
රටේ පාසල් 1000ක් වැහැලා - අගමැති කියයි
රට තුළ විද්‍යාල ඇරඹෙනවාට වඩා විද්‍යාල වැසීයෑමේ අභියෝගයට මුහුණ දෙන යුගයක් ලෙස මේ කාල පරිච්ඡේදය හඳුන්වා දීමට හැකි බවත්, 1000ට වැඩි විද්‍යාල ප්‍රමාණයක් අද වන විට වැසී ගොස් ඇති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන මත සීතාවක අධ්‍යාපන කලාපයේ ඉළුක්ඕවිට කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල හා එළිමහන් රංග පීඨය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අගමැතිවරයා මේ බව කීය.
එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා,
"1961 එවක අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය පාසල් රජයට ගැනීමේ පනත ගෙන එනකොට රට තුළ විරෝධතාවක් ගොඩ නගන්නට ඇතැම් අය කටයුතු කළා. මගේ පියාත් මේ පනතට අත ඔසවපු පුද්ගලයෙක්. එදා මැතිනිය ඒ ගෙනා පනත නිසා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරුවන් පිරිසකගේ නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය දිනා දීමට හැකිවුණා. කන්නංගර මැතිතුමා ගෙනා නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළට මැතිනිය හඳුන්වා දුන් මේ පනත මගින් විශාල ශක්තියක් එක් කලා කියලා කියන්න පුළුවන්.
එදා මේ ග්‍රාමීය පාසල්වලට නවීන ගොඩනැඟිලි, පරිගණක විද්‍යාගාර වැනි නවීන පහසුකම් කිසිවක් තිබුනේ නෑ.පොල් අතු මඩු විදියට තිබුන මේ පාසල්වලට ආ ගුරු දෙවිවරු සියලු අපහසුතා මධ්‍යයේ මතු පරපුර වෙනුවෙන් තමන්ගෙන් විය යුතු යුතුකම නිවැරදි ලෙස ඉටු කළා. ඒ අඩු පහසුකම් සහිත පාසල් පද්ධතිය වෙනුවට වඩා ශක්තිමත් පාසල් පද්ධතියක් ලාංකීය දරුවන්ට උරුම කර දීම වෙනුවෙන් තමයි සිරිමාවෝ මැතිනිය 1961 මේ කියන පනත ගෙනාවේ. ලාංකීය දරුවන්ගේ අනාගතය වඩා දීප්තිමත් කිරීම වෙනුවෙන් අතීතයේ ගත් විවිධ ක්‍රියා මාර්ග වල ප්‍රතිඵලයක් ලෙස අද දවසේ අපි භුක්ති විදින අධ්‍යාපනය දැයේ දරුවන්ට උරුම කර දීමට අපිට හැකි වෙලා තියෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
