මුලින්ම නායකයන් අතර විවාදය... හාද, බෑද? - අනුර අසයි,..... ආර්ථික වැඩපිළිවෙළක් නැති පිරිස විවාදයට බය වෙලා - සජිත් කියයි
විධායක බලය තමයි ජනාධිපති සතු පරම බලය සියලු ආර්ථික හා දේශපාලන ක්‍රියා මාර්ග තීරණය කරනුයේ ආර්ථික කමිටු නොව විධායක ජනපති බලය බවත්, ඒ හෙයින් පළමුව විවාදය තැබිය යුත්තේ නායකයන් අතර මිස ආර්ථික කමිටු අතර නොවන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
එම නිසා එම විවාදයට බැරි නම් බෑ හා නම් හා යැයි කෙළින්ම කිය යුතු යැයි ද දිසානායක මහතා කීවේය.
ආර්ථික කමිටු ඉදිරිපත් කර ඇති ලියවිල්ල සජිත් ප්‍රේමදාස මහතාගේ උපදේශකයෙක් වන නාලක ගොඩහේවා ප්‍රතික්ෂේප කර ඇති බවත් ඊට සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනක් නොමැති බව කියවෙන හෙයින් එවැනි අනුමැතියක් නැති ලියවිල්ලක් සමඟින් විවාද කර පළක් නැති බවත් ඔහු කීය.
මේ අතර, ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බිය වී සිටින්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුලු පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බංකොලොත් රටේ අප යා යුතු ගමන් මාර්ගය, දර්ශනය, වැඩපිළිවෙළ ගැන විවාදයක් හා ප්‍රශස්ත සාකච්ඡාවක් තිබිය යුතු බවත් එමඟින් අදහස් හා යෝජනා හුවමාරු කර ගත හැකි බවත් සෑම දෙනකු ළඟ ම හොඳ හොඳ අදහස් ඇති නිසා එම අදහස් හා යෝජනා වාද විවාදයට ලක් කර සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කර මහජන විවාදයක් ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තමා ඇතුළු පිරිස වාද විවාදවලින් පැන නොයන බවත් ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක්, වැඩපිළිවෙළක් නොමැති අය එවැනි විවාදවලින් පැන යන බවත් එසේ ආර්ථික කණ්ඩායමක් වැඩපිළිවෙළක් නොමැති අයට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට උපකාරී කළ හැකි නිසා ආර්ථික කණ්ඩායම්වල විවාදයට සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරනා ලෙස අවසාන වතාවට පවසන බවත් විපක්ෂ නායකවරයා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?