
ජීවන් තොණ්ඩමන් නුවරඑළිය වතු යායකට ඇතුළුවී යකා නටලා
අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා සහ ඇතුළු පිරිසක් නුවරඑළිය වතු යායකට ඇතුළුවී එහි පාලනාධිකාරිය සමඟින් ඇති කරගත් මතභේදයක් හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් ඊයේ උද්ගත වී තිබේ.
අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් සිය පිරිස සමඟ එක් වී එම වතු යාය හිමි කැලණිවැලි වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් ඇතුළු කළමනාකරුවන් පැය කිහිපයක් තිස්සේ කාර්යාල අඩස්සියට පත් කිරීමට කටයුතු කිරීමත් සමඟ එහි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන තිබිණි.
කැලණි වැලි වතු සමාගමට අයත් උඩ රදැල්ල වතු යායේ සේවය කළ කම්කරුවන් කිහිප දෙනෙකුගේ සේවය තහනම් කර ඇති අතර ඔවුන් යළි සේවයේ පිහිටුවීමට එම සමාගම් කළමනාකාරීත්වයෙන් එකඟතාව පළ නොවීමට විරෝධය පළ කරමින් ඇමැතිවරයා ඇතුළු පිරිස මේ අයුරින් එහි පාලනාධිකාරීය කාර්යාල අඩස්සියට ගෙන ඇත.
එහිදී ඇමැතිවරයා ඇතුළු පිරිස වතු පාලනාධිකාරියට තර්ජනය කරමින් කලහකාර් ලෙස හැසිරි ඇති බවද පැවසේ.
කැලණි වැලි තේ වතු සමාගමට අයත් සියලුම තේ වතුවල නිෂ්පාදනය කරන නිමි තේ කොළ, වෙන්දේසිය සඳහා රැගෙන යෑමට ඉඩ ලබා නොදෙන බව පවසමින් ඇමැතිවරයා ඇතුළු පිරිස තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
එම වතු සමාගමට අයත් නානුඔය උඩ රදැල්ල වතුයායේ වතු පාලන අධිකාර්ය තේ ගස් ගලවා කෝපි වගාව සිදු කිරීමට තීරණය කර බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටියදී එයට විරෝධය පළ කළ එම වතුයායේ වතු කම්කරුවන් කිහිපදෙනකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පාලනාධිකාරීය කටයුතු කොට තිබේ.
මේ සම්බන්ධයෙන් නුවර එළිය සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයට එම කම්කරුවන් සිදු කළ පැමිණිල්ලක් පිළිබඳව සහකාර කම්කරු කොමසාරිස්වරයා ඊයේ (30දා) දෙපාර්ශ්වයම කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇත.
එම සාකච්ඡාවට පැමිණිලි පාර්ශ්වය, වතු පාලන අධිකාරිය සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් සහභාගි වී ඇති අතර එහිදී වතු පාලන අධිකාරීය තාවකාලිකට වැඩ තහනම් කළ වතු කම්කරුවන්ට යළිත් වැඩ ලබාදීමට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් එම සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.
එයට විරෝධය පාමින් එම වතු සමාගමේ සියලුම වතුවල නිෂ්පාදනය කරන නිමි තේ කොළඹ තේ වෙන්දේසිය සඳහා රැගෙන යෑමට ඉඩ ලබා නොදෙන ලෙස එම වෘත්තීය සමිතියේ සියලුම සාමාජිකයන්ට දැනුවත් කිරීමටද අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් කටයුතු කොට තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
