ශ්‍රීලනිපයේ හිටපු මන්ත්‍රීලා දෙකක්, ජවිපෙ හිටපු මන්ත්‍රීවරයෙක් සජබ සමග එක්වෙයි
සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන ජනපවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිපදෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී එම පක්ෂය සමග එක්ව තිබේ.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඇමැති නන්දසේන හේරත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීමට සජබ සමග එක්විය.
1993 දී උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ හෙතෙම, 1994 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2001 වසරේ වෙළෙඳ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය.
එලෙසම ශ්‍රීලනිපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම මහවැලි සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකුද වන තිලක් මහලේකම්ගේද සජබ සමග එක්ව තිබේ.
1993 දී උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, වසර හතක් මින්නේරිය ආසනයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
මීට අමතරව පොළොන්නරුව මහ නගර සභාවේ බිඳුණුවැව කොට්ඨාසයෙන් ජනතා විමුක්ති පෙරමුණින් තේරී පත් වූ එකම හිටපු මන්ත්‍රීවරයා වන එච්.සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළකිරීම සඳහා සජබ හා එක්ව ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය