ජීවන් තොණ්ඩමන් නුවරඑළිය වතු යායකට ඇතුළුවී යකා නටලා
අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා සහ ඇතුළු පිරිසක් නුවරඑළිය වතු යායකට ඇතුළුවී එහි පාලනාධිකාරිය සමඟින් ඇති කරගත් මතභේදයක් හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් ඊයේ උද්ගත වී තිබේ.
අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් සිය පිරිස සමඟ එක් වී එම වතු යාය හිමි කැලණිවැලි වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් ඇතුළු කළමනාකරුවන් පැය කිහිපයක් තිස්සේ කාර්යාල අඩස්සියට පත් කිරීමට කටයුතු කිරීමත් සමඟ එහි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන තිබිණි.
කැලණි වැලි වතු සමාගමට අයත් උඩ රදැල්ල වතු යායේ සේවය කළ කම්කරුවන් කිහිප දෙනෙකුගේ සේවය තහනම් කර ඇති අතර ඔවුන් යළි සේවයේ පිහිටුවීමට එම සමාගම් කළමනාකාරීත්වයෙන් එකඟතාව පළ නොවීමට විරෝධය පළ කරමින් ඇමැතිවරයා ඇතුළු පිරිස මේ අයුරින් එහි පාලනාධිකාරීය කාර්යාල අඩස්සියට ගෙන ඇත.
එහිදී ඇමැතිවරයා ඇතුළු පිරිස වතු පාලනාධිකාරියට තර්ජනය කරමින් කලහකාර් ලෙස හැසිරි ඇති බවද පැවසේ.
කැලණි වැලි තේ වතු සමාගමට අයත් සියලුම තේ වතුවල නිෂ්පාදනය කරන නිමි තේ කොළ, වෙන්දේසිය සඳහා රැගෙන යෑමට ඉඩ ලබා නොදෙන බව පවසමින් ඇමැතිවරයා ඇතුළු පිරිස තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
එම වතු සමාගමට අයත් නානුඔය උඩ රදැල්ල වතුයායේ වතු පාලන අධිකාර්ය තේ ගස් ගලවා කෝපි වගාව සිදු කිරීමට තීරණය කර බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටියදී එයට විරෝධය පළ කළ එම වතුයායේ වතු කම්කරුවන් කිහිපදෙනකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පාලනාධිකාරීය කටයුතු කොට තිබේ.
මේ සම්බන්ධයෙන් නුවර එළිය සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයට එම කම්කරුවන් සිදු කළ පැමිණිල්ලක් පිළිබඳව සහකාර කම්කරු කොමසාරිස්වරයා ඊයේ (30දා) දෙපාර්ශ්වයම කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇත.
එම සාකච්ඡාවට පැමිණිලි පාර්ශ්වය, වතු පාලන අධිකාරිය සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් සහභාගි වී ඇති අතර එහිදී වතු පාලන අධිකාරීය තාවකාලිකට වැඩ තහනම් කළ වතු කම්කරුවන්ට යළිත් වැඩ ලබාදීමට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් එම සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.
එයට විරෝධය පාමින් එම වතු සමාගමේ සියලුම වතුවල නිෂ්පාදනය කරන නිමි තේ කොළඹ තේ වෙන්දේසිය සඳහා රැගෙන යෑමට ඉඩ ලබා නොදෙන ලෙස එම වෘත්තීය සමිතියේ සියලුම සාමාජිකයන්ට දැනුවත් කිරීමටද අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් කටයුතු කොට තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?