News Category
From Date
To Date
Maximum Number of Result

බුද්ධ ධර්මය විකෘති කරමින් සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැළැක්වීම සඳහා ජාතික උරුමයන් සුරැකීම උදෙසා පාර්ලිමේන්තු සංසදය පෙළගැසෙයි

May 31, 2024 at 05:54 PM
|

මෙරට බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු වී තිබේ.

ඒ, පාර්ලිමේන්තු සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේ දී.

මේ සඳහා සහභාගී වූයේ පූජ්‍ය ගලගම කුසලධම්ම් හිමි, පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමි, පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ හිමි, සංසදයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර, වෛද්‍ය මනොජ් කුමාර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ඉසුරු උපනාද, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ශකිල රාජකරුණා, ශාන්ත කුමාර යන අයයි.

මීට අමතරව මේ සඳහා මිස්සක කමලසිරි හිමි සූම් තාක්ෂණය ඔස්සේ අමෙරිකාවේ සිට කාරක සභාව වෙත සම්බන්ධ වී තිබේ.

මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් උක්ත කරුණ සම්බන්ධව අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇතත් ඒ පිළිබඳ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග තවමත් ගෙන නොමැති බවයි.

එ නිසා බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැලැක්වීම පිණිස අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමු කිරීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සිය සංසදයේ අරමුණ බවද සමරවීර පෙන්වා දුන්නේය.

මෙහිදී, බෞද්ධ දර්ශනය විකෘති කිරීම්, බුද්ධ චරිතය පිළිබඳ මිථ්‍ය මත ප්‍රචාරය කිරීම් මෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් නොයෙක් මාධ්‍ය භාවිත කරමින් ගෙනයනු ලබන ප්‍රචාරයන් පිළිබඳ පැමිණ සිටි පිරිස විසින් දිර්ඝ වශයෙන් උදාහරණ දක්වමින් පැහැදිලි කිරීම සිදු කෙරුණි.

බෞද්ධ දර්ශනය විකෘති කොට සම්පාදනය කරනු ලබන ග්‍රන්ථ විශාල වශයෙන් ජනගත කෙරෙන බවද පැමිණ සිටි ස්වාමීන් වහන්සේලා උදාහරණ දක්වමින් පෙන්වා දෙන ලදී.

මෙසේ විකෘති දත්ත සහිත ග්‍රන්ථ ජනගතවීම මගින් බෞද්ධ දර්ශනය පිළිබඳ වැරදි අදහස් ජනතාව අතර, පැතිරෙමින් පවතින බවද උන් වහන්සේලා පෙන්වා දී ඇත.

එමගින් භික්ෂු ශාසනය, පැවිදි උපසම්පදාව මෙන්ම ශාසන චාරිත්‍ර ආදී කාලාන්තරයක් තිස්සේ ආරක්ෂා කරන ලද සංකල්ප පිළිබඳ අප්‍රසාදයක් ඇති වන අයුරින් මෙම ප්‍රචාරණයන් සිදු කරන බවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ නිසා බුදුරජාණන් වහන්සේ යනු මන:කල්පිත චරිතයක් බවට ජනතාවට ඒත්තු ගන්වා බෞද්ධ ශාසනය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ දැමිම සිදුවන බවද ස්වාමීන්වහන්සේලා විසින් පෙන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.

මෙයට අමතරව බෞද්ධ දර්ශනයට, බුද්ධ චරියතයට අපහාස කරමින් ප්‍රචාරයන් ගෙනයන පිරිස් මෙරට මෙන්ම වෙනත් විදේශ රටවලද විවිධ ව්‍යාපාරවල නියැලෙමින් විශාල ලෙස ධනය යොදවමින් මෙම කාර්යය සිදුකරන බව පැමිණ සිටි පිරිස පෙන්වා දුන්හ.

මෙය ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ශ්‍රී ලංකාව රටක් ලෙස බිඳ වැට්ටීම සඳහා ගෙනයන කිසියම් කුමන්ත්‍රණයක එක් මුහුණුවරක් වියහැකි බැවින් සමස්තයම සලකා බලා පියවර ගත යතු බවත් ඔවුහු පෙන්වා දී ඇති අතර, මෙම ක්‍රියා හේතුවෙන් සමාජ ප්‍රචණ්ඩකරණය හා සංස්කෘතික බිඳ වැට්ටීම සිදු වී තිබේ.

මේ තත්ත්වය වැලැක්වීම සඳහා නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීම, ශ්‍රී ලංකාවේ ඒකීය පදනමට බලපාන ඓතිහාසික මූලාශ්‍ර විකෘති කිරීම වැලැක්වීම යන කරුණු කෙරෙහි දැඩි අවධානයක් කළ යුතු බව විද්වත්හු ‍මෙහිදී පෙන්වා දුන්හ.

මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉදිරිපත්වන සියළු යෝජනා සහ අදහස් ඒකරාශි කොට බෞද්ධ දර්ශනය විකෘති කිරීම්, බුද්ධ චරිතය පිළිබඳ මිථ්‍ය මත ප්‍රචාරය කිරීම් මෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමේ ප්‍රචාරයන් වැළැක්වීම සඳහා අවශ්‍ය නිර්දේශ සංසදය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වන බවයි.

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.