News Category
From Date
To Date
Maximum Number of Result

වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන නොවීම හරහා රෝහල් බිඳවැටීමේ අවදානමක් - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

May 30, 2024 at 08:42 AM
|

වෛද්‍යවරුන් විදෙස් ගතවීම ඇතුලු කරුණු ගණනාවක් හේතුවෙන් උද්ගත වී ඇති වෛද්‍යවරුන්ගේ හිඟය නිසා පර්යන්තයේ රෝහල් ගණනාවක රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්ත්වය සමනය කර ගැනීමට නම් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මෙන්ම වෛද්‍යවරුන් අවශ්‍යතාවය අනුව සුදුසු පරිදි ස්ථානගත කිරීමද සිදු කළ යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් යොමුකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙරට වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර 06 කින් යාවත්කාලීන වී නැති බවත්, ජනගහනය ඉහල යාම මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සෞඛ්‍ය පද්ධතියේ පුලුල් වීමට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ අනුමත සංඛ්‍යාව ඉහල යා යුතු වුවද, කළමනාකරණ සේවා කොමිසම හරහා විවිධ හේතු දක්වමින් එය සිදු නොවීම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය තුල බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි.

අදාළ නිවේදනය පහළින්... 

මාධ්‍ය නිවේදනය

මෙරට සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන නොවීම හරහා පර්යන්තයේ රෝහල් බිඳවැටීමේ අවදානම.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් පවත්වා ගැනීම වෙනුවෙන් තීරණාත්මක සාධකය වනුයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

එහෙත් වෛද්‍යවරුන් විදෙස් ගතවීම ඇතුලු කරුණු ගණනාවක් හේතුවෙන් උද්ගත වී ඇති වෛද්‍යවරුන්ගේ හිඟය නිසා පර්යන්තයේ රෝහල් ගණනාවක රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය සමනය කර ගැනීමට නම් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මෙන්ම වෛද්‍යවරුන් අවශ්‍යතාවය අනුව සුදුසු පරිදි ස්ථානගත කිරීමද සිදු කළ යුතුය. එහිදී සීමාවාසික පුහුණුව අවසන් කරන ලද නවක වෛද්‍යවරුන්ට හැකි ඉක්මනින් පත්වීම් ලබාදී සේවා අවශ්‍යතාවය අනුව ඔවුන් ස්ථානගත කිරීම මූලික අවශ්‍යතාවයකි.

එහෙත් මේ වන විට වෛද්‍යවරුන් 1390 ක කණ්ඩායමක් සිය සීමාවාසික පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව පශ්චාත් සීමාවාසික පත්වීම ලැබෙන තුරු මාස 08 ට වැඩි කාලයක් බලා සිටීමට සිදු වී ඇත. රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීමේ අර්බුදයට මුහුණ දී සිටින රෝහල් ගණනාවකට විසඳුම් ලබා දිය හැකි මෙම වෛද්‍යවරුන් කණ්ඩායමට, පත්වීම් ලබාදීම දිනෙන් දින ප්‍රමාද වීම සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදීත් අදාළ වගකිවයුතු පාර්ශව ක්‍රියාත්මක නොවීම අවාසනාවන්ත තත්ත්වයකි.

මීට හේතුව බවට පත් වී ඇත්තේ මෙරට සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍ය සංඛ්‍යාවේ පුරප්පාඩු ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම වෛද්‍ය කණ්ඩායම අනුයුක්ත කිරීමට අවශ්‍ය අවසරය ලබාදීම කළමනාකරණ සේවා කොමිෂන් සභාව මඟින් අත්තනෝමතික ලෙස දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටීමයි. මේ හරහා ගැටලු සහ අර්බුද ගණනාවක් මතු වී ඇත.

මෙරට වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර 06 කින් යාවත්කාලීන වී නැත. මෙරට ජනගහනය ඉහල යාම මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සෞඛ්‍ය පද්ධතියේ පුලුල් වීමට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ අනුමත සංඛ්‍යාව ඉහල යා යුතු වුවද, කළමනාකරණ සේවා කොමිසම හරහා විවිධ හේතු දක්වමින් එය සිදු නොවීම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය තුල බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇත.

රජය මගින් විවිධ ප්‍රතිපාදන යටතේ නව රෝහල් සහ ප්‍රතිකාර ඒකක පිහිටුවීමට සහ සෞඛ්‍ය සේවාවන් පුලුල් කිරීමට කටයුතු කලද,මෙම තත්ත්වය යටතේ ඒවාට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම සිදුකළ නොහැකි වී ඇත. එසේ විවෘත කරන ලද ඇතැම් රෝහල් වල නවීන වෛද්‍ය උපකරණ පවා කල් ඉකුත් වීමේ තත්ත්වයක්ද මේ වන විට මතුවී ඇත.

කලුතර, ගල්ලැස්ස නව මාතෘ රෝහල (අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යව – 72/ අනුමැතිය ලැබි ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව – 25)

පේදුරුතුඩුව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය – වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත

කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ නව මාතෘ ප්‍රතිකාර ඒකකය – වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත

මාන්කුලම් මූලික රෝහලේ පුනරුත්ථාපන ඒකකය – වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත

උතුරු  කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය – වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත

ජාතික රෝහලේ බාහිර රෝගී අංශය

එමෙන්ම රට තුළ පවතින ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යමින් පවතින බව දන්නා කරුණකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව පසුගිය වසර 02 තුළදී පමණක් පද්ධතියෙන් ඉවත්ව ගිය ශ්‍රේණි වෛද්‍ය  නිලධාරීන්ගේ සංඛ්‍යාව 1500 කට ආසන්නය.

එම වෛද්‍යවරුන් ප්‍රමාණය පුරප්පාඩු ලෙස ප්‍රකාශයට පත් කිරීමද අදාළ බලධාරීන් විසින් ප්‍රමාද කිරීම හේතුවෙන්, එම පුරප්පාඩු පිරවීමට ද මෙතෙක් හැකියාවක් ලැබී නොමැත.

මෙරට තුළ වෛද්‍යවරුන් සඳහා පුරප්පාඩු නොමැති යැයි කළමනාකරණ සේවා කොමිෂන් සභාව පවසන්නේ මෙවන් පසුබිමක් යටතේ වීම ද විමතියට කරුණකි. අදාල ආයතන විසින් සටහන් කර ඇති දත්ත හා ඉලක්කම් සහ භූමියේ යථාර්ථය අතර දැවැන්ත පරතරයක් ඇති බව වගකිවයුතු කණ්ඩායම් දැනුවත්ව නැතැයි සිතීම කිසිසේත් පිළිගත නොහැකි කරුණකි.

රට තුළ වෛද්‍යවරුන් බිහිකිරීම ඉහළ නැංවිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කර ඇත. නව වෛද්‍යවරුන් බිහිකිරීම කෙසේ වුවත්, රට තුළ සිටින වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමට ද නොහැකි තත්ත්වයක් මේ වන විට මතුවී ඇත.

මෙහි බරපතලම කරුණ වනුයේ මෙලෙස පත්වීම් ලබාදීම ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇති කළමනාකරණ සේවා කොමිසම යනු ජනාධිපතිවරයා යටතේම පවතින ආයතනයක් වීමයි.

මෙරට සෞඛ්‍ය සේවාව සහ වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාත්මක කරමින් සිටියදී, ඊට අවශ්‍ය මානව සම්පත ලබාදීම අවහිර කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයා යටතේම ඇති ආයතනයක් වීම දැඩි අවධානය යොමු විය යුතු කරුණකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය තොරතුරු, පැහැදිලි කිරීම් සහ සාධාරණීකරණයන් දිගින් දිගටම ලබාදී තිබියදීත්, නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සහ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කළමනාකරණ සේවා කොමිෂන් සභාවේ අත්තනෝමතික ක්‍රියාමාර්ග නිවැරදි කිරීමට ගරු ජනාධිපතිවරයා වහාම මැදිහත් විය යුතු බව අපි විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇත.

කළමනාකරණ සේවා කොමිසමේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන්  මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය මුහුණ පා ඇති අර්බුදය ඉක්මවා එය ඛේදවාචකයක් දක්වා ගමන් කරමින් පවතී. ඒ හේතුවෙන් නුදුරු අනාගතයේදීම මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වැසී යාම වැළැක්විය නොහැකි වනු ඇත.

වෛද්‍ය හිඟය හේතුවෙන් රට පුරා රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක 400 කට අධික ප්‍රමාණයක් අඩපණ වීමේ අවදානමක් ඇති බවත්, එම ගැටලු සඳහා සාධනීය විසඳුමක් නොලැබෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස එම රෝහල් සහ ඒකක වසා දැමීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මීට පෙර තීරණය කර ඇත.

දැනට උද්ගතව ඇති ගැටලුව විසඳීමට වගකිවයුත්තන් අපොහොසත් වන්නේ නම් වෛද්‍යවරුන් නොමැතිව අඩපණ වී ඇති පර්යන්ත රෝහල් වසා දැමීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර තීරණය කිරීමට සිදුවනු ඇත.

එවන් තත්ත්වයකදී රෝගී සත්කාර සේවාවන් බිඳ වැටී අවදානම‌ට ලක්වෙන ජන ජීවිත පිළිබඳ සම්පූර්ණ වගකීම කළමනාකරණ සේවා කොමිෂන් සභාව සහ එහි නිලධාරීන් භාරගත යුතු බව ද අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහත්වරු ඉදිරියේ සිදු විය.
වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ව්‍යාජ තොරතුරු සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පොලිසිය වෙත යොමු කර ඇති පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත ඊයේ (04) පැමිණිල්ලක් ගොනුකරනු ලැබීය.
අර්ජුන මහේන්ද්‍රන් දැන් සිංගප්පූරුවේ සිටින්නේ සිය නම වෙනස් කරමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන හෙට (06 වැනිදා) මැතිවරණ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා පොලිසියේ සහ යුද හමුදාවේ නිලධාරීන් යොදවන බව යුද හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු පවසති.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11.00 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.