කියුබානු රාජ්‍යය, "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීම" ගැන දැඩි විරෝධය පළ කරමින් මෙරට ඇමරිකානු තානාපතිනියට විමල්ගෙන් ප්‍රබල ලිපියක්
කියුබානු රාජ්‍යය "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීම" පිළිබඳව දැඩි විරෝධය පළ කරමින් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය වෙත ලිපියක් යොමුකර තිබේ.
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කළ රාජ්‍යයන් ලොව ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිමිකම්වලට ගරු කරන, කිසිදු රටකට අනුමත කළ නොහැකි ඉරණමකට ඇද දමා ඇති බවත් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
අදාළ ලිපිය සිංහල සහ ඉංග්‍රීසියෙන් පහළින් දක්වා තිබේ...
ගරු ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලි ජේ. චන්ග්
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය,
කොළඹ.
ගරු තානාපතිතුමියනි,
කියුබානු රාජ්‍යය "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීම" පිළිබඳව දැඩි විරෝධය පළ කිරීම
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 මැයි 16 වැනි දින ප්‍රකාශයට පත් කර ඇති "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්හි ලයිස්තුවට" කියුබානු රාජ්‍යය ද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පළමුකොටම, සහේතුකව දැඩි විරෝධය පළ කර සිටින්නෙමු.
මෙම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්හි ලැයිස්තුව" සැකසීමෙහි ඉතිහාසය 1979 දෙසැම්බර් 02 වැනිදායින් ඇරඹෙන බව දැක ගත හැක. ඊට ඉරාකය, ලිබියාව, දකුණු යේමනය හා සිරියාව යන රටවල් ඇතුළත් කර තිබිණි.
මෙම රාජ්‍යයන් එලෙස "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කිරීමෙන් පසුව ඒවාට අත් වූ ඉරණම ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිමිකම්වලට ගරු කරන, කිසිදු ශිෂ්ටසම්පන්න රාජ්‍යයකට අනුමත කළ නොහැකි බව නිදසුන් සහිතව ඔබතුමියට පෙන්වාදීමට කැමැත්තෙමු.
1992 පෙබරවාරි මාසයේ ඉරාකය එම ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම යටතේ නිර්මාණය කළ බවට සැලකෙන ඉරාන - ඉරාක යුද්ධයේදී ඉරාකයට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් බව ලොවට රහසක් නොවීය. එහෙත් 1990 සැප්තැම්බර් 13 වැනිදා යළි ඉරාකය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහත කී ලැයිස්තුවට එකතු කර ඇත්තේ "ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම" යන චෝදනාව පෙරට දමමිනි. 2004 ඔක්තෝබරයේදී ඉරාකය එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබුණ ද සුන්බුන් බවට පත් වූ ඉරාක රාජ්‍යයක් ලොව ඉදිරියේ විද්‍යාමාන විය.
එලෙසම "අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය" ලෙස විරුදාවලිය ලත් ලිබියාව 2006 මැයි 15 වැනිදා එම ලැයිස්තුවෙන් ඉවත් කරන විට යුද්ධයෙන් විනාශ වූ රටක් බවට පත්ව තිබිණි. තවද ලිබියාව ලොව සමාජ - ආර්ථික දර්ශකයන්හි හිනිපෙත්තටම ගෙනයාමට නායකත්වය දුන් බවට මුළුමහත් ලොවම අවිවාදිතව පිළිගත් ලිබියානු ජනාධිපති මුවම්මර් ගඩාෆි මැතිතුමන් ශිෂ්ටසම්පන්න ලොව කිසිසේත්ම අනුමත නොකරන මරණයකට ගොදුරුව තිබිණි.
එලෙසම දකුණු යේමනයට සිදුව ඇත්තේ කුමක්ද? එය 1990 මැයි 22 වැනිදා ඉහත ලැයිස්තුවෙන් ඉවත් කරන විට උතුරු සහ දකුණු යේමන රාජ්‍යයන් ඒකාබද්ධ කොට යේමන සමූහ ආණ්ඩුව පිහිටුවා තිබිණි. අද වන විට දකුණු යේමනය නැමති රාජ්‍යයක් ලෝක සිතියමෙහි දැකගත හැකි නොවේ. තවද 1993 අගෝස්තු 12 වැනිදා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කළ සුඩානය 2020 දෙසැම්බර් 14 වැනිදා එම ලයිස්තුවෙන් ඉවත් කළ ද එය අද පවතින්නේ මිනීකඳන් ගොඩගැසෙන රටක් ලෙස ය. එපමණක් ද තම රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලයිස්තුවට" එක් කර ඇති ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහිම් රාසි මැතිතුමන් ලොවම කම්පාවට පත් කළ හදිසි අනතුරකින් මියගිය පසුව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මැතිතුමා ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය ද කිසිසේත්ම අනුමත කළ හැකි නොවේ. බ්ලින්කන් මැතිතුමන්ට අනුව එම මරණය ඉරාන වැසියන්ට "වඩා හොඳ" කලක් උදා කරන්නකි.
මේ ඉහත කී සියලු කරුණු දැඩිව අවධාරණය කර සිටින්නේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කළ රාජ්‍යයන් ඒවායේ මිත්‍රශීලී රටවලට පමණක් නොව ලොව ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිමිකම්වලට ගරු කරන, කිසිදු රටකට අනුමත කළ නොහැකි ඉරණමකට ඇද දමා ඇති බවය.
මෙම අවාසනාවන්ත ලෝක ප්‍රවණතාවය පැරදවීම කෙරෙහි කැප වී සිටින රටවල් සහ කියුබානු රාජ්‍යයේ මිත්‍රශීලී රටවල් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියුබානු රාජ්‍යය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයට දසතින් විරෝධය පළ කරන මේ මොහොතේ කියුබානු රාජ්‍යයේ මිත්‍රශීලී රටක් වන ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් ලෙස අපගේ විරෝධය ද මෙලෙස පළ කළ සිටින්නෙමු.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ(පා.ම.)
සභාපති
ජාතික නිදහස් පෙරමුණ,
2024-05-30


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්