
ආර්ථික පරිවර්තන පනත “පිස්සාගේ පලා මල්ල” වගේ... මේ පනතින් බිහි කරන ආයතන රංචුව හරියට බූවල්ලෙක් වගේ - උදය ගම්මන්පිල
ජනපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් වසර දෙකකට කල් දැමීම සදහා ඉදිරිපත් කරන යෝජනාව ඔක්තෝම්බර් මාසයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිධූරයේ තවදුරටත් රදවා ගැනීමට පාලිත රංගේ බණ්ඩාර මහතා දකින සිහිනයක් පමණක්ම වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත හැඳින්වීමට තිබෙන හොඳම යෙදුම “පිස්සාගේ පලා මල්ල” වගේ කියන එකයි. ඇයි අපි එහෙම කියන්නේ. කිසිම ඉලක්කයක් අරමුණක් නැතිව විවිධ ආයතන ගොන්නක් බිහි කරන්නත් අනාගතයේ ලඟා කර ගැනීමට කැමැති සිහින රංචුවක් ලියා තැබීමකුත් විතරයි මේකෙ දකින්න පුළුවන්. සිහින සාප්පු පනත කිව්වා නම් තවත් හොඳයි කියලා මට හිතෙන්නේ.
මේ පනතින් බිහි කරන ආයතන රංචුව හරියට බූවල්ලෙක් වගේ. අළුතින් බිහි කරන ආයතන හතේම පත්වීම් කරන්නේ ජනාධිපති. පාලනය කරන්නේ ජනාධිපති. ඒ කියන්නේ බූවල්ලාගේ අඬු වගේ ආර්ථිකය පුරා විහිදෙන මේ ආයතන බූවල්ලාගේ අඬු හිසට සවි වී තිබෙන ආකාරයට ජනපතිට සවි වෙලා තිබෙනවා. සමස්ත ආර්ථිකය පාලනය කිරීම ජනාධිපතිවරයා අතට අරන් දැනටමත් ඒකාධිපති බලයක් තිබෙන ජනාධිපති ධූරය තවත් සවිමත් කිරීමක් තමයි මේ පනතින් හොර රහසේම සිදු කරන්නේ.
මේ පනත අයිඑම්එෆ් ගිවිසුමට අනුව හැදූ පනතක් ලෙස සමහරු අර්ථ දැක්වුවත් ඒ ගිවිසුමේ නම් මෙවැනි පනතක් ගේන්න කියලා නෑ. ඒ වගේම මේ පනත අයිඑම්එෆ් ගිවිසුමට පටහැනියි. ගිවිසුමෙන් ඉලක්ක දීලා තිබෙන්නේ රාජ්‍ය වියදම අඩු කරන්න. නමුත් මේ පනතින් අළුත් ආයතන 7ක් බිහි කරලා. ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ඉන්වෙස්ට් ශ්‍රී ලංකා, ඉන්වෙස්ට්මන්ට් සෝන්ස් ශ්‍රී ලංකා, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය, ජාත්‍යන්තර වෙළඳ තානාපති, ජාතික ඵලදායිතා කොමිසම, ආර්ථික සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මේ ආයතන හතයි. ආයෝජන මණ්ඩලය කෑලි කෑලි වලට කඩලා අධ්‍යක්ෂ මණ්ඩල, සභාපතිවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු වෙන වෙනම පත් කලාම අයිඑම්එෆ්ට පොරොන්දු වුණු විධියට රාජ්‍ය වියදම අඩු වෙනවා ද? නැතිනම් වැඩි වෙනවා ද?
මේ පනත අනුව 2027 පසු ආර්ථික වර්ධන වේගය 5%ට වඩා වැඩි කරන්න 2050 වන විට කාන්තා ශ්‍රම බලකායේ සහභාගිත්වය 50% කරන්න යනා දි වශයෙන් ඉලක්ක ගණනාවක් ඇමති මණ්ඩල විසින් කළ යුතුයි කියා භාර දී තිබෙනවා. ඕනෑම පනතක යම් විධානයක් කඩ කලාම ලබා දෙන දඬුවම තිබෙනවා. නමුත් මේ ඉලක්ක සපුරා ගත්තේ නෑ කියලා ඇමති මණ්ඩලයට කිසිම දඬුවමක් නෑ. හිරේ දානවා නොවෙයි ඇමති ධූරය අහිමි වෙනවා කියලාවත් නෑ. එහෙම නම් මේක නිකන්ම නිකන් ඉලක්කයක් මිස නීතියක් නොවේ.
ජනමත විචාරණය රංගේගේ සිහිනයක් පමණයි
ජනමත විචාරණයක් පවත්වලා ජනපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් අවුරුදු දෙකකට කල් දාන්න එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර මැතිතුමා යෝජනා කරලා තිබෙනවා. ආණ්ඩුව ඉදිරි ජනපතිවරණය දිනනවා නම් ජනාධිපතිට අවුරුදු දෙකක් වෙනුවට පහක්ම ලැබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය ආණ්ඩුව දිනනවා නම් එතැනත් අවුරුදු පහක් ලැබෙනවා. අවුරුදු පහක් ලබා ගන්න පුළුවන් මැතිවරණ දෙකට මුහුණ නොදී අවුරුදු දෙකකින් කාලය දිගු කරන්න කියා එජාප මහ ලේකම් ඉල්ලා සිටින්නේ තමන්ට ඡන්දය දිනන්න බැරි බව දන්නා නිසායි. ආණ්ඩුව ඉදිරි ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජයට පත් වන බව පිලිගන්න නිහතමානි වුණාට රංගේ බණ්ඩාර මැතිතුමනි ඔබට බොහොම පිං.
සමහරු කියනවා ජනමත විචාරණයකින් ජනපතිවරණය කල් දාන්න බෑ කියලා. ඒක වැරදියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය අනුව ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය අරගෙන ජනපතිවරණය කල් දාන්න පුළුවන්. නමුත් මෙවර ජනපතිවරණයේ දී 40%ක් ගන්නා අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා. නමුත් ජනමතවිචාරණය ජයග්‍රහණය කරන්න අනිවාර්රයෙන් 50%ට වැඩි ඡන්දයක් ගන්න ඕනෑ. ඒ වගේම ජනපතිවරණයක දී අපේක්ෂකයින් සියළුදෙනාම එකිනෙකා අතර තරගයක් තිබෙන්නේ. නමුත් ජනමත විචාරණයේ දී ආණ්ඩුව එක පැත්තක. විපක්ෂයේ අපේක්ෂකයින් සියළුම දෙනා අනිත් පැත්තේ. ඉතින් ජනපතිවරණයක් දිනන්න ආණ්ඩුවට බැරි නම් ඊට වඩා අමාරු ජනමත විචාරණය දිනන්නේ කොහොමද? 82 වගේ ලාම්පු කළගෙඩි සෙල්ලම නෙවෙයි නේද කියලා අපිට අහන්න වෙනවා. මේක ඔක්තෝම්බර් මාසයෙන් පසු ජනපති ධූරයේ වත්වමන් ජනපතිවරයා තවදුරටත් රදවා ගැනීමට රංගේ බණ්ඩාර මහතා දකින සිහිනයක් විතරයි."
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
