
ඊශ්‍රායලයේ යුද ගැටුම් තවත් උග්‍ර වෙයි... සංගීත සංදර්ශනයකට එල්ල වූ ප්‍රහාරයකින් 260ක් මරුට
හමාස් ත්‍රස්තයන් සෙනසුරාදා (7 දා) පෙරවරුවේ එල්ල කළ ප්‍රහාරයෙන් දකුණු ඊශ්‍රායලයේ සංගීත සංදර්ශනයකට සහභාගිවෙමින් සිටි තරුණ තරුණියන් 260 ක් එම ස්ථානයේදී ම ඝාතනය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
තුවක්කුකරුවන් මේ තරුණ තරුණියන් පසුපස පන්නමින් වෙඩිතබා ඇත. සහන සේවකයන් විසින් තැන තැන විසිරී තිබූ මළ සිරුරු 260 ක් එකතු කරගෙන තිබේ.
හමාස් ප්‍රහාරකයන් තැන් 22 කින් ඊශ්‍රායලයට ඇතුළු වී ප්‍රහාර එල්ල කර ඇති අතර, ඊයේ (9 දා) දිනයේදීත් හමාස් ත්‍රස්ත කණ්ඩායම් හා ඊශ්‍රායල් ආරක්‍ෂක අංශ අතර දකුණු දිග ඊශ්‍රායලයේ නගර කිහිපයක ගැටුම් ඇවිළිනි.
සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් නේපාල ජාතිකයන් දසදෙනකු ද ඝාතනයට ලක්වී ඇත.
ඊයේ වනවිට මේ ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල් වැසියන් සංඛ්‍යාව 700 ඉක්මවා තිබූ අතර තුවාල ලැබූ පිරිස දෙදහස ඉක්මවා තිබිණි.
සෙනසුරාදා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදා විසින් ගුවන් ප්‍රහාර 800 කට වඩා ගාසා තීරය වෙත එල්ල කර ඇත.
හමාස් ත්‍රස්ත ප්‍රහාරකයන් විසින් පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල් හමුදා සාමාජිකයන් හා සිවිල් වැසියන් ප්‍රමාණය සියය ඉක්මවා තිබේ.
මෙම පිරිස බේරා ගැනීම වෙනුවෙන් වෙනම නිලධාරියෙක් පත් කිරීමට ද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණයක් ගෙන ඇත.
මේ අතර හමාස් සංවිධානය පවසන්නේ තමන් විසින් පැහැරගෙන ගාසා තීරයට ගෙනඑනු ලැබූ ඊශ්‍රායල වැසියන් සිරගත කර සිටින පලස්තීන සිරකරුවන් සමඟ හුවමාරුවට සූදානම් බවයි.
මේ අතර ගාසා තීරයට එරෙහි ආක්‍රමණය සඳහා ඊශ්‍රායල් භටයන් ලක්‍ෂයක් කැඳවා ඇති අතර, ගාසා තීරයට එල්ල වන ප්‍රහාර නිසා මියගිය පලස්තීන වැසියන් ප්‍රමාණය හාරසියය ඉක්මවා ඇත.
එමෙන්ම ගාසා තිරයේ ලක්‍ෂයකට අධික පිරිසකට උන්හිටි තැන් අහිමි වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
බක් පුර පසළොස්වක පොහොය අදයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන
ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?
දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව
මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්
ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි
ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි
බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්
