ජනාධිපති අනුර වියට්නාම ජනාධිපති හමුවෙයි..
වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
ඒ එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුවය.
ඒ අනුව ජනාධිපතිවරයා සහ වියට්නාම ජනාධිපතිවරයා අතර සාකච්ඡා ආරම්භ වූ අතර මේ සඳහා දෙරටේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් ද එක්විය.
සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වියට්නාම ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරය ඉතා වැදගත් බවත් එය වියට්නාම - ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 55 වන සංවත්සරය සනිටුහන් කරන බවත්ය.
ඉදිරි කාලයේදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතාව වඩාත් වැදගත් හා ඵලදායි කිරීම සඳහා සහයෝගීතාව ඇති කිරීම සඳහා කටයුතු කරන බවත් වියට්නාම ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
මෙම රාජ්‍ය සංචාරයේදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් කිහිපයක්ද අත්සන් කර තිබේ.
ඒ අතර, වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති වියට්නාම වෙළඳ ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර වෙළඳ ප්‍රවර්ධන සහයෝගීතාව පිළිබඳ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම, වියට්නාම කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම හා රේගු ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය පිළිබඳ වියට්නාම් රජය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් අත්සන් කිරීම ආදී ගිවිසුම් කිහිපයක් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි