නවක වදය ගැන කොළඹ මහා ශිෂ්‍ය සංගමයෙන් පොලිසියට පැමිණිල්ලක්..
කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ව්‍යාජ තොරතුරු සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පොලිසිය වෙත යොමු කර ඇති පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.
කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ව්‍යාජ තොරතුරු ප්‍රමාණයක් සම්බන්ධවයි
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලය මෙරටේ විද්‍යාර්ථින් සුවිශාල ප්‍රමාණයකට සරසවි වරම් අත්කර දෙන ආයතනයකි.
එහිදී දිවයිනේ නන් දෙසින් පැමිණෙන විද්‍යාර්ථින්හට ස්වකීය විශ්වවිද්‍යාල ජීවිතය අතිශය නිදහස් හා සාමකාමී, අන් මතය ඉවසන, පොදු සහ ස්වාධීන තීරණ ගැණීමේ නිදහස සහතික කරන ලද පරිසරයක් අප විශ්ව විද්‍යාලය තුළ පවතී. ඒ සම්බන්ධව විශ්ව විද්‍යාලයීය පරිපාලනය සේ ම ශිෂ්‍ය නියෝජිතයන් වශයෙන් ශිෂ්‍ය සංගම් ද තිබඳව කැපවෙමින් කටයුතු කරනු ලබයි.
එවන් පසුබිමක මේ දිනවල විශ්ව විද්‍යාල මූලික කරගෙන කථිකාවට භාජනය වී තිබෙන නවක වදය නම් ප්‍රස්තුතයට සමගාමීව කිසියම් පිරිසක් විසින් ව්‍යාජ අන්දමෙන් ඉස්මතු කර දක්වමින් එම තත්ත්වය කොළඹ විශ්ව විද්‍යාලයටත් මෙරටේ අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතැම් විශ්ව විද්‍යාලයන් වෙතටත් අභූත චෝදනා එල්ල කරමින් පදනම් විරහිත ප්‍රකාශ ඔස්සේ මඩ ප්‍රහාර එල්ල කිරීමට අවකාශයක් ලෙස භාවිත කරනු ලබන බව හඳුනා ගත හැකි ය.
සමාජ මාධ්‍ය ඔස්සේ වේවා, ඕනෑම ආකාරයකින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අප පිළිගන්නා නමුත් මේ අන්දමින් විද්‍යාර්ථින්ගේ නම්, පින්තූර, වීඩියෝපට, පෞද්ගලික තොරතුරු සෘජුව ම සමාජගත කරමින් ඔවුන්ගේ විශ්වවිද්‍යාල ජීවිතයටත්, පෞද්ගලික ජීවිතයටත් හානි කරමින් සිදු කරන මඩ ප්‍රහාරයන්ට විරුද්ධව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව දන්වා සිටිමු.
එහිදී යම් ආකාරයක නවක වදයක් වේවා කිසියම් අපරාධයක් වේවා සිදු වී තිබේ නම් එය පැහැදිලි ලෙසම විමර්ෂණය කොට අධිකරණමය ක්‍රියාදාමයක් ඔස්සේ තීන්දු, විනිශ්චයන් ලබා දීමේ නිසි කාර්‍ය පටිපාටියක් තුළ සිදු කිරීම විනා මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තම තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් මත තවකෙකුගේ ආත්ම ගරුත්වය කෙළෙසන ආකාරයෙන් භාවිතා කිරීම කිසිසේත් ම අපට අනුමත කිරීමට නොහැකිය.
එහෙයින් උක්ත තත්ත්වය සම්බන්ධව සොයා බලා විමර්ෂණය කොට මෙලෙස ව්‍යාජ ආකාරයෙන් සිදු කරන මඩ, අපහාස, අවලාද සහ චෝදනාවන්ට සහ එලෙස සිදු කරන සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධව පැහැදිලි සහ කඩිනම් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි