News Category
From Date
To Date
Maximum Number of Result

2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගත්තා - ජනපති රනිල් කියයි

May 31, 2024 at 06:52 AM
|

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවත් ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට බදුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තීය දිවියට හැට වසරක් සැපිරීම නිමිත්තෙන් “ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය” මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයට එක් වෙමිනි.

රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ වෙනුවෙන් වු සියලු වෘත්තිකයන්ගේ අදහස් සංවාදයට බදුන් කිරීම සඳහා මෙන්ම අනාගතයට ගැළපෙන ශ්‍රමිකයා නිර්මාණය කිරීම වෙනුවෙන් “සේවක කේන්ද්‍රයක්” ඇති කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ආණ්ඩුවෙන් වාර්ෂිකව මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසිය.

බැංකු ක්ෂේත්‍රය ඇතුළු මූල්‍ය ආයතන තුළ රජයේ ශක්තිය තබා ගෙන රට ඉදිරියට ගෙන යාමේ රජයේ සැලසුම් පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගෙන ඇති බවද සඳහන් කළේය.

එසේම රාජ්‍ය ආයතන සඳහා දේශපාලන පත්වීම් මත අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම වැළැක්වීමට නව නීති ගෙන එන බවද සඳහන් කළ ජනාධිපතිවරයා නිසි සැලැස්මක් ඔස්සේ රටේ ආර්ථිකය දියුණු නොකළහොත් රටට අනාගතයක් නොමැති බවද අවධාරණය කළේය.

මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඉටු කරන මහඟු මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා එතුමා සෑමවිටම සමාජ යථාර්ථය හදුනා ගනිමින් නවීකරණය සමඟ ඉදිරියට යාමට කටයුතු කළ බවද සඳහන් කළේය.

දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඇගයීම ලක් කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

"ලෙස්ලි දේවේන්ද්‍ර මහතා වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වුණේ 1964 වසරේදීයි. එය තීරණාත්මක කාලයක්. පළමු වතාවට වමේ පක්ෂ එකට එක්ව එක්සත් වාමාංශික පෙරමුණ ඇති කළා. එන්.එම්. පෙරේරා, පිලීප් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන්, කොල්වින් ආර්. සිල්වා යන මේ සියලුදෙනා එකට එකතු වෙලා මැයි දින රැළියට සහභාගි වු අයුරු එහිදී අප පළමු වරට දුටුවා. සටන් පාඨ කියමින් ගාලු පාරේ විශාල සෙනඟක් අරගෙන ආවා.

1964 මැයි දිනය අමතක නොවන මැයි දිනයක් වුණා. එයින් මාස තුන හතරකට පසු තවත් පරිවර්තනයක් සිදු වුණා. එම සන්ධානයම කඩා වැටුණු අතර සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ආණ්ඩුවට එක් වුණා. එසේනම් එදා තිබුණු වමේ වෘත්තිය සමිති ව්‍යාපාරය එතැනින් කඩා වැටුණා. ඉන් පසුව කිසි දිනක ප්‍රධාන වෘත්තීය සමිතිවලට එකතු වෙන්න අවස්ථාව හිමි වුයේ නැහැ.

1970 – 1974 කාලයේ ජනතාව විඳි දුක නිසා ඒ වටා සම්බන්ධ වෘත්තීය සමිතිවලටත් සාමාජිකත්වය අහිමි වුණා. 1977 සිට තවත් යුගයක් ඇති වුණා. ආණ්ඩුවේ ආර්ථික පාලනයේ උපරිම යුගය තමයි 77 වන තෙක් පැවතුනේ. ඉන්පසුව නව යුගයක් පැමිණියා. ක්‍රමානුකූලව විවෘත ආර්ථිකයක් ඇති කළා. වෘත්තීය සමිති ව්‍යාපාරයත් ඒ සමඟ වෙනස් වුණා. ජාතික සේවක සංගමය ප්‍රධාන වෘත්තිය සමිති සංගමය ලෙස ඉදිරියට පැමිණියා.

1972 ජාතික සේවක සංගමයේ නීති උපදේශක ලෙස එම වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. කෙසේ හෝ ඒ කාලයේ සිට අද වන තෙක් තවත් වෙනස්කම් රැසක් සිදුව තිබෙනවා. ලෝකයේ දේශපාලනය වෙනස් වුණා. සමාජවාදී හා ධනවාදී රටවල් අතර තරගය වෙනුවට 1989 සිට ගෝලීයකරණය සමඟ ඉදිරියට ආවා. ඒ වගේම විවෘත ආර්ථිකය සමඟ ආර්ථිකය විවිධ අයුරින් වෙනස්කම්වලට ලක් වුණා. එම අත්දැකීම් සමඟ තමයි අප ඉදිරියට පැමිණියේ.

අද කම්කරුවන්ද, කොන්ත්‍රාත්කරුවන්ද, හිමිකරු ද කියලා වෙනසක් නැහැ. අලුත් විදියට නිවසේ සිට වැඩකටයුතු කරනවා. කොවිඩ් සමයේ අප සියලුදෙනා මෙම අත්දැකීම ලබා ගත්තා. සම්පුර්ණයෙන් ලංකාවේත්, ලෝකයේත් ක්‍රමවේදය වෙනස් වෙලා තිබෙනවා. වෘත්තීය සමිතිත් ඒ අනුව වෙනස් විය යුතුයි. එම යථාර්ථය හදුනාගත් පුද්ගලයෙකු ලෙස ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා හැඳින්විය හැකියි.

ඔහු නවීකරණය සමග ඉදිරියට යාමට කටයුතු කළා. අද තිබෙන ව්‍යාපාර නෙවෙයි එදා තිබුණේ. අද ලෝකයත් වෙනස් වෙලා, අපේ රටත් වෙනස් වෙලා. අද අප සිටින්නේ විවෘත ආර්ථිකයකයි.

ඒ අනුව අලුත් ලෝකය සමඟ අපේ සම්බන්ධකම් පවත්වාගෙන යන්නේ කෙසේද කියා අප තීරණය කළයුතුයි. 1964 සටන් පාඨ හෝ ක්‍රියා මාර්ග අද අපට සුදුසු නැහැ. එසේනම් අප සියලුදෙනා යථාර්ථය පිළිගෙන අනාගතයට මුහුණ දිය යුතුයි. විශේෂයෙන් වෙළෙඳපොළ ආර්ථිකයත්, සමාජ සාධාරණත්වයත් එකට එක් කරගෙන ඉදිරියට යන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි.

අද අප රටක් ලෙස ඉදිරියට යන්නේ අසීරු තත්ත්වයක සිටයි. අපේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණා. අද අපේ රටේ ජනතාව සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය සැමරු අන්දම දෙස බැලූ විට එක අතකින් රට සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් තිබෙන බව කියන්න පුළුවන්. නමුත් මම එයින් සෑහිමකට පත් වන්නේ නැහැ. වැටී සිටී අප දැන් නැගිට ඇවිදිමට පටන් ගත්තා පමණයි. අපට තව දුර යාමට තිබෙනවා. අප එය මතක තබා ගෙන කටයුතු කළයුතුයි.

2027 වන තෙක් ණය නොගෙව සිටීමට අප දැන් අවස්ථාව ලබාගෙන තිබෙනවා. පොළිය ගෙවීමට තිබෙනවා. නමුත් ණය ගෙවන්නේ නැහැ. ණය ගෙවීමේ කාලය 2042 දක්වා අප ඉල්ලා තිබෙනවා. අප ඒ පිළිබද සාකච්ඡා කර අවසාන එකඟතාවකට පැමිණීමට කටයුතු කරනවා. ණය බර නිසා රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දිය නොහැකියි.

නමුත් අප ආනයන පදනම් කරගත් ආර්ථිකයක තවදුරටත් රැදී සිටියහොත් අපට නැවත ණය ලබා ගැනීමට සිදු වෙනවා. මේ විදියට විදේශ ණය ලබාගැනීම අඛණ්ඩව සිදු කළහොත් අප එම ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි.

ඒ වගේම දේශීය ණය ලබා ගැනීමත් සීමා කිරීමට අප දැන් තීරණය කර තිබෙනවා. දේශීය ණය සීමා කළ විට සේවක අර්ථ සාධක අරමුදලින් ලබාගත හැකි මුදල් ද සීමා වෙනවා. ඊළගට මතු වන්නේ එම ආයතනවල රැස්වන මුදල් ආයෝජනය කරන්නේ කෙසේද,

දේශීය වශයෙන් ආයෝජනය කරනවාද විදේශීය වශයෙන් ආයෝජනය කරනවාද කියන ප්‍රශ්නයයි. එම තීරණය ගතයුත්තේ කවුරුන් විසින්ද යන්න අද වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවධානය යොමු විය යුතු කරුණක් බවට පත්ව තිබෙනවා.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වැදගත්ම අංශ වන්නේ මූල්‍ය අංශයයි. බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් තමයි වෙළෙඳ ආර්ථිකය තීරණය කර තිබෙන්නේ. ඒ නිසා මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන මේ සියල්ල ශක්තිමත් කර බැංකු ක්ෂේත්‍රය තුළ රජයේ අයිතිය තබා ගැනීමට රජය කටයුතු කරනවා. පාලනය කරන බැංකු කිහිපයකුත්, පුද්ගලික බැංකුවලත් කොටස් ලබාගෙන මූල්‍ය අංශයේ රජයේ ශක්තිය තබා ගැනීමට කටයුතු කළයුතුයි. එතැන් සිට තමයි අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ.

රජයේ අනෙක් ආයතන සඳහා, එදිනෙදා කෙරෙන දේශපාලන පත්වීම් මත අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම් සිදු නොවන අයුරින් නව නීති කිහිපයක් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ රට දියුණු කිරීම පිළිබඳ අප අලුතින් සිතිය යුතුව තිබෙනවා. ආර්ථිකය දියුණු නොකළහොත් ලංකාවට අනාගතයක් නැහැ.

මේ රටේ ජනතාව විදි දුක පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. 2019 වසරේ 15%ක්ව තිබූ මේ රටේ බහුමාන්‍ය දිළිදුකම අද 26%ක් දක්වා වැඩි වී තිබෙනවා. ආදායම් මාර්ගයක් නැති, අධ්‍යාපන පහසුකම් නැති කොටසක් සිටිනවා. 2032 වන විට එය 10%ක් දක්වා අඩු කර ගැනීමට ඒ අනුව අප දැන් එකඟ වෙලා තිබෙනවා. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවල ඇතුළත් වෙලා තිබෙනවා. ඒ නිසා අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි.

මෙම බහුමාන්‍ය දිළිදුභාවයට විසදුම් ලබාදීම වෙනුවෙන් තමයි අපි උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ. ඒ වගේම කොළඹ තට්ටු නිවාසවල අයිතියත් එම පදිංචිකරුවන්ට ලබාදීමට අප කටයුතු කරනවා. වත්කමක් නැති ජනතාව වෙනුවෙන් එම වත්කම ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අප අලුතින් සිතිය යුතුයි.

අපි දැන් ආර්ථික වශයෙන් දෙපයින් සිට ගත්තා විතරයි. අපිට දැන් ඇවිදින්න තිබෙනවා. කෙසේ හෝ මෙම වසරේ රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කළා. ඒ හා සමගාමීව පුද්ගලික අංශයේද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම වසරේ දී තවත් සහන ලබාදීමට ආර්ථික ශක්තියත් නොතිබුණද ලබන වසරේදී රාජ්‍ය සේවකයන්ට යම් සහනයක් ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසදීමට කමිටුවක් පත් කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ අනුව කමිටුවට සුදුසු අය පත්කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මෙය අසීරු ගමනක්. පසුගිය ආර්ථිකය අර්බුදයෙන් වැඩීම පීඩාවට ලක්වූයේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. අප සියලුදෙනා එකට මේ ගමන යා යුතුයි.

විශේෂයෙන්ම අපි සේවක කේන්ද්‍රයක් ඇති කරමු. අලුත් වෘත්තීය සමිති, සේවක අයිතිවාසිකම් ලබා ගැනීම්, ක්‍රමවේද කුමක්ද කියා අවධානය යොමු කර ඒවා ක්‍රියාත්මක කළයුතුයි. එම වැඩකටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුවෙන් වසරකට යම්කිසි මුදලක් ලබාදීමට කටයුතු කරනවා මේ පිළිබඳ අප තවදුරටත් සාකච්ඡා කරමු.

මෙම වෘත්තීය සමිති ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සහ දේශපාලය සහ වෘත්තීය සමිති ව්‍යාපාරය අතර තිබෙන සම්බන්ධතාවත්, අනාගතයේ ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳවත් සිතිය යතුයි. අද අපේ රට වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳ සියලුදෙනාගේ අදහස් ඉදිරිපත් කර එකඟතාවකට පැමිණීමට සේවක කේන්ද්‍රයක් ඇති කිරීමටත්, ඒ සඳහා ආණ්ඩුවෙන් මුදලක් ලබාදීමටත් අප සූදානම් බව ප්‍රකාශ කරමින් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මෙම කාලය තුළ කළ සේවයට මාගේ ස්තූතිය පිරිනමනවා."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහත්වරු ඉදිරියේ සිදු විය.
වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ව්‍යාජ තොරතුරු සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පොලිසිය වෙත යොමු කර ඇති පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත ඊයේ (04) පැමිණිල්ලක් ගොනුකරනු ලැබීය.
අර්ජුන මහේන්ද්‍රන් දැන් සිංගප්පූරුවේ සිටින්නේ සිය නම වෙනස් කරමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන හෙට (06 වැනිදා) මැතිවරණ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා පොලිසියේ සහ යුද හමුදාවේ නිලධාරීන් යොදවන බව යුද හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු පවසති.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11.00 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.