
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.
මෙම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ යෝජිත G2G ආනයන ක්‍රමය ක්‍රියාත්මක වුවහොත්, දේශීය ඖෂධ කර්මාන්තය බරපතල ලෙස බලපෑමකට ලක්වී ඒ මඟින් රෝගීන්ගේ සෞඛ්‍යය, රැකියා, ආයෝජන සහ ජාතික ආර්ථිකයම තර්ජනයට ලක්වනු ඇති බවයි.
අදාළ සංගම්වරුන් පෙන්වා දෙන්නේ, රජය මෙය අයුතු ලෙස කෘතිම ඖෂධ හිඟයක් ඇති කරමින් යෝජිත ආනයන ක්‍රමය සාධාරණ කිරීමක් බවට පත් කළ බවයි. නිෂ්පාදන ලියාපදිංචි කිරීම් ප්‍රමාද කිරීම, පවතින ආනයනකරුවන් හා දේශීය නිෂ්පාදකයින්ගේ හැකියාව නොසලකා හැරීම, හා නියාමන ක්‍රියාවලියන් වළක්වා නව පද්ධතියක් ගෙන එන උත්සාහය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.
ඒ අනුව, ඔවුන් රජයට ඉල්ලීම කර සිටින්නේ:
1. යෝජිත G2G ආනයන වැඩසටහන වහා නවතා දැමීම,
2. කෘතිම හිඟය සාදන ලද බවට සැක සහිත නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනක් පැවැත්වීම,
3. දැනටමත් තිබෙන ඖෂධවල ලියාපදිංචි කිරීම් වේගවත් කිරීම,
4. කර්මාන්තය නියෝජනය කරන පාර්ශවකරුවන් සමඟ විවෘත සංවාදයක් ආරම්භ කිරීම යන කාරණා යටතේය.
මෙම ලිපිය පිළිබඳව ජනපති, අග්‍රාමාත්‍ය, සෞඛ්‍ය හා මූදල් ලේකම්වරුන්, සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරුන්ටද පිටපත් යොමු කර තිබේ.
මෙම එක්සත් හඬ සැලකිය යුතුයැයි විශේෂඥයන් පෙන්වා දෙමින්, එය ජාතික සෞඛ්‍ය ආරක්ෂාවට හා දේශීය කර්මාන්තයෙහි දිගුකාලීන ස්ථාවරභාවයට පදනමක් විය හැකි යැයිද අනතුරු අඟවති
- තිස්ස රවින්ද්‍ර පෙරේරා
මූලාශ්‍ර - theleader
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
