ආර්ථික ප්‍රතිසංස්කරණ පනතේ සැබෑ අරමුණ ලාභ ලබන ආයෝජන කලාප 15ම ගජමිතුරු ජාවාරම්කාරයන්ට දීමයි - පුබුදු ජයගොඩ
ලංකාවේ දැනට පවතින ආයෝජන කලාප 15ම ලාභ ලබන බවත් ඒවා ගජමිතුරු ජාවාරම්කාරයන්ට දීලා ආදායම් මාර්ග හදන්න ආණ්ඩුව පනතක් ගෙනවිත් ඇති බවත් පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
ඊයේ (22 දා) නුගේගොඩ පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
"මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ ආර්ථික ප්‍රතිසංස්කරණ පනතේ සැබෑ අරමුණ ප්‍රතිගාමී සහ දූෂිත නඩයක් පිනවීම මිස රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම නෙවෙයි. මෙහිදී අපට පාර්ශව හතරක් දකින්න පුළුවන්. ඒ අයිඑම්එෆ් එක, ජනවරමක් නැති ආණ්ඩුව, ආණ්ඩුවේ ගජ මිතුරු ව්‍යාපාරික වළල්ල සහ කොළඹ ආශ්‍රිතව බුද්ධිමතුන් ලෙස පෙනී සිටින නව ලිබරල් කේවට්ටයෝ රොත්ත. මේ පනතෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඔක්කොම රටේ නීතිය බවට පත් කර තිබෙනවා. දැනට ලංකාවේ ආයෝජන කලාප 15ක් තියෙනවා. ඒ කලාප 15ම ලාභ ලබනවා. මේ හදන්නේ දැනට රජයට ලාභ සපයන කලාප ටික ගජ මිතුරු ජාවාරම්කාරයන්ට දීලා ඔවුන්ට ආදායම් මාර්ග හදන්න. අනෙක පෞද්ගලික අංශයට පවරලා ඒවායේ අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මේ කලාප 15න් 12කම ඉඩම්වලින් 90%ක් ආයෝජකයන්ට ව්‍යාපෘති සඳහා පවරලා අවසන්. මේ වනවිට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ 5 දෙනෙක්. මේ පනතෙන් පස්සේ කොමිසමකුයි, කලාප සඳහා ආයතනයකුයි, ආයෝජන කැඳවන සමාගමකුයි හැදුවාම ඒකේ ඉහළ තලයේ 25 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ඉහළ වැටුප්වලට උපදේශකයෝ ඕන තරම් ගන්න පුළුවන්. මේ කරන්නේ කොළඹ කේන්ද්‍රීය නව ලිබරල් කේවට්ටයෝ කල්ලියට ඉහළ වැටුප් දෙන රස්සා හදලා දීලා. ජනාධිපති ලේකම් කාර්යාලයේ හදන කමිටුවකින් මේ පනත් හදන්නේ, ඒවාට සම්බන්ධ වෙන යට හොඳට අස්වැන්න ලැබෙන නිසා. නමුත් මේ පනතින් අයිඑම්එෆ් කොන්දේසි රටේ නීතිය බවට පත් කරලා රටේ ආර්ථිකය විනාශ කරන, නිෂ්පාදකයා වළපල්ලට යවන පනතක්."
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය