News Category
From Date
To Date
Maximum Number of Result

වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන නොවීම හරහා රෝහල් බිඳවැටීමේ අවදානමක් - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

May 30, 2024 at 08:42 AM
|

වෛද්‍යවරුන් විදෙස් ගතවීම ඇතුලු කරුණු ගණනාවක් හේතුවෙන් උද්ගත වී ඇති වෛද්‍යවරුන්ගේ හිඟය නිසා පර්යන්තයේ රෝහල් ගණනාවක රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්ත්වය සමනය කර ගැනීමට නම් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මෙන්ම වෛද්‍යවරුන් අවශ්‍යතාවය අනුව සුදුසු පරිදි ස්ථානගත කිරීමද සිදු කළ යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් යොමුකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙරට වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර 06 කින් යාවත්කාලීන වී නැති බවත්, ජනගහනය ඉහල යාම මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සෞඛ්‍ය පද්ධතියේ පුලුල් වීමට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ අනුමත සංඛ්‍යාව ඉහල යා යුතු වුවද, කළමනාකරණ සේවා කොමිසම හරහා විවිධ හේතු දක්වමින් එය සිදු නොවීම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය තුල බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි.

අදාළ නිවේදනය පහළින්... 

මාධ්‍ය නිවේදනය

මෙරට සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන නොවීම හරහා පර්යන්තයේ රෝහල් බිඳවැටීමේ අවදානම.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් පවත්වා ගැනීම වෙනුවෙන් තීරණාත්මක සාධකය වනුයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

එහෙත් වෛද්‍යවරුන් විදෙස් ගතවීම ඇතුලු කරුණු ගණනාවක් හේතුවෙන් උද්ගත වී ඇති වෛද්‍යවරුන්ගේ හිඟය නිසා පර්යන්තයේ රෝහල් ගණනාවක රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය සමනය කර ගැනීමට නම් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මෙන්ම වෛද්‍යවරුන් අවශ්‍යතාවය අනුව සුදුසු පරිදි ස්ථානගත කිරීමද සිදු කළ යුතුය. එහිදී සීමාවාසික පුහුණුව අවසන් කරන ලද නවක වෛද්‍යවරුන්ට හැකි ඉක්මනින් පත්වීම් ලබාදී සේවා අවශ්‍යතාවය අනුව ඔවුන් ස්ථානගත කිරීම මූලික අවශ්‍යතාවයකි.

එහෙත් මේ වන විට වෛද්‍යවරුන් 1390 ක කණ්ඩායමක් සිය සීමාවාසික පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව පශ්චාත් සීමාවාසික පත්වීම ලැබෙන තුරු මාස 08 ට වැඩි කාලයක් බලා සිටීමට සිදු වී ඇත. රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීමේ අර්බුදයට මුහුණ දී සිටින රෝහල් ගණනාවකට විසඳුම් ලබා දිය හැකි මෙම වෛද්‍යවරුන් කණ්ඩායමට, පත්වීම් ලබාදීම දිනෙන් දින ප්‍රමාද වීම සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදීත් අදාළ වගකිවයුතු පාර්ශව ක්‍රියාත්මක නොවීම අවාසනාවන්ත තත්ත්වයකි.

මීට හේතුව බවට පත් වී ඇත්තේ මෙරට සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍ය සංඛ්‍යාවේ පුරප්පාඩු ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම වෛද්‍ය කණ්ඩායම අනුයුක්ත කිරීමට අවශ්‍ය අවසරය ලබාදීම කළමනාකරණ සේවා කොමිෂන් සභාව මඟින් අත්තනෝමතික ලෙස දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටීමයි. මේ හරහා ගැටලු සහ අර්බුද ගණනාවක් මතු වී ඇත.

මෙරට වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර 06 කින් යාවත්කාලීන වී නැත. මෙරට ජනගහනය ඉහල යාම මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සෞඛ්‍ය පද්ධතියේ පුලුල් වීමට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ අනුමත සංඛ්‍යාව ඉහල යා යුතු වුවද, කළමනාකරණ සේවා කොමිසම හරහා විවිධ හේතු දක්වමින් එය සිදු නොවීම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය තුල බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇත.

රජය මගින් විවිධ ප්‍රතිපාදන යටතේ නව රෝහල් සහ ප්‍රතිකාර ඒකක පිහිටුවීමට සහ සෞඛ්‍ය සේවාවන් පුලුල් කිරීමට කටයුතු කලද,මෙම තත්ත්වය යටතේ ඒවාට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම සිදුකළ නොහැකි වී ඇත. එසේ විවෘත කරන ලද ඇතැම් රෝහල් වල නවීන වෛද්‍ය උපකරණ පවා කල් ඉකුත් වීමේ තත්ත්වයක්ද මේ වන විට මතුවී ඇත.

කලුතර, ගල්ලැස්ස නව මාතෘ රෝහල (අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යව – 72/ අනුමැතිය ලැබි ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව – 25)

පේදුරුතුඩුව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය – වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත

කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ නව මාතෘ ප්‍රතිකාර ඒකකය – වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත

මාන්කුලම් මූලික රෝහලේ පුනරුත්ථාපන ඒකකය – වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත

උතුරු  කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය – වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත

ජාතික රෝහලේ බාහිර රෝගී අංශය

එමෙන්ම රට තුළ පවතින ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යමින් පවතින බව දන්නා කරුණකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව පසුගිය වසර 02 තුළදී පමණක් පද්ධතියෙන් ඉවත්ව ගිය ශ්‍රේණි වෛද්‍ය  නිලධාරීන්ගේ සංඛ්‍යාව 1500 කට ආසන්නය.

එම වෛද්‍යවරුන් ප්‍රමාණය පුරප්පාඩු ලෙස ප්‍රකාශයට පත් කිරීමද අදාළ බලධාරීන් විසින් ප්‍රමාද කිරීම හේතුවෙන්, එම පුරප්පාඩු පිරවීමට ද මෙතෙක් හැකියාවක් ලැබී නොමැත.

මෙරට තුළ වෛද්‍යවරුන් සඳහා පුරප්පාඩු නොමැති යැයි කළමනාකරණ සේවා කොමිෂන් සභාව පවසන්නේ මෙවන් පසුබිමක් යටතේ වීම ද විමතියට කරුණකි. අදාල ආයතන විසින් සටහන් කර ඇති දත්ත හා ඉලක්කම් සහ භූමියේ යථාර්ථය අතර දැවැන්ත පරතරයක් ඇති බව වගකිවයුතු කණ්ඩායම් දැනුවත්ව නැතැයි සිතීම කිසිසේත් පිළිගත නොහැකි කරුණකි.

රට තුළ වෛද්‍යවරුන් බිහිකිරීම ඉහළ නැංවිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කර ඇත. නව වෛද්‍යවරුන් බිහිකිරීම කෙසේ වුවත්, රට තුළ සිටින වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමට ද නොහැකි තත්ත්වයක් මේ වන විට මතුවී ඇත.

මෙහි බරපතලම කරුණ වනුයේ මෙලෙස පත්වීම් ලබාදීම ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇති කළමනාකරණ සේවා කොමිසම යනු ජනාධිපතිවරයා යටතේම පවතින ආයතනයක් වීමයි.

මෙරට සෞඛ්‍ය සේවාව සහ වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාත්මක කරමින් සිටියදී, ඊට අවශ්‍ය මානව සම්පත ලබාදීම අවහිර කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයා යටතේම ඇති ආයතනයක් වීම දැඩි අවධානය යොමු විය යුතු කරුණකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය තොරතුරු, පැහැදිලි කිරීම් සහ සාධාරණීකරණයන් දිගින් දිගටම ලබාදී තිබියදීත්, නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සහ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කළමනාකරණ සේවා කොමිෂන් සභාවේ අත්තනෝමතික ක්‍රියාමාර්ග නිවැරදි කිරීමට ගරු ජනාධිපතිවරයා වහාම මැදිහත් විය යුතු බව අපි විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇත.

කළමනාකරණ සේවා කොමිසමේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන්  මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය මුහුණ පා ඇති අර්බුදය ඉක්මවා එය ඛේදවාචකයක් දක්වා ගමන් කරමින් පවතී. ඒ හේතුවෙන් නුදුරු අනාගතයේදීම මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වැසී යාම වැළැක්විය නොහැකි වනු ඇත.

වෛද්‍ය හිඟය හේතුවෙන් රට පුරා රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක 400 කට අධික ප්‍රමාණයක් අඩපණ වීමේ අවදානමක් ඇති බවත්, එම ගැටලු සඳහා සාධනීය විසඳුමක් නොලැබෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස එම රෝහල් සහ ඒකක වසා දැමීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මීට පෙර තීරණය කර ඇත.

දැනට උද්ගතව ඇති ගැටලුව විසඳීමට වගකිවයුත්තන් අපොහොසත් වන්නේ නම් වෛද්‍යවරුන් නොමැතිව අඩපණ වී ඇති පර්යන්ත රෝහල් වසා දැමීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර තීරණය කිරීමට සිදුවනු ඇත.

එවන් තත්ත්වයකදී රෝගී සත්කාර සේවාවන් බිඳ වැටී අවදානම‌ට ලක්වෙන ජන ජීවිත පිළිබඳ සම්පූර්ණ වගකීම කළමනාකරණ සේවා කොමිෂන් සභාව සහ එහි නිලධාරීන් භාරගත යුතු බව ද අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.