
විදේශ සේවයේ නව තනතුරු ඇමැති දූ පුතුන්ට ද?
ශ්‍රී ලංකා විදේශ සේවයේ දැනට පවතින තෙවැනි ලේකම් පුරප්පාඩුවලින් හරි අඩක් මැති ඇමැතිවරුන්ගේ දූ දරුවන්ගෙන් සැපිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කැබිනට් අනුමැතියක් අපේක්ෂාවෙන් පසුවන බව සති අග අරුණ වාර්තා කර තිබේ.
කිසිදු තරග විභාගයක් හෝ සම්මුඛ පරීක්ෂණයකින් තොරව මෙසේ රජයේ මැති ඇමැතිවරුන්ගේ දරුවන් බඳවා ගැනීමට යන්නේ විවෘත තරග විභාගයකින් ඉහළ සාමාර්ථ ලබාගත් අයැදුම්කරුවන් 117 දෙනෙක් සිටියදීය.
2021 .04. 09 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කළ දැන්වීමකට අනුව ශ්‍රී ලංකා විදේශ සේවයේ iii වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය හිමිකරගත් අයැදුම්කරුවන්ට අවස්ථාව ලබාදුන් අතර, අදියර දෙකකින් පැවති ලිඛිත පරීක්ෂණයකට මෙන්ම සම්මුඛ පරීක්ෂණයකටද මුහුණදීමට ඔවුන්ට සිදුවුහ. විභාගයේ දෙවැනි කොටසට මුහුණදීමට අවස්ථාව හිමිව තිබුණේ පළමු අදියර සමත්වූ විභාග අපේක්ෂකයන්ට පමණි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ මෙකී තරග විභාගයේදී පළමු අදියර ලෙස බුද්ධි පරීක්ෂණය සහ අවබෝධය ප්‍රශ්න පත්‍රයක්ද, දෙවැනි අදියර යටතේ ලෝක තතු 1 සහ 2 ද, සාරාංශකරණය මෙන්ම ඉහළ ඉංග්‍රීසි භාෂා පරිචයක් මැන බලන භාෂා ප්‍රවීණතා ප්‍රශ්න පත්‍රයකටද මුහුණදීමට එම අපේක්ෂකයන්ට සිදුවිය.
මෙම තරග විභාග ප්‍රතිථල මත 40 ක පිරිසක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අවසර දී තිබියදීත් විදේශ කටයුතු අමාත්‍යාංශය සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගෙන ඇත්තේ 20 ක පිරිසක් පමණි.
දැනටමත් විදේශ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පුරප්පාඩු 106 ක් තිබේ. සේවක හිඟය හේතුවෙන් ලොව පුරා මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල, හා කොන්සල් ජනරාල් කාර්යාලවල සේවා සැපයීම ගැටලුවක්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. එවැනි වාතාවරණයක් පවතිද්දී විභාගය සමත්වූ 117 කින් 20 දෙනකුට පමණක් පත්වීම් ලබාදීමට යන්නේ, සෙසු ප්‍රමාණයම අප්‍රකට මාර්ග ඔස්සේ සැපිරීමට දැයි සැක සහිත බවද විභාගය සමත් වූවෝ පවසති.
මැති ඇමැතිවරුන් තම දරුවන් විදේශ සේවයට යොමුකරන්නේ ඒ සඳහා ලැබෙන විශාල වැටුප ඇතුළු තවත් ආකර්ෂණීය දීමනා රැසක් නිසා බවත්, නවාතැන්, ප්‍රවාහන පහසුකම්, වීසා රහිතව ලෝකයේ ඕනෑම රටක සංචාරය කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක හිමිකම මෙන්ම විවිධ වරප්‍රසාද රැසක්ද හේතුවෙන්ය. මෙවැනි වරප්‍රසාද ලැබ විදේශ සේවයට එක්වන ඇමැති දූ පුතුන් එම රටවලදී විදේශ සරසවි අධ්‍යාපනයේ නියැළීම, පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සිදුකිරීම සහ විනෝද වීම මිස රට වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරේ නොයෙදෙන බවද ප්‍රකටය.
- උපුල් ගලප්පත්ති
- අරුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
