
31 දක්වා වැසි... දිස්ත්‍රික්ක 19ක හතළිස් හතර දහසක් පීඩාවට
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් පහකට තවදුරටත් පවතින වැසි හා සුළං තත්ත්වය ලබන 31 වැනිදා තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
31 වැනිදා අඩු වුවත් නැවත ජුනි 01,02,03 යන දිනවල වර්ෂාව වැඩිවිය හැකි බවද, මෙම තත්ත්වය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණ පළාත්වලට බලපාන බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි.
උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ‘රෙමාල්’ සුළි කුණාටු තත්ත්වය පහව ගියත් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, කල්පිටිය, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි නිසා නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 – 3.0 දක්වා ඉහළ යා හැකි බව පැවසේ.
මේ අතර, ගම්පහ, මහනුවර, පුත්තලම, කොළඹ, රත්නපුර, කෑගල්ල, අනුරාධපුරය, ගාල්ල, කළුතර, යාපනය, හම්බන්තොට, බදුල්ල, මාතර, කුරුණෑගල, නුවරඑළිය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, මුලතිව් යන දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 176කට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයෙන් පවුල් 11,548ක පුද්ගලයන් 43,792ක් පීඩාවට පත්ව ඇති බවට වාර්තා වේ.
ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 07ක්, තුවාල සිදුවීම් 15ක්, නිවාස අර්ධහානි 3457, නිවාස පූර්ණහානි 15ක් වාර්තා වී ඇත. පීඩාවට පත්වූවන්ගේ පවුල් 123ක පුද්ගලයන් 473ක් ඥාති නිවාසවලද, පවුල් 621කට අයත් පුද්ගලයන් 2335ක් ආරක්ෂක ස්ථාන 17ක රැඳවීමට පියවර ගෙන ඇත. මරණ හත පුත්තලම 03ක්, රත්නපුර 01ක්, නුවරඑළිය 01ක් සහ බදුල්ල 01ක් ලෙස වාර්තා වී ඇත. මෙම මරණ 07ම ගස් කඩාවැටීම නිසා සිදුවී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
