
කියුබානු රාජ්‍යය, "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීම" ගැන දැඩි විරෝධය පළ කරමින් මෙරට ඇමරිකානු තානාපතිනියට විමල්ගෙන් ප්‍රබල ලිපියක්
කියුබානු රාජ්‍යය "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීම" පිළිබඳව දැඩි විරෝධය පළ කරමින් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය වෙත ලිපියක් යොමුකර තිබේ.
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කළ රාජ්‍යයන් ලොව ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිමිකම්වලට ගරු කරන, කිසිදු රටකට අනුමත කළ නොහැකි ඉරණමකට ඇද දමා ඇති බවත් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
අදාළ ලිපිය සිංහල සහ ඉංග්‍රීසියෙන් පහළින් දක්වා තිබේ...
ගරු ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලි ජේ. චන්ග්
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය,
කොළඹ.
ගරු තානාපතිතුමියනි,
කියුබානු රාජ්‍යය "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීම" පිළිබඳව දැඩි විරෝධය පළ කිරීම
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 මැයි 16 වැනි දින ප්‍රකාශයට පත් කර ඇති "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්හි ලයිස්තුවට" කියුබානු රාජ්‍යය ද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පළමුකොටම, සහේතුකව දැඩි විරෝධය පළ කර සිටින්නෙමු.
මෙම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍යයන්හි ලැයිස්තුව" සැකසීමෙහි ඉතිහාසය 1979 දෙසැම්බර් 02 වැනිදායින් ඇරඹෙන බව දැක ගත හැක. ඊට ඉරාකය, ලිබියාව, දකුණු යේමනය හා සිරියාව යන රටවල් ඇතුළත් කර තිබිණි.
මෙම රාජ්‍යයන් එලෙස "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කිරීමෙන් පසුව ඒවාට අත් වූ ඉරණම ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිමිකම්වලට ගරු කරන, කිසිදු ශිෂ්ටසම්පන්න රාජ්‍යයකට අනුමත කළ නොහැකි බව නිදසුන් සහිතව ඔබතුමියට පෙන්වාදීමට කැමැත්තෙමු.
1992 පෙබරවාරි මාසයේ ඉරාකය එම ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම යටතේ නිර්මාණය කළ බවට සැලකෙන ඉරාන - ඉරාක යුද්ධයේදී ඉරාකයට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් බව ලොවට රහසක් නොවීය. එහෙත් 1990 සැප්තැම්බර් 13 වැනිදා යළි ඉරාකය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහත කී ලැයිස්තුවට එකතු කර ඇත්තේ "ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම" යන චෝදනාව පෙරට දමමිනි. 2004 ඔක්තෝබරයේදී ඉරාකය එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබුණ ද සුන්බුන් බවට පත් වූ ඉරාක රාජ්‍යයක් ලොව ඉදිරියේ විද්‍යාමාන විය.
එලෙසම "අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය" ලෙස විරුදාවලිය ලත් ලිබියාව 2006 මැයි 15 වැනිදා එම ලැයිස්තුවෙන් ඉවත් කරන විට යුද්ධයෙන් විනාශ වූ රටක් බවට පත්ව තිබිණි. තවද ලිබියාව ලොව සමාජ - ආර්ථික දර්ශකයන්හි හිනිපෙත්තටම ගෙනයාමට නායකත්වය දුන් බවට මුළුමහත් ලොවම අවිවාදිතව පිළිගත් ලිබියානු ජනාධිපති මුවම්මර් ගඩාෆි මැතිතුමන් ශිෂ්ටසම්පන්න ලොව කිසිසේත්ම අනුමත නොකරන මරණයකට ගොදුරුව තිබිණි.
එලෙසම දකුණු යේමනයට සිදුව ඇත්තේ කුමක්ද? එය 1990 මැයි 22 වැනිදා ඉහත ලැයිස්තුවෙන් ඉවත් කරන විට උතුරු සහ දකුණු යේමන රාජ්‍යයන් ඒකාබද්ධ කොට යේමන සමූහ ආණ්ඩුව පිහිටුවා තිබිණි. අද වන විට දකුණු යේමනය නැමති රාජ්‍යයක් ලෝක සිතියමෙහි දැකගත හැකි නොවේ. තවද 1993 අගෝස්තු 12 වැනිදා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කළ සුඩානය 2020 දෙසැම්බර් 14 වැනිදා එම ලයිස්තුවෙන් ඉවත් කළ ද එය අද පවතින්නේ මිනීකඳන් ගොඩගැසෙන රටක් ලෙස ය. එපමණක් ද තම රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලයිස්තුවට" එක් කර ඇති ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහිම් රාසි මැතිතුමන් ලොවම කම්පාවට පත් කළ හදිසි අනතුරකින් මියගිය පසුව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මැතිතුමා ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය ද කිසිසේත්ම අනුමත කළ හැකි නොවේ. බ්ලින්කන් මැතිතුමන්ට අනුව එම මරණය ඉරාන වැසියන්ට "වඩා හොඳ" කලක් උදා කරන්නකි.
මේ ඉහත කී සියලු කරුණු දැඩිව අවධාරණය කර සිටින්නේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් "ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට" ඇතුළත් කළ රාජ්‍යයන් ඒවායේ මිත්‍රශීලී රටවලට පමණක් නොව ලොව ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිමිකම්වලට ගරු කරන, කිසිදු රටකට අනුමත කළ නොහැකි ඉරණමකට ඇද දමා ඇති බවය.
මෙම අවාසනාවන්ත ලෝක ප්‍රවණතාවය පැරදවීම කෙරෙහි කැප වී සිටින රටවල් සහ කියුබානු රාජ්‍යයේ මිත්‍රශීලී රටවල් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියුබානු රාජ්‍යය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයට දසතින් විරෝධය පළ කරන මේ මොහොතේ කියුබානු රාජ්‍යයේ මිත්‍රශීලී රටක් වන ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් ලෙස අපගේ විරෝධය ද මෙලෙස පළ කළ සිටින්නෙමු.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ(පා.ම.)
සභාපති
ජාතික නිදහස් පෙරමුණ,
2024-05-30
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
