
මුලින්ම නායකයන් අතර විවාදය... හාද, බෑද? - අනුර අසයි,..... ආර්ථික වැඩපිළිවෙළක් නැති පිරිස විවාදයට බය වෙලා - සජිත් කියයි
විධායක බලය තමයි ජනාධිපති සතු පරම බලය සියලු ආර්ථික හා දේශපාලන ක්‍රියා මාර්ග තීරණය කරනුයේ ආර්ථික කමිටු නොව විධායක ජනපති බලය බවත්, ඒ හෙයින් පළමුව විවාදය තැබිය යුත්තේ නායකයන් අතර මිස ආර්ථික කමිටු අතර නොවන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
එම නිසා එම විවාදයට බැරි නම් බෑ හා නම් හා යැයි කෙළින්ම කිය යුතු යැයි ද දිසානායක මහතා කීවේය.
ආර්ථික කමිටු ඉදිරිපත් කර ඇති ලියවිල්ල සජිත් ප්‍රේමදාස මහතාගේ උපදේශකයෙක් වන නාලක ගොඩහේවා ප්‍රතික්ෂේප කර ඇති බවත් ඊට සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනක් නොමැති බව කියවෙන හෙයින් එවැනි අනුමැතියක් නැති ලියවිල්ලක් සමඟින් විවාද කර පළක් නැති බවත් ඔහු කීය.
මේ අතර, ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බිය වී සිටින්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුලු පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බංකොලොත් රටේ අප යා යුතු ගමන් මාර්ගය, දර්ශනය, වැඩපිළිවෙළ ගැන විවාදයක් හා ප්‍රශස්ත සාකච්ඡාවක් තිබිය යුතු බවත් එමඟින් අදහස් හා යෝජනා හුවමාරු කර ගත හැකි බවත් සෑම දෙනකු ළඟ ම හොඳ හොඳ අදහස් ඇති නිසා එම අදහස් හා යෝජනා වාද විවාදයට ලක් කර සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කර මහජන විවාදයක් ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තමා ඇතුළු පිරිස වාද විවාදවලින් පැන නොයන බවත් ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක්, වැඩපිළිවෙළක් නොමැති අය එවැනි විවාදවලින් පැන යන බවත් එසේ ආර්ථික කණ්ඩායමක් වැඩපිළිවෙළක් නොමැති අයට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට උපකාරී කළ හැකි නිසා ආර්ථික කණ්ඩායම්වල විවාදයට සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරනා ලෙස අවසාන වතාවට පවසන බවත් විපක්ෂ නායකවරයා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
