News Category
From Date
To Date
Maximum Number of Result

මන්ත්‍රීවරු 193ක් හමු වුනා... ඉන් 53ක් සමග සමීපව සාකච්ඡා කළා - දිලිත් ජයවීර කියයි

May 28, 2024 at 07:06 AM
|

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකාබද්ධව විවේචන, විසඳුම් සහ පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක් යන තේමාව යටතේ “සර්ව ජන බලය” නමින් නව දේශපාලන සන්ධානයක් (27) ආරම්භ කෙරිණි.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසීංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මෙලෙස ගිවිසුම්ගත වුණි.

ඒ අනුව එම නව දේශපාලන සන්ධානය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අත්සන් තැබීම  කොළඹ මූවන්පික් හෝටලයේදී (27) පෙරවරුවේ සිදු කෙරිණි.

එහිදී “එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්” තේමා කර ගනිමින් දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක්ද එළිදක්වනු ලැබීය.

මෙම ගිවිසුම් ගත වීමෙන් පසු දේශපාලන නායකයින් සිදු කළ කතා පහත දැක්වේ

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර

“දේශපාලකයාට වන්දනාමාන කළ මිනිස්සු මතක තියාගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඔක්කොම ඉන්නේ තමන්ගේ බඩ වඩා ගන්න වැඩපිළිවෙලක. එම නිසා ඔබගේ පෞද්ගලික පටු අභිලාෂයන් පැත්තක තබා අප සමග එකතු වෙන්න” යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජයවීර මහතා මෙසේ පැවසීය

“මව්බිම ජනතා පක්ෂය පසුගිය කාලයක් තිස්සේ දැඩි ලෙස උත්සහ කළා ජාතිකවාදී කදවුර එක්තැන් කර ගන්න. අපි වසර 30කට ආසන්න කාලයක් උත්සහ කළා  ලංකාවේ ජාතිකත්වය අපේ ජාතිකවාදී කදවුර දැක ගැනීමට. මම හැමවිටම නියෝජනය කළ කදවුර අද තීරණාත්මක ලෙස එකතු වී තිබෙනවා. මෙහි ප්‍රධාන මහා පොදු සාධකය ජාතිකත්වය සහ මනුස්සකම. ඒ වගේම සත්භාවය. ප්‍රධාන ධාරාව වන ජාතිකත්ව ධාරාව අපේ රටේ ජීවනාලිය. එය රැක ගැනීම සදහායි අපි හැමදාම උත්සහ කළේ. ඒ සදහා මම දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 193කු හමු වෙලා තියෙනවා. මම ඉන් 53කු සමග සමීපව සාකච්ඡා කළා. තව මිතුරන් අප සමග එකතු වෙයි. නමුත් විවිධ හේතුන් නිසා ඔවුන් අද මෙතන නොහිටියත් ඔවුන් සියළුදෙනාගෙන්ම ප්‍රකට වුන එක කාරණයක් තියෙනවා. මේ රටේ ජනතාව දැන ගන්න ඕන. ඔබේ මළ ගෙදරට ආපු, විවාහ උත්සවයට ආපු ඒ දේශපාලකයා කොළඹදී නැහැ. ඒ දේශපාලකයා ඔබ නියෝජනය කරන දේශපාලකයා නෙවේ. ඔබ ගමේ ඉපදුන මිනිහා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉතාම පටු වරප්‍රසාද වෙනුවෙන් මේ ජාතිය පාවා දෙන පනත්වලට අත උස්සනවා. අපිට හරි කණගාටුයි. හැටනව ලක්ෂයක් ජනතාව විශ්වාස කළා තුනෙන් දෙකක් බලය දෙනකොට ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තුළ පිරිසක් ඇති වෙයි කියලා. අද අපි ඉතාම ලැජ්ජා සහගත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසාම  ලංකාවේ ජනතාව මේ දේශපාලනය ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා.කාලයක් තිස්සේ මේ දේශපාලකයාට වන්දනාමාන කළ මිනිස්සු මතක තියාගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඔක්කොම ඉන්නේ තමන්ගේ බඩ වඩා ගන්න වැඩපිළිවෙලක. එහෙම නැත්තම් කොහොමද අපි නියෝජනය කරමින් අද මේ වෙන වෙන තැන්වල රිංගන්නේ කොහොමද. චන්න කිව්වා වගේ සිග් සැග් ක්‍රමයට. අද මෙතන. හෙට අතන. අනිද්දා ආයේ මෙතන. ඒ නිසා රට වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් දේශපාලනය ඉතුරු වෙලා තියෙන තැන තමයි සර්වජන බලය. ඒ නිසා අපිට අපේ රට නැති වෙන්නට යන මේ තීරණාත්මක මොහොතේදී ඔබ සියලු දෙනා එකතු වෙන්නට ඕන. ඔබගේ පෞද්ගලික පටු අභිලාෂයන් පැත්තක තියලා එකට යන්න පුළුවන් ගමනක් නිර්මාණය කරගෙන යමු. ඒ සදහා අපි සමග එකතු වෙන්න.” යැයිද හෙතෙම කිවේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

අද ලෝකයේ ප්‍රධාන රටවල දේශපාලන දහම තමයි නව ලිබරල්වාදය. නව ලිබරල්වාදය කියලා කියන්නේ රාජ්‍ය අතුරුදහන් කරනවා. රාජ්‍ය භූමිකාව අහිමි කරන්න ඕන. ඒ වගේම සාමුහිකත්වය බිද දමන්න ඕන. ඕක තමයි නව ලිබරල්වාද දර්ශනය. නවසීලන්තය ගත්තොත් පාසලකට දරුවෙක් ඇතුලත් කිරීම සදහා අයදුම් පතක් පිරවීමේදී මව සහ පියා අහන්නේ නැහැ. ජේ. ආර් කිවේ “මට ගැහැණියක් පිරිමියෙක් කරන්න බැහැ පිරිමියෙක් ගැහැණියක් කරන්න බැහැ” කියලා විතරයි. දැන් රනිල් වික්‍රමසිංහ ඒකාධිපති පනතක් ගේනවා සමලිංගිකත්වය බලගන්වන පනතක්. එතකොට ජේ. ආර්ට කරන්න බැරි වුන දේ රනිල් වික්‍රමසිංහ කරන්න හදනවා. එතකොට ගැහැණියකට පිරිමියෙක් වෙන්නත් පුළුවන්, පිරිමියෙකුට ගැහැණියක් වෙන්නත් පුළුවන්. දැන් මේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය තමයි අද විවිධ ස්වරූපයෙන් අපේ හිස පල්ලේ ක්‍රියාත්මක වෙන්නේ. එකේ ආකාර දෙකක් තියෙනවා. දක්ෂිනාංශ ලිබරල්වාදය සහ වාම ලිබරල්වාදය. මේ කදවුරු දෙක තමයි අද  ලංකාවේ දේශපලනයේ පිටින් තියෙන්නේ. දක්ෂිනාංශ ලිබරල්වාදයේ අද ඉන්න ප්‍රධාන නියෝජිතයා රනිල් වික්‍රමසිංහ. දක්ෂිනාංශ ලිබරල්වාදය කියනවා ගේනවා ප්‍රතිසංධානය සදහා පනතක් අපේ ආරක්ෂක හමුදාවට දඩුවම් කරන්න. වාමාංශික ලිබරල්වාදය ඒ ගැන වචනයක්වත් නොකියා අහක බලාගෙන ඉන්නවා. දක්ෂිනාංශ ලිබරල්වාදය කියනවා 13 සම්පුර්ණ වශයෙන් බල ගන්වනවා කියලා. වාමාංශික ලිබරල්වාදයේ මහාචාර්ය හරිනි මන්ත්‍රීවරිය කියනවා ඒ සදහා සම්පුර්ණ සහය ලබා දෙනවා කියලා. ඒ වගේම ලාල් කාන්ත කියනවා නීති හැදීමේ බලය සහ නීති ක්‍රියාත්මක කිරීමේ බලය ජනපතිට නැහැ කියලා. ඒ කියන්නේ දක්ෂිනාංශ ලිබරල්වාදයටත් එහාට ගිහිල්ලා. ඊළගට ලිංගික සමානාත්මතාව ඇති කිරීම සදහා වූ පනත. එය කෙටුම්පත් කරමින් සිටිනවා. වාමාංශික ලිබරල්වාදය සද්ද නොකර ඉන්නවා. වාමාංශික ලිබරල්වාදය කියනවා සමන්මලී මැතිනිය කියනවා ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕන කියලා. ඒකට ටිල්වින් සිල්වා කියනවා නැහැ නැහැ අපි එහෙම ප්‍රතිපත්තියක නැහැ කියලා. ඔහු තාම සංක්‍රාන්ති කාලයේ ඉන්නේ. ආයේ හරිනි කියනවා නැහැ නැහැ අපි නීතිගත කරන්නේ නැහැ ඒ සදහා වූ බාධාවන් නීති කිහිපයක් අයින් කරනවලු. ඒ වගේම දක්ෂිනාංශ ලිබරල්වාදය බොරුවට හරි බුදුදහමට ගරු කරනවා. හැබැයි වාමාංශික ලිබරල්වාදය ඒ ගැන මුකුත් නොකියා සද්ද නැතුව ඉන්නවා. දක්ෂිනාංශ ලිබරල්වාදය බොරුවට හරි දළදා මාලිගය වනදනාමාන කරනවා මල් වට්ටියක් අරගෙන ගිහින්. වාමාංශික ලිබරල්වාදය දළදා මාලිගය පැත්ත පළාතේ නොගිහින් ඉන්නවා. ඒක දැක්කාම නයාට අදුකොල වගේ. දැන් බෞද්ධ සංස්කෘතියට දක්ෂිනාංශ ලිබරල්වාදය එළිපිට පහර දෙන්නේ නැහැ. ඒ වගේම වාමාංශික භික්ෂුවක් කියනවා ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕන. බුදු හාමුදුරුවොත් ගණිකාවන් ඇසුරු කළා කියලා. නිවැරදි ලිංගිකත්වය හොදම මර්ගයලු. බුද්ධ වන්දනාව එපා. බෞද්ධ සංස්කෘතියට ගහනවා බෞද්ධ දර්ශනය රකිනවා කියමින්. බෞද්ධ සංස්කෘතිය නැතුව දර්ශනය තෝරා ගන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. ඒ නිසා මේ දෙක නිවුන් සහෝදරයෝ වගේ. බොරු විරෝධයක් එළිපිට පෙන්නුවාට ඇතුලෙන් තියෙන්නේ අන්තර්කාලින සමගියක්. තව එකක් තියෙනවා. දක්ෂිණාංශික ජාතිකවාදය. ඒක නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ ගොල්ලෝ දක්ෂිණාංශික ලිබරල්වාදයේ ප්‍රධානතම පෙරගමන්කරුවා වුන රනිල්ට අත උස්සන හින දේශපාලන දාසයන් බවට පත් වෙලා තියෙනවා. ඔවුන් රනිල් ගේන ඕන පනතකට අත උස්සන කුලීකරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙම ලිබරල්වාද දෙකටම විරුද්ධව ඇත්ත ජාතිකවාදී දේශපාලන ගමනක් යාම සදහා සර්ව ජන බලය සමග එකතු වෙන්න.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල

සමහරු බලාගෙන හිටියේ මෙවර මැතිවරණයෙන් ජාතික ව්‍යාපාරය වල දාලා මල බත කන්න. ජාතික ව්‍යාපාරය මරන්නත් බැහැ, මැරෙන්නෙත් නැහැ. අපි සැම එකතුවෙලා ඒක මරන්න දෙන්නෙත් නැහැ. මව්බිම ගිනිගන්නා විට මේ මව්බිම ගිනි තැබුවේ කවුදැයි සොයමින් එකිනෙකාට ඇගිලි දිගු කරනවා මිස මේ ගින්න නිවන්න උත්සහ කරන්නේ නැහැ. අද අපි එකතු වෙන්නේ ඒ විවේචන ගොන්නට අලුත් විවේචනයක් එකතු කරන්න නෙවේ. විසදුම කුමක්ද කියන හරවත් සංවාදය මේ සමාජය තුල ඇති කර ගැනීමටයි. අපේ අර්බුදයට හේතුව හරි සරලයි. එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ ආදායම වගේ දෙගුණයක් මුදල් වියදම් කරනවා. 2022 වසරේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අඩුම රටවල් හය අතරට ලංකාව එකතු වුනා. දැන් ණය ගෙවන්නත් ණය ගන්න නිසා අද අපි දැවැන්ත ඩොලර් අර්බුදයක හිරවෙලා ඉන්නවා. ඉතින් අපි බංකොලොත් වීම අහන්නත් දෙයක්ද. රට බංකොලොත් වෙලා වසර දෙකකට වැඩියි. අපේ මොන නායකයාද ඇවිත් කිවේ සිරි ලක දේ සිරි සැප දේ අපේ දේ කියලා. අපේ මොන නායකයාද ඇවිත් කිවේ හදන්න පුළුවන් හැමදේම අපි හදමු වවන්න පුළුවන් හැමදේම වවමු අපි මේ ප්‍රශ්නයෙන් ගොඩ යමු කියලා. අද හැමෝමටම ප්‍රශ්නයට උත්තරය හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ හේතුව අදුර ගන්න බැරි වුන නිසයි. දුකට හේතුව හොයා ගන්න බැරි වුනොත් දුකින් මිදීමේ මාර්ගය කාටවත් පාදගන්න බැරි වෙනවා. අද සමහර දේශපාලන බලවේග හිතාගෙන ඉන්නේ දුෂණය තමයි මේ අර්බුදයට හේතුව කියලා. දැවැන්ත දුෂණයක් ඇති අසල්වාසී ඉන්දියාව අද ලෝකයේ දැවැන්තම ආර්ථික වර්ධනයක් වාර්තා කරන රටවල් අතරට එකතු වෙලා. එහෙම නම් අපේ ප්‍රශ්නය දුෂණය නොවේ නම් මොකද්ද ප්‍රශ්නයට හේතුව කියන එක හොයා ගන්න තුරු කාටවත් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න වෙන්නේ නැහැ. අද මාලිමාවේ ජනාධිපති අපේකෂකයා නම් කරලා වසරකට වැඩියි. තවමත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට කියලා නැහැ. කියන්නේ නැහැ. කියන්න බැහැ. කිව්වට පස්සේ ජනතාව විවේචනය කරයි කියලා බයයි. තමන් හදන ප්‍රතිපත්ති ප්‍රකාශය විශ්වාස කරන්න ආත්ම විශ්වාසයක් නැති අයට ජාතියේ අනාගතය බාර දෙන්නේ කොහොමද. අපි දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලි දැක්වුවා. මෙය මත පදනම් වෙලා මාසයක් ඇතුළත අපේ උපායමාර්ගික වැඩපිළිවෙල ජනතාව ඉදිරියේ තබනවා. අනිත් බලවේග වගේ අපේ අදහසක් නැහැ ජනාධිපතිවරණයට සති දෙකක් තුනක් තියලා ප්‍රත්පත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා ජනතාවට අඩුවෙන් බලන්න සලස්වලා විවේචනවලින් පැනලා දුවන්න. අපිට වැරදුනා, හැබැයි අදුරට සාප කරමින් හිටියා ඇති. අපි දැන් පහන් දල්වන්න පටන් ගමු. අපි විවේචන කරමින් හිටියා ඇති. ධනවත් ඇමරිකාව තමයි ලෝකයේ මිනීමැරුම්වලින් අංක එක. ධනවත් ඇමරිකාව තමයි මත්ද්‍රව්‍ය භාවිතයෙන් අංක එක. ඒ නිසා තමයි අපි ජාතියට පොරොන්දු වෙන්නේ ආර්ථික සංවර්ධනයත් සමග තුලනාත්මකව ඉදිරියට යාම සදහා අප සමග එකතු වෙන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන

අපේ ජාතියට කවදාවත් නායකයින් නැති වුනේ නැහැ. නායකයින් හිටියා. හැබැයි දැන් ඊලග නායකයා කවුද කියන එක තමයි ජාතිය හමුවේ ඇති අභියෝගය. ඒ සදහා තමයි අපි මේ සර්වජන බලය ආරම්භ කළේ. ජාතික කදවුරු දෙක තුනක් තියෙන්න බැහැ. එකයි තියෙන්නේ. අද මේ ඉන්න නායකයින් දිහා බලලා කලපනා කරලා බලන්න අඩුම ගානේ වසර 20ක් ඔවුන් තමන්ගේ කදවුර වෙනස් කරන්නේ නැතුව එක දිගට කදවුර වෙනුවෙන් පෙනී සිටි මිනිස්සු. අනිත් අය සිග් සැග් ක්‍රමයට එහෙට මෙහෙට ගිය අය. බදියුර්දින් ඡන්ද ලක්ෂයක් තියාගෙන කේවල් කරනවා. තොන්ඩමන් මැතිතුමා ඡන්ද ලක්ෂ දෙකක් තියාගෙන කේවල් කරනවා. දිගම්බරම්ට ලක්ෂ 3ක් තියෙනවා. මේ රටේ ජාතික ව්‍යාපාරයට ලක්ෂ කියක් තියේද. අපි ඒ තරම් දුර්වල නැහැ. අපි නැගිටිනවා අළු ගසා දාලා. ඒකාන්ත වශයෙන්ම මේ රටේ ඊලග ජනාධිපති බිහි කරන්නෙත්, අගමැති බිහි කරන්නෙත් අපට ඕන කෙනයි. අපේකම සමග කාටවත් සෙල්ලම් කරන්න දෙන්න බැහැ. අපේ මිතුරන් සතුරන් කවුද කියලා අපි හොදට දන්නවා. සැලකිය යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපයේදී අප සමග එකතු වෙනවා. සර්වජන බලය සර්වජන වශියක්ම වේවා යැයි මම ප්‍රර්ථනා කරනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

ප්‍රධාන පුවත්

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.