News Category
From Date
To Date
Maximum Number of Result

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලදී ගැනීම ගැන නිශ්ශංක සේනාධිපති කියන්නේ අමූලික බොරු - නිශ්ශංක සේනාධිපතිට, චන්න ජයසුමනගෙන් දැඩි පිළිතුරක්

May 26, 2024 at 08:11 AM
|

චමුදිත සමරවික්‍රම මහතා, නිශ්ශංක සේනාධිපති මහතා සමග පවත්වන සාකච්ජාවක දී නිශ්ශංක සේනාධිපති මහතා පවසා ඇත්තේ  කොවිඩ් වසංගත සමයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත එක් මාත්‍රාවක් ලබා දී ඉතිරි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව තිබු බවත්, නොමිලේ එම එන්නත ලබා දීමට ඔහු ඉදිරිපත් වූවත් එවකට රජය ඒවා ලබා නොගත් බවත් ය.

එසේ නොමිලේ දුන් දේ ලබා නොගෙන කොමිස් ගැනීමේ අරමුණෙන් ඩොලර් 30 ට ඒවා පසුව මිලදී ගත් බවත් ඔහු සඳහන් කර තිබිණි.

එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ ඔහු විසින් කළ එම ප්‍රකාශය අමූලික බොරුවක් බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සඳහන් කරන චන්න ජයසුමන මහතා,

"චමුදිත සමරවික්‍රම, නිශ්ශංක සේනාධිපති සමග පවත්වන සාකච්ජාවක  වීඩියෝ පටයක් කිහිප දෙනකු මටද යොමු කර තිබිණි. එහි මගේ නමද සදහන් වන බැවින් පහත පැහැදිලි කිරීම සිදු කරමි.

සේනාධිපති මහතා පවසන්නේ කොවිඩ් වසංගත සමයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත එක් මාත්‍රාවක් ලබා දී ඉතිරි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව තිබු කාල වකවානුවේ නොමිලේ එම එන්නත ලබා දීමට ඔහු ඉදිරිපත් වූ බවත්, එවකට රජය ඒවා ලබා නොගත් බවත් එසේ නොමිලේ දුන් දේ ලබා නොගෙන කොමිස් ගැනීමේ අරමුණෙන් ඩොලර් 30 ට ඒවා පසුව මිලදී ගත් බවත්ය.

මෙය අමුලික බොරුවකි.

සේනාධිපති මහතා සැබවින්ම එම එන්නත නොමිලේ ලබා දීමට ඉදිරිපත් විය. ඒ නිකම්ම නොවේ. ඔහුම පවසන පරිදි ගනුදෙනුවක කොටසක් ලෙසයි. ඒ අනුව ඔහු විදේශ රටක සමාගමක් (තෙවැන් පාර්ශවයක්) ඔස්සේ ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලක්ෂ 10 ක් ලබා ගෙන ඉන් ලක්ෂ 7.5 ක් රජයට ලබා දෙයි. ඉතිරිය ඔහුගේ ව්‍යාපාරික කටයුත්තටය. සේනාධිපතිගේ ව්‍යාපාරික යෝජනාව වූයේ නැව්වල ගමන් ගන්නා නාවිකයන්ට කොවිඩ් එන්නත ලබාදීමයි. එම එන්නත ලබාදෙන මුහුදු සීමාව අයත් රට ඒ සඳහා වගකීම බාරගත යුතුය. එන්නත ලබාගත යුත්තේ සහ ලබාදිය යුත්තේ අදාල රටේ නීති රීති වලට එකඟවයි.

සේනාධිපති මහතා හැරෙන්නට තවත් පාර්ශව 14 ක් ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලබා දීමට මෙවැනි යෝජනා ඉදිරිපත් කළේය. අනෙක් අයගේ යෝජනාවල සදහන් වුයේ විවිධ රටවල තෙවැනි පාර්ශව ඔස්සේ ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලබා දිය හැකි බවයි. ඒ උදෙසා මිල ගණන්ද ඉදිරිපත් කර තිබිණි. මෙසේ එන්නත් ලබාදීමට ඉදිරිපත් වූ බොහෝ පාර්ශ්ව එම එන්නත් ලබා දෙනවා යැයි පැවසුවේ ඩුබායි හෝ නැගෙනහිර යුරෝපයේ සමාගම් හරහාය.

අප මේ සම්බන්ධයෙන් ඇස්ට්‍රාසෙනිකා මව් සමාගමෙන් විමසීමක් කළෙමු. ඔවුන් ප්‍රකාශ කළේ තුන්වෙනි පාර්ශවයක් හරහා ලබා ලබාගන්නා එන්නත්වලට කිසිදු වගකීමක් ලබාදිය නොහැකි බවයි. එපමණක් නොව එවැනි තෙවැනි පාර්ශවවලින් එන්නත් ලබා ගතහොත් මව් සමාගමෙන් එන්නත් ලබාදීම ගැන යළි සලකා බැලීමට සිදුවන බවද අපට දැනුම් දෙන ලදි.

මේ යෝජනා ගැන තීරණයක් ගැනීමට අපි ජනාධිපතිතුමන් සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වීමු.

ජනාධිපතිතුමන්ගේ අදහස  වූයේ රටේ ජනතාව උගසට තබන කිසිදු ව්‍යාපාරික කටයුත්තකට ඉඩ නොදිය යුතු බවයි. 

ඒ වන විටත්  විවිධ ආයතන ව්‍යාජ එන්නත් ලොව පුරා බෙදා හැර ඇති බව තොරතුරු ලැබෙමින් පැවතිණි. මේ නිසා ශ්‍රී ලංකාවට කවර හෝ කොවිඩ් එන්නත් ලබාගත යුත්තේ මව් සමාගමින් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩ පිළිවෙළ හරහා පමණක් බවට ජනාධිපතිවරයා ද ඇතුළුව අපි තීරණය කළෙමු. 

එදා අප ගත් නිවැරදි තීරණය නිසා කිසිදු ව්‍යාජ කොවිඩ් එන්නතක් අපේ රටේ ජනතාවට ලබා නොදුන් බවට සහතිකය අදට ද ලබා දිය හැකිය.

සේනාධිපතිගේ තුප්පහි ප්‍රකාශය එන්නේ ඊට පසුවයි. සේනාධිපති පවසන්නේ ඔහු නොමිලේ ලබාදීමට සූදානම් වූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා නොගෙන අප පසුව ඩොලර් 30කට එම එන්නත් ලබාගත් බවයි. ඉන් කොමිස් ලබාගත් බවයි. 

මේ අමූලික බොරුවකි. 

අපට අවශ්‍ය වූ  දෙවන මාත්‍රා ප්‍රමාණය ලබා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල හරහා ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙසයි.

කිසිදු අවස්ථාවක දෙවැනි මාත්‍රාව ලබාදීමට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලදී ගැනීමක් සිදු කළේ නැත. දෙවැනි මාත්‍රාව ලබාදුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශය කළ කාලය තුළයි. දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් මියගිය කෙනෙක් ගැන ද අපගේ දැනුවත්වීමක් නැත."


සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

ප්‍රධාන පුවත්

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.