ජාතික සංවිධාන සැමදා ක්‍රියාකළේ රට තුළ ජාතික මතය පෝෂණය කිරීමට මිස කිසිවෙකුත් බලයට ගෙනඒම සඳහා නොවෙයි... ග්‍රහයන් සූර්යා ළඟින් යනවා මිස සූර්යා ග්‍රහයන් ළඟට යන්නේ නැහැ - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ජාතික සංවිධාන දීර්ඝ කාලයක සිට ක්‍රියාකළේ රට තුළ ජාතික මතය පෝෂණය කිරීමට මිස කිසියම් පුද්ගලයකු බලයට ගෙන ඒමට නොවන බවත්, සූර්යා වටා ග්‍රහලෝක කැරකෙන විට සමහර ග්‍රහයින් සූර්යා ළඟින් ගිය ද සූර්යා ග්‍රහයින් ළඟට නොයන බව හා සූර්යා ළඟින් එම ග්‍රහයා යන විට එම ග්‍රහයා සිටින්නේ සූර්යා සමග බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇති බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවසුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මූලිකත්වයෙන් ඊයේ(27) දින පැවති ජාතික න්‍යායපත්‍රයක මූලාරම්භය (ජාතියට එක් න්‍යායපත්‍රයක්) සම්මුතිය අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
රට භූමියක් ලෙස එකට තිබිය යුතු මතය, රට තුළ පිහිටි ඓතිහාසික අයිතීන් හා සම්පත් රටට හිමිවිය යුතුය යන මතය, රට තුළ සිටින මිනිසුන් ජාතියක් ලෙස එකයි යන මතය මෙන්ම රටේ අනාගතය උදෙසා රටට අවශ්‍ය වන මානව සම්පත රටේ අවශ්‍යතාව අනුව නිර්මාණය කිරීම උදෙසා වන දැනුම්වත් කිරීම සිදුකළ යුතුය යන මතය ජාතික සංවිධාන තුළ සැමදා තිබූ බවද උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙන ලදී.
එසේ නොමැතිව ජාතික සංවිධාන යනු එක එක වේලාවන් වලදී කිසිවෙකුට පාවිච්චි කිරීමට ඇති උපකරණයක් නොවන බවත් මෙහිදී පෙන්වා දුන් ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ, ජාතික සංවිධාන කිසිම විටෙක තවත් පිරිසකගේ මතය වෙනුවෙන් පාවිච්චි වන කුළී පිරිසක් නොවන බවද පෙන්වා දෙන ලදී.
එමනිසා ජාතික සංවිධාන ලෙස ජාතියට එක් න්‍යායපත්‍රයක් යන්න රටට කියා තිබිය යුතු බවත්, එක් න්‍යායපත්‍රයකට ජාතික සංවිධාන ගොනුවීම තුළින් ජාතික සංවිධාන සතු මානව බලය තවත් වර්ධනය වන බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වාදෙන ලදී.
රටේ තිබෙන සම්පත් ඉන්දියාවට හෝ චීනයට හෝ වෙනත් රටකට කුළියට හෝ, බද්ධට හෝ අලෙවිය සඳහා හෝ දීමෙන් රටක් ඉදිරියට යන බව කිසිවෙකු සිතන්නට හැකි බව ද, එහිදී රටේ සම්පත්, අධ්‍යාපනය, ප්‍රජාව සම්බන්ධයෙන් ඒකාබද්ධ මතයක් ජාතික සංවිධාන තුළ තිබිය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් මෙහිදී පැවසූහ.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය