
ආර්ථික ප්‍රතිසංස්කරණ පනතේ සැබෑ අරමුණ ලාභ ලබන ආයෝජන කලාප 15ම ගජමිතුරු ජාවාරම්කාරයන්ට දීමයි - පුබුදු ජයගොඩ
ලංකාවේ දැනට පවතින ආයෝජන කලාප 15ම ලාභ ලබන බවත් ඒවා ගජමිතුරු ජාවාරම්කාරයන්ට දීලා ආදායම් මාර්ග හදන්න ආණ්ඩුව පනතක් ගෙනවිත් ඇති බවත් පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
ඊයේ (22 දා) නුගේගොඩ පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
"මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ ආර්ථික ප්‍රතිසංස්කරණ පනතේ සැබෑ අරමුණ ප්‍රතිගාමී සහ දූෂිත නඩයක් පිනවීම මිස රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම නෙවෙයි. මෙහිදී අපට පාර්ශව හතරක් දකින්න පුළුවන්. ඒ අයිඑම්එෆ් එක, ජනවරමක් නැති ආණ්ඩුව, ආණ්ඩුවේ ගජ මිතුරු ව්‍යාපාරික වළල්ල සහ කොළඹ ආශ්‍රිතව බුද්ධිමතුන් ලෙස පෙනී සිටින නව ලිබරල් කේවට්ටයෝ රොත්ත. මේ පනතෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඔක්කොම රටේ නීතිය බවට පත් කර තිබෙනවා. දැනට ලංකාවේ ආයෝජන කලාප 15ක් තියෙනවා. ඒ කලාප 15ම ලාභ ලබනවා. මේ හදන්නේ දැනට රජයට ලාභ සපයන කලාප ටික ගජ මිතුරු ජාවාරම්කාරයන්ට දීලා ඔවුන්ට ආදායම් මාර්ග හදන්න. අනෙක පෞද්ගලික අංශයට පවරලා ඒවායේ අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මේ කලාප 15න් 12කම ඉඩම්වලින් 90%ක් ආයෝජකයන්ට ව්‍යාපෘති සඳහා පවරලා අවසන්. මේ වනවිට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ 5 දෙනෙක්. මේ පනතෙන් පස්සේ කොමිසමකුයි, කලාප සඳහා ආයතනයකුයි, ආයෝජන කැඳවන සමාගමකුයි හැදුවාම ඒකේ ඉහළ තලයේ 25 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ඉහළ වැටුප්වලට උපදේශකයෝ ඕන තරම් ගන්න පුළුවන්. මේ කරන්නේ කොළඹ කේන්ද්‍රීය නව ලිබරල් කේවට්ටයෝ කල්ලියට ඉහළ වැටුප් දෙන රස්සා හදලා දීලා. ජනාධිපති ලේකම් කාර්යාලයේ හදන කමිටුවකින් මේ පනත් හදන්නේ, ඒවාට සම්බන්ධ වෙන යට හොඳට අස්වැන්න ලැබෙන නිසා. නමුත් මේ පනතින් අයිඑම්එෆ් කොන්දේසි රටේ නීතිය බවට පත් කරලා රටේ ආර්ථිකය විනාශ කරන, නිෂ්පාදකයා වළපල්ලට යවන පනතක්."
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
