News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදන්න බයයි... තමන් හදන ප්‍රතිපත්ති ප්‍රකාශය වත් විශ්වාස කරන්න ආත්ම විශ්වාසයක් නැති අයට ජාතියක අනාගතය භාර දෙන්නේ කොහොමද? - උදය ගම්මන්පිල ප්‍රශ්න කරයි

May 28, 2024 at 07:18 AM
|

බෙදුම්වාදී , අධිරාජ්‍යවාදී බලවේග කුමණ සැලසුම් තැනුවද මෙරට ජාතික ව්‍යාපාරය මරාදැමිය නොහැකි බවත්, එසේ මරාදැමීමට ද ඉඩ නොතබන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම  (27) සිදු කෙරුණු අතර එම අවස්ථාව හා එක් වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ අදහස් පල කලේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජාතික ව්‍යාපාරය මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ

සමහරු බලාගෙන හිටියේ මෙවර මැතිවරණයෙන් ජාතික ව්‍යාපාරය වල දාලා මල බත කන්නයි. තවත් සමහරුන් සිහින මැවුවේ ජාතික ව්‍යාපාරය අලුකරලා අළුමතින් ජය පැන් බොන්නයි. අධිරාජ්‍යවාදී බලවේග, බෙදුම්වාදී බලවේග, අන්තවාදී බලවේග, මේ සිහිනයත් එක්ක බොහෝ කාලයක් ජීවත්වුණා විතරක් නෙමෙයි දැවැන්ත සැලසුම් හැදුවා.

සර්වජන බලය ලෙසින් අද අපි එකට එකතු වුණේ ජාතික ව්‍යාපාරය මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ, අපි සැම එකට එකතු වෙලා ඒක මරන්න ඉඩදෙන්නෙත් නෑ කියන පණිවිඩය සතුරු බලවේග වලට කියන්නයි.

මිත්‍රවරුනි අද අපේ ආදරණීය මව්බිම ඉන්නේ දැවැන්ත අභියෝගයක. මව්බිම ගිනිගන්නා විට මේ මව්බිම ගිනි තැබුවේ කවුදැයි සොයමින් එකිනෙකාට ඇඟිලි දිගු කර ගන්නවා මිස මේ ගිනි නිවීමේ මඟ සොයන එක ජාතියේ නායකයින් අමතක කර තියෙනවා.

ඒ නිසාම තමයි එකිනෙකා පිළිබඳ කර්කශ විවේචන මිසක වඩාත් සුදුසු විසඳුම පිළිබඳ සංවාදයක් අපේ සමාජයේ දක්නට ලැබෙන්නේ නැත්තේ. අද අපි එකතු වන්නේ විවේචන ගොන්නට අලුත් විවේචනයක් එකතු කරන්න නෙමෙයි. විසඳුම කුමක්ද කියන හරවත් සංවාදය මේ සමාජය තුළ ඇති කරගන්නයි.

අපේ අර්බුදයට හේතුව සහ පිළිතුර සරලවම මෙන්න

අපේ අර්බුදයට හේතුව හරිම සරලයි. එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ ආදායම වගේ දෙගුණයක් මුදල් වියදම් කරලා රුපියල් අර්බුදයක් ආණ්ඩුව හදාගෙන තියෙනවා. 2022 වසරේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අඩුම ලොව රටවල් හය අතරට ලංකාව එකතු වුණා. අනික් පැත්තෙන් අපි පිටරටට බඩු විකුණලා ලබන ඩොලර් ආදායම වගේ දෙගුණයක් පිටරටින් බඩු ගේන්න වියදම් කරලා මේ පරතරය පියවා ගන්න ඩොලර් වලින් ණය අරගෙන, ණය ටික ගෙවා ගන්න බැරි උනාම ණය ගෙවන්නත් ණය ගැනීම නිසා අද අපි දැවැන්ත ඩොලර් අර්බුදයක ගෙවුම් ශේෂ අර්බුදයක හිරවෙලා ඉන්නවා. ඉතිං අපි බංකොලොත් වෙන එක අහන්නත් දෙයක්ද?

දැන් රට බංකොලොත් වෙලා අවුරුදු දෙකකට වැඩියි. අපේ මොන නායකයාද අපට කිව්වේ සිරිලක දේ සිරි සැප දේ, ගන්න අපේ දේ කියලා. මොන නායකයද අපට ඇවිල්ල කිව්වේ හදන්න පුළුවන් හැමදේම හදමු. වවන්න පුළුවන් හැමදේම වවමු. අපි මේ ප්‍රශ්නයෙන් ගොඩ යමු කියලා.

අද හැමෝටම ප්‍රශ්නයට උත්තරේ හොයාගන්න බැරි වෙලා තියෙන්නේ හේතුව අඳුරාගන්න බැරි නිසයි. ඔබට හේතුව හොයාගන්න බැරි වුනොතින් දුකින් මිදීමේ මාර්ගය හොයාගන්න බැරුව යනවා.

අද සමහර දේශපාලන බලවේග හිතාගෙන ඉන්නේ දුෂණය තමයි මේ අර්බුදයට හේතුව කියල. ඒ නිසා වසර පනහකට වඩා පරණ හොරු ඇල්ලීමේ සටන් පාඨය මුරගාමින් ඒ අය රාජ්‍ය බලය ඉල්ලනවා. නමුත් දැවැන්ත දුෂණයක් තියෙන අපේ අසල්වැසි රට ඉන්දියාව අද ලෝකයේ දැවැන්තම ආර්ථික වර්ධන වේගයක් ඇති රටවල් අතරටත් එකතු වෙලා. එහෙමනම් අපේ ප්‍රශ්නයට හේතුව දූෂණය නෙමයි නම් මොකක්ද ? මේ ප්‍රශ්නයට හේතුව හඳුනා ගන්නතුරු අපි කාටවත් මේ ප්‍රශ්නයට උත්තර හොයාගන්න බැරිවෙනවා. ඉන්දියාව ගොඩ යන්නේ 1991 දී තමන්ගේ ජාතික ආර්ථිකය ගොඩනගන ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ගිය නිසයි. තමන් ගැන විශ්වාසය තියලා ජාතියක් ලෙස නැගී සිටීම ආරම්භ කළ නිසයි.

මාලිමාව නොකරන දේ මෙන්න

මාලිමාවේ ජනපති අපේක්ෂකයා නම්කර වසරකටත් වැඩියි. තවමත් ඔවුන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට කියලා නෑ. කියල නෑ නෙවෙයි කියන්නේ නෑ. කියන්නේ නෑ නෙවයි කියන්න බෑ. මොකද ඒක කිව්වට පස්සේ ජනතාව ඒක විවේචනය කරයි කියලා බයයි. එකේ අඩුපාඩු පෙන්නයි කියලා බයයි. තමන් හදන ප්‍රතිපත්ති ප්‍රකාශය වත් විශ්වාස කරන්න ආත්ම විශ්වාසයක් නැති අයට ජාතියක අනාගතය භාර දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතුවෙනවා.

අපි අද දස වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ජාතිය හමුවේ තැබුවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම් වෙලා මාසයක් ඇතුළත අපේ උපායමාර්ගික වැඩසටහන රටේ ජනතාව හමුවට ගේනවා. අපි ලෑස්ති වැඩසටහන පිළිබඳව ජනතාව සමග සංවාද කරන්න. අනිකුත් බලවේග වගේ අපේ අදහසක් නෑ ජනාධිපතිවරණයට සති දෙක තුනක් තියලා ‍ප්‍ර්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරලා ජනතාවට අඩුවෙන්ම බලන්න සලස්වලා විවේචන වලින් පැනලා දුවන්න. අපි ලෑස්ති ජනතාව එක්ක සංවාද කරන්න. අපේ අඩුපාඩු හඳුනාගන්න. ඒ වැඩපිළිවෙල මහපොළොවේ ක්‍රියාත්මක කරද්දී නිරන්තර ජනතා සංවාදයක යෙදෙන්න.

අඳුරට සාප කරමින් සිටියා ඇති. දැන් පහන් දල්වන්න පටන් ගමු. අපි විවේචනය කරමින් සිටියා ඇති. විසඳුම් ගැන සංවාදය ආරම්භ කරමු.

ආර්ථික සංවර්ධනයක් ළඟා කරගත් පමණින් ජනතාව සංතෘප්තියට පත්වෙන්නේ නෑ. ධනවත් ඇමරිකාව ලෝකයේ මිනීමැරුම් වලින් අංක එක. ධනවත් ඇමෙරිකාව මත්ද්‍රව්‍ය භාවිතයෙනුත් අංක එක. ඒ නිසා තමයි ආර්ථික සංවර්ධනයත් සමග තුලනාත්මකව ඉදිරියට යන මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනය තුළින් සතුටු දැයක් ජාතියට තිළිණ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.

අන්න ඒ සතුටු දැය ගොඩනගන්න අප සමග එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම ආරාධනා කරමින් අපි හැමෝම අනාගතයේ එක දවසක එකට සිනාසෙමු. ඒක වෙන කවුරුවත් කරල දෙන්නෙ නෑ. කළ යුත්තේ කළ හැක්කේත් අපිට පමණයි. ඒ ගමන යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා.

“එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” සර්වජන අදිටන් සම්මුතිය, යන නමින් හඳුන්වා ඇති දස වැදෑරුම් ප්‍රතිපත්තිමය සම්මුතියකට මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් එහි නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් පී. ජී. ඩී. වී. තිලකසිරි (පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වෙනුවට) ‘යුතුකම’ ජාතික සංවිධානය වෙනුවෙන් එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන මහත්වරු මෙහිදි අත්සන් තැබූහ.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.