සුජීව සේනසිංහ කියා සිටියේ “අපි හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන් නිසා සිරිකොතට හිමිකම් කියන්න අපට අයිතියක් තියෙනවා,” යනුවෙනි.
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළකළ සේනසිංහ වැඩිදුරටත් පැවසුවේ “එජාප නායකයා තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කර සිරිකොත අපට භාර දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔහු එසේ කළ යුත්තේ ඉතිරි එජාප පාක්ෂිකයන් වෙනුවෙන්. සිරිකොත අපිට බාර දුන්නොත් එයාගේ සමහර පව් කමාවෙනවා.”
“වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් කිරීමට නොහැකි වූ නිසා අපට සමගි ජන බලවේගය පිහිටුවීමට සිදුවුණා” ඔහු වැඩිදුරටත් පැවැසීය.
මේ අතර ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය යැයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය ගැන අදහස් දක්වමින් සේනසිංහ සඳහන් කළේ, රංගේ බණ්ඩාර රනිල් වික්‍රමසිංහට හිතවත් වූයේ කෙසේදැයි විශ්වාස කළ නොහැකි බවයි.
“රංගේ බණ්ඩාර ඒ දවස්වල එජාපයේ සිටි දැඩි වික්‍රමසිංහ විරෝධී චරිතයක්. ඒ කාලෙ තුළ එජාප නායකත්වය වෙනස් කිරීමට ඔහු අප සමඟ පෙරමුණේ සිටියා. 2018 පිහිටවූ දින 52ක ආණ්ඩුවට යන එකෙන් ඔහුව නැවැත්වූයේ මමයි. ඒ කාලය තුළ ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇමතිකමක් දෙන්න සුදානමින් හිටියා” යැයි සේනසිංහ පැවැසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
